(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
2024 පළමු කාර්තුවේ දී ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවන බවට තමාට විශ්වාසයක් ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
නියමිත වසර 5 පිරෙන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතැයි ජනාධිපතිවරයා පොහොට්ටුවට පොරොන්දුවක් ලබා දී ඇතත් ඔහුගේ ඒ පොරොන්දු ගැන විශ්වාසයක් තැබිය නොහැකි බව ද බණ්ඩාර මහතා සඳහන් කළේය.
මේ පාර්ලිමේන්තුව සමග ජනපතිට ඉදිරියට යාමට බැරි බව ද නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.
රටේ ආර්ථිකය බංකොලොත් වීමේ වැරැද්දට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරද පැවරූ මහින්ද මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ වැය ශීර්ෂ ඉවත් කරන්නැයි ද ඔවුන් රටේ ජනතාවගේ බදු මුදලින් පෝෂණය කළ යුතු නැතැයි ද නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඉතින් චන්දෙට ලැස්ති වෙන්නයි තියෙන්නේ ඔබතුමා දන්නා කියන ස්ප්රීතුවක් පෙරා ගෙන.
කරනවා නම් ඉතාම හොඳ වැඩක්... මේ අය ආණ්ඩුව තියනකන් රටට කිසිම සෙතක් නැහැ.
රනිල් කොහොමටවත් කාලය ඉකුත් වෙන්න ප්‍රථම පාර්ලිමේන්තුව විසුරවන්නේ නැහැ , ඔහු දන්නවා ඔහු එක කලොත් පත්වෙන අලුත් පාර්ලිමේන්තුව පළමු කාර්යය ලෙස දෝෂාභියෝගයක් ගෙනත් රනිල්ව බලයෙන් පහකරන බව , අනික් කරණය රනිල් යනු රාජපක්ෂ ඉත්තෙක් ඔහු කවදාවත් රාජපක්ෂලාට විරුධව 100% කටයුතු කලෙත් නැහැ ඉදිරියට කරන්නෙත් නැහැ
මහින්ද ...ගෝටාබය නඩත්තු කරන වැය ශීර්ශයට විරුද්ධව ජන්දෙ දෙන්න පාර්ලිමේන්තුවේ හිටියෙත් නෑ ....සජබේ නලීන් බන්ඩාරලා දැන් බයිල ගහනව ..