(අංජුල මහික වීරරත්න)
21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කවුරුන් හෝ අකමැති නම් එයින් පැහැදිලි වෙන්නේ ඔහුට හෝ ඇයට ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවේ තියාගන්න අවශ්‍යයි යන කාරණය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
කවුරුන් හෝ 21 සංශෝධනයට විරුද්ධ වන්නේ නම් ඒ ද්විත්ව පුරවැසියන්ගේ අවශ්‍යතාවය මතයැයි පැහැදිලි බවද විජයවර්ධන මහතා කීය.
ද්විත්ව පුරවැසියන් සමඟ ඩීල් තියෙන්නේ කාටදැයි කියා එහිදී ජනතාවට බලාගන්නට හැකි බවද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
21 වෙනි සංශෝධනයට සංශෝධන ඉදිරිපත් කරන්නට දේශපාලන පක්ෂ වලට අවස්ථාව තිබෙන බව කී විජයවර්ධන මහතා එසේ නොකර" අරයා කියපු එක නෑ ,මෙයා කියපු එක නෑ කියා අවස්ථාවෙන් පැන යන්න එපා යැයි ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යවස්ථාවේ 21 වන වගන්තිය සම්මත විය යුතුයි. අන්‍ය ජාතිකයින් අපව පාලනය කරා දැන් ඇති. රාජපක්ෂවරු හොඳටම ඇති. අපගේ රටේ පක්ෂ පාලනය එපා. හොඳට උගත් උපාධිධාරීන්, බුද්ධිමතුන් සිටිනවා හොඳින් රට පාලනය කිරීමට පුළුවන්. අපි ඔවුන්ට දැන් අවස්ථාව දෙමු. පිටරටවලට අපිව පාලනය කිරීමට ඉඩ නොදෙමු....
19, 20 හෝ 21 ගැන ජනතාව අහන්නේ නැහැ. කාටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නට වුවමනා වුණේ?