IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


21ඉක්මනින් සම්මත කරන්න පක්ෂ නායකයෝ එකඟ වෙති

(අංජුල මහික වීරරත්න)

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මනින් සම්මත කළ යුතු බවට සර්ව පාක්ෂික නායකයින් පොදු එකඟතාවකට පැමිණි බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ  ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය දී පැවැත්වුණු අතර එහිදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.

මෙම රැස්වීමේ අරමුණ වූයේ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ට සිය නිරීක්ෂණ හා යෝජනා  ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීමයි. 

විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ නියෝජිතයන්  මෙම  රැස්වීමට සහභාගී  වූ අතර දෙමළ ජාතික සන්ධානයට මෙම  රැස්වීමට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන්ගේ  සහභාගීත්වයෙන් සමග ලබන සිකුරාදා (3) අවසන් රැස්වීමක් පවත්වා කෙටුම්පත අවසන් කිරීමට එම සාකච්ඡාවේදි   තීරණය විය.

මෙම සතිය ඇතුළත  කිසියම් පාර්ශ්වයකට වැඩිදුර පැහැදිලි කිරීම් ලබා ගැනීමට අවශ්‍ය නම් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳව කරුණු විමසීමට හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී නිවේදනය කළේය.



අදහස් (4)

21ඉක්මනින් සම්මත කරන්න පක්ෂ නායකයෝ එකඟ වෙති

AB Friday, 27 May 2022 08:57 PM

21 වැනි සංශෝධනය නොව හැකි ඉක්මණින් සියලු ශ්‍රී ලාංකිකයින් හට පිළිගත හැකි නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගෙනඑන්න. 17, 18, 19, 20, සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ සහයෝගය දුන් පිරිසම එම සංශෝධන වැරැදි බව කියමින් යළිත් නිවැරදි කිරීමට 21, හෝ 22 සම්මත කිරීමට දරන උත්සාහය පිළිබඳව ශ්‍රී ලාංකිකයින් සහ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලංකාව් දේශපාලනය පිළිබඳව දක්වන ආකල්පය ගැන සහ රට මෙතෙක් පාලනය කරන දේශපාලකයින් ගැන ප්‍රශ්න නොකරනු ඇතිද?

:       0       1

swene Saturday, 28 May 2022 05:59 AM

ව්‍යවස්ථාදායක සභාවේ දේශපාලන නියෝජිත ප්‍රමාණය අඩු කොට, රටට හොඳ සේවයක් කළ, උගත් සහ ලජ්ජා, බය ඇති අයගේ නියෝජනය වැඩිකළ යුතුයි..

:       0       0

Deepal Nirosh Saturday, 28 May 2022 08:29 AM

මේ මොන හදිස්සියක්ද? මේ වෙලාවේ ජනතාවට අවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණද? ආර්ථික ස්ථායිතාවයද? ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ඖෂධ හා අනිකුත් පාරිභෝගික භාණ්ඩ සාධාරණ මිලකට හිඟයකින් තොරව ලබා ගැනීමට පහසුකම් සැලසීමයි දැන් අත්‍යාවශ්‍ය... ඒක පැත්තක තියලා සුපුරුදු පරිදි තමබලය තහවුරු කර ගැනීමේ මෙහෙයුමකයි දැන් මේ රාජ්‍ය බලධාරින් නිරතව ඉන්නේ... කය බරවායට පිටිකර බෙහෙත් බඳින්නයි යන්නේ... අනෙක වත්මන් පාර්ලිමේන්තු සංයුතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිශෝධනයකට කොහෙත්ම සුදුසු නැහැ.

:       2       0

ලුකස් Saturday, 28 May 2022 08:06 PM

දිය නොකර හදන්න. නැත්නම් ඉඳුල් නාන්න වෙයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 333 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site