(අජන්ත කුමාර අගලකඩ)
දහනවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සහ විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සාධනීය ලක්ෂණ ගෙන විසිඑක්වැනි ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙන්වීමට කැබිනට් මණ්ඩලය ඊයේ (25) තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් ද පත් කරනු ලැබ ඇත.
විදේශ ඇමති මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවට ඇමතිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු ඇතුළත් වෙති.
නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසිනි .
දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර ,විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන ලෙසට අගමැතිවරයා එම යෝජනාවෙන් ඉල්ලා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd