(විමුක්ති එස් රුද්‍රිගු)
කොරියාවේ රැකියා සඳහා නියමිත දින පිටත් නොවීම හේතුවෙන් ඊයේ (23) කොරියාව බලා පිටත්වීමට නියමිතව සිටි ශ්‍රමිකයන් 48 දෙනාගේ රැකියා අවදානමට ලක් විය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසා ඇත.
දකුණු කොරියාව බලා ඊයේ (23) රාත්‍රී පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු.එල් 470 ගුවන් යානය කාර්මික දෝෂයක් හේතුවෙන් පැය 10 ක කාලයක් ප්‍රමාද වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී තිබේ.
මේ පිළිබඳ දකුණු කොරියානු මානව සම්පත් ආයතනය සමඟ සාකච්ඡා කර ඔවුන් ලබා දෙන නව දිනය එම ශ්‍රමිකයන් 48 දෙනාට දැනුම් දීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයන් හා ඔවුන්ගේ නෑදෑ හිතවතුන් එකතුව ගසා කෑ නිසා අලුතෙන් ගුවන් යානා ගැනීමට නොහැකි වුණා. ඒ නිසා මේ යානා අද මගමරුවන් වැනි තත්ත්වයකට පත්වෙලා. වාසනාවට යානය ගුවන්ගත කිරීමට පෙර කැඩුණේ. මේ දේ ගුවනේදී වුණානම්, ජීවිත කීයක් අනතුරේද? දැන් හෝ මේ කසිකබල් යල්පැනගිය අබලන් යානා සේවයෙන් ඉවත් කරන්න.
ඇයි අවසාන දිනය වන තෙක්ම නොයා සිටියේ. ඒක වැරදි...අඩුම තරමේ දිනයක්වත් කලින් විදේශ රටට හෝ දුර ස්ථානයට යා යුතුයි. පරිසරයට අනුගත වීම අත්‍යවශ්‍ය දෙයක්....