IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


74 වන නිදහස වෙනුවෙන් සිරකරුවන් 197 ට නිදහස

(ඉන්දිකා රාමනායක)

74 වන ජාතික නිදහස් දිනයට  නිමිත්තෙන් හෙට (4)  දින  සිරකරුවන් 197  දෙනෙකුට ජනාධිපති  සමාව හිමිවන  බව බන්ධනාගර මුලස්ථානය පවසයි.

මහර බන්ධනාගාරයේ සිරකරුවන් 20ක්, කෑගල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18ක්, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17ක්, කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් 13ක්, බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, වාරියපොල බන්ධනාගාරයේ සිරකරුවන් 10ක්  වශයෙන්  මෙම පිරිසට නිදහස හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය  ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස්  චන්දන ඒකනායක මහතා පවසයි.

මෙලෙස  නිදහස  හිමිවන්නේ, දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිර දඬුවම් විදින සිරකරුවන් ද,  බන්ධනාගාරගතව සිර දඬුවම් විදින සිරකරුවන් අතරින් වයස අවුරුදු 65 ඉක්මවු සිරකරුවන්, නියම කර ඇති දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති සිරකරුවන් , මහාධිකරණයෙන් වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියමකළ  දින සිට  පෙබරවාරි 04 වැනි  දින දක්වා  එම දඩුවමෙන්  වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරු වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

තවද පෙබරවාරි මස   04  වැනි දින දක්වා සිර දඬුවම් විදින සිරකරුවන් හට ගෙවන ලද වසරකට හෝ  ඉන් කොටසකට දින 07ක් සමාවක්  හිමිවන බවද  මාධ්‍ය ප්‍රකාශකවරයා  වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (3)

74 වන නිදහස වෙනුවෙන් සිරකරුවන් 197 ට නිදහස

Bamunuarachchi Friday, 04 February 2022 03:39 PM

අල්පොන්සෝට නො චාන්ස් වගේ...!!!

:       0       0

අසංග Friday, 04 February 2022 04:17 PM

සර් රන්ජන් එක්ක තවම කේන්තියෙන් ඇත්තේ... මේ වෙලාවේ රන්ජන් ආවොත් ඇත්ත කතා කරන නිසා සර්ට පාඩුයි.

:       0       0

BamunuarachchiSunday, 06 February 2022 01:43 PM

ඇත්ත කතාව අල්පොන්සෝ හඬින්ම අපි ඇසුවා. ඔබ අල්පොන්සෝගේ කතා ඇසුවේ නැද්ද? අල්පොන්සෝගේ වළං හෝදන්නත් උසස් පොලිස් නිලධාරින් හිටියා. අනේ පව්..! මේ අල්පොන්සෝ ගෙවන්නේ දිට්ඨධම්මවේදනීය කර්මයක්....! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site