IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


24 නාවොත් වැඩ වරදී

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලබන 24 වැනිදා පාර්ලිමේන්තු  රැස්වීමට  අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක  අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන්ට  ලිඛිතව දැනුම් දී ඇත

මහජන උපයෝගිතා කොමිෂන්  සභාවේ සභාපති ජනක රත්නායක මහතා  එම කොමිසමේ  සාමාජිකත්වයෙන් ඉවත් කිරීමේ යෝජනාව  සම්බන්ධයෙන් ඡන්ද විමසීම එදින පැවැත්වීමට නියමිතය.

එම ඡන්ද විමසීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් උපරිම ලෙස සහභාගී කරවීමේ අරමුණෙන් මේ තීරණය ගෙන ඇතැයි  ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය පවසයි.

එදින නොයන මන්ත්‍රීවරුන්ගෙන්  නිදහසට කරුණු විමසීමටද තීරණය කර ඇත

මේ කාලසීමාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විදේශ ගමන්ද තහනම් කර ඇත.



අදහස් (6)

24 නාවොත් වැඩ වරදී

Duppath purawesiyek Monday, 22 May 2023 11:17 AM

ජනකට විරුද්ධව චන්දය දුන්නොත් රණතුංග ඇතුළු සේරටම වැඩ වැරදියි සදහටම

:       8       43

fairoos Monday, 22 May 2023 12:49 PM

රටගැන හිතන අය ඉන්නවා නම් 24 පාර්ලිමේන්තුවට එන්නේ නැහැ... පොහොට්ටුවේ අයට නම් හෙණ වදිනවා මේ කරන අපරාධයට.

:       1       15

aravinda Monarawila Monday, 22 May 2023 02:09 PM

පාර්ලිමේන්තුවේ බහුතරය නැතිවුණාට පස්සේ ඔබලාගේ වැඩ වරදී...

:       1       11

Kazi Shajahan Monday, 22 May 2023 02:21 PM

ඇඳුමක් ඇඳගෙන ඇවිල්ලා කොහොමද ජනකට විරුද්ධව ඡන්දෙ දෙන්නේ.., තමන්ගේ පාක්ෂිකයන්ගේත්, ලයිට් බිලත් වැඩිවෙනවනේ. ඒ වගේම ඔහුට ලැබෙන්න තියෙන සහනයත් නැතිවෙනවනේ... ජනක පැරැද්දුවොත්...

:       0       8

don Monday, 22 May 2023 02:27 PM

මොහුව ඉවත් කරනවා කියන්නේ, මොවුන් ජනතාව කොල්ලකන්න මග පාදනවා කියන එක... මොහුව ඉවත් කරනවා නම් ඔය කියන මහජන කොමිසම විසුරුවා හැරලා ඒකෙ වැඩකරන ඔක්කොම ගෙදර යවපල්ලා.

:       0       9

ගමේ එකාලා Monday, 22 May 2023 03:38 PM

දූෂිත, බලලෝභී බඩගෝස්තරවාදි දේශපාලුවන්ට නම් වැඩ වරදී. කප්පම්කාරයෙක් කියන දේවල් කවුද ගණන් ගන්නේ...?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site