(ඉන්දිකා රාමනායක)
74 වැනි නිදහස් උත්සව නිමිත්තෙන් නාවික හමුදාව විසින් සම්ප්‍රදානුකූලව ජාතිය වෙත පිදෙන සම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය අද (4) දහවල් 12.00 ට නාවික නෞකා “ගජබාහු” නෞකාවේ දී සිදුකෙරිණි.
මෙතෙක් පැවති නිදහස් දින උත්සවයන් හිදි ජාතිය වෙනුවෙන් වෙඩි මුර උත්තමාචාර දැක් වුයේ කොළඹ ප්‍රදීපාගාරය අසල උත්තමාර පිරි නැමීම සදහා භාවිතා කරන අවි වලින් බවත්, මෙවර ප්‍රථම වතාවට නාවික හමුදාවේ විශාලතම යුද නෞකාව වන “ගජබාහු” නෞකාවේ සිට වෙඩි මුර උත්තමාචාරය පැවැත් වු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් මත ගජබාහු නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් මාලන් පෙරේරා ගේ මෙහෙයවීමෙන් වෙඩි මුර 25 ක් පවත්වා ජාතිය වෙනුවෙන් ආචාර පුද කළහ
මිලිමීටර් 47 විශ්කම්භයක් සහිත උත්මාචාර අවි 4 ක් භාවිතා කර මෙම වෙඩිමුර උත්තමාචාරය දැක්වීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
74 වැනි නිදහසට නාවික හමුදාවෙන් උත්තමාචාර වෙඩිමුර
පිටිගල මිලානෝ Friday, 04 February 2022 08:03 PM
ඩොලර් හිඟාකාලා කෑම, බෙහෙත් ගන්නේ නැතුව ගාම්භීරත්වයට වෙඩි පුච්චනවා. අපූරු දැක්ම...
රසික Saturday, 05 February 2022 11:42 AM
පෝට්සිටි නිසා නිදහස් උත්සවේට වෙනදා වගේ උත්තමාචාර පිරිනමන්නත් බෑ දැන් එහෙනම්... ප්‍රදීපාගාරේ ළඟ සවිකර තියෙන කාලතුවක්කු අකුලාගන්න කියලා චීනා කියලා වගේ...