(සුජිත් හේවාජුලිගේ )

2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව  ප්‍රතිඵල මත  2026 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු වටයේ අභියාචනා ඉදිරිපත් කිරීම 12  වැනිදා   සිට ලබන 25 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ  කළ හැක.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස පාසල් 3ක් සඳහා (උපරිම) අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.

එසේම  http://g6application.moe.gov.lk/#/ දිගුව ඔස්සේ සෘජුවම අභියාචනා යොමු කිරීමේ හැකියාවද   පවතින බව අමාත්‍යාංශය පවසයි.