









(නිමල කොඩිතුවක්කු)
විසිවන සංශෝධනයට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු විපක්ෂ නායක කාර්යාලයේ සිට විරෝධතා රථ පෙළපාලියකින් අද(21) පාර්ලිමේන්තුව බලා පිටත්ව ගියහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයට අද පෙරවරු 8. 30ට පමණ රැස්වූ මන්ත්‍රීවරු “විනාශකාරී 20 එපා” යනුවෙන් විරෝධතා පටි පැළඳ රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුව බලා පිටත්ව ගියහ.
මෙම රථවාහන පෙළපාලිය සඳහා මහජනතාව සම්බන්ධ කර නොගැනීමට තීරණය කළ බවද සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අතේ විරෝධතා පටියක් ගැට ගසන අයුරු ඡායාරූපයක දැක්වේ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාව පට්ටියේ "සියලුම අම්බරුවන්ගේ" කසිකබල් තුට්ටු දෙකේ වාහන දකිනවිට කිසිවෙකුට කිව හැකිද අපේ රට මෙතරම් "පොහොසත්" රටක් කියලා.. බලන්න මේ අම්බරුවන් මොනතරක් කැපකිරීම් කරනවද මහජනතාවට සේවය කරන්න.
බහුබූත, දුප්පතුන්ට ආදරේටමයි මේවා කරන්නේ....
මේවා නිකන් විහිළු වැඩ... මෙයාලා හරිනම් ආණ්ඩුව 2/3 ක් ගනීවිද?
මේවට කියන්නේ සිනමා කියලයි..
20ට මෙයාලා වගකියන්න ඕනේ... ඒ ඇයි දන්නවද? මෙයාලා බලලෝභය නිසා, දෙකට කැඩුණු නිසා එයාලා 2/3ක් ගත්තා.. ඒ නිසා මෙයාලා මේ විනාශයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තෝ වෙයි...
විරෝධය දක්වන්න පළඳින්නේ කලු පටි නේද?
තෙල් පුච්චන්නේ නැතිව බස් දෙකක් අරගෙන යන්න තිබුණානේ.
2015දී අපි ලොකු වෙනසක් කරන්න තමයි ඡන්දෙ දුන්නේ. සාධාරණ සමාජයක් හදන්න. නමුත් මෙම පිරිසම තමයි එික විනාශ කළේ. අන්තිමට මිනිස්සු තීරණය කළේ පරණ හොරුටිකට ආයේ දෙන්න. ඒක නිසා මම නම් මේ කිසිම දේශපාලකයෙක් විශ්වාස කරන්නේ නැහැ.
හිට්ලර් පැලඳුවෙත් රතු පටියක්.
අනේ ඉතින් මේ වගේ මොලයක් තියෙන කෙනෙක් රටේ නායකයා වුනොත් රටට මොනවානම් වෙයිද.?
කව්රු කව්රුත් හැරිලත් බලාවි 20 එපා කියලා අමුඩයක් ගහගෙන ගියොත්. බවලත් උදවියත් කටට අතතියාලා කටවහගෙන හිනාවෙවී බලාවි.
කෝ , දෙශප්‍රේමී අමුඩෙ.... හම්බයෝ ගැලෙව්වා නේද?