




















යුද හමුදා කමාන්ඩෝ බලකායට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සංදර්ශනයක් සහ ප්‍රදර්ශනයක් අද (08) කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි.
ගනේමුල්ලේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයට හලාවත, මහනුවර සහ ගාල්ලේ සිට පා ගමනින් පැමිණි කමාන්ඩෝ භටයින් සහ නිලධාරීන් අද (08) නැවතත් පා ගමනින් ගාලු මුවදොර පිටිය දක්වා පැමිණීමෙන් පසුව මෙම උත්සවය ආරම්භ කෙරිණි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහභාගී වූ අතර කමාන්ඩෝ රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
(ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටෙහි උදාර පුතුන්, ඔබට උත්තමාචාරය...
මේ කාලයේ වියදම් අඩු සැමරුමක් තිබුනා නම් තමයි රටට හොඳ.