(නිමල කොඩිතුවක්කු)
රජයේ ක්‍රියා කලාපය හේතුවෙන් ආර්ථිකය තවත් කඩා වැටී ජනතාවගේ පීඩාව තවත් වැඩිවන අවුරුද්දක් බවට 2024 අවුරුද්ද පත්වනු ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
2024 අයවැයෙන් සහන රැසක් ලැබෙයි කියා ජනතාව බලාපොරොත්තුවන් සිටයත් අයවැයෙන් ලැබී තිබෙන්නේ සහන නොව අධික බදු බරක් බවත් මහලේකම්වරයා පැවසීය.
වැට් බද්ද සියයට 18 ක් දක්වා වැඩි කිරීමෙන් ජනවාරි පළමු වැනිදායින් පසුව සෑම ඉන්ධන ලීටරයක්ම රුපියල් 60 ත් 70 ත් අතර මුදලකින් වැඩි වීමට නියමිත බවත් ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ සියල්ලේම මිල සීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ එදා සජිත් වැඩේ බාර ගත්තා නම් එහෙම වෙන්නේ නෑනේ... රංජිත්...!
කරන්න දෙයක් නැහැ. නියම පටි තද කරගන්නයි වෙන්නේ දැන්. ආර්ථිකව වැටුණු රටවල් නැගිට්ටේ මෙහෙමයි. මෙහෙම කරන්නේ රජය තමන්ට ලබන මැතිවරණයේදී පරාජය අත්වෙන බව හොඳට දැනගෙන? ඒ රට හොඳ තැනක තියලා පරාදවෙන්න. Best ලුසර් වෙන්න. ඔහෙලා ගත්තත් කරන්න වෙන්නේ ඔය ටික. එකම වයින් වෙනත් බෝතලයක...!
ඉන්ධන සදහා 18% ක වැට් බද්දක් හා අනෙකුත් ඒවාට 3%ක වැඩිවීමක් සමග බද්ද 21% ක් වෙන්න පුළුවන් දැනටමත් භාණ්ඩ බොහොමයක් මිල ඉහළ ගණන් වලින් වැඩිකර තියෙනවා.ජනවාරියේ ඒකට 18% කලාම කොහොමත් උසුලාගන්න බැරි තරමින් උද්දමනය ඉහළ යාවි. ඒත් සියඹලා කිව්වෙ වැඩිවෙන්නෙ 2%කින් කියලා තමයි. ඊළඟ මැතිවරණ අවස්ථාවෙ රුවන්වැල්ලෙ මිනිස්සු මොනවා කරයිද බලමුකෝ
අපි කියන එකම අපිට කිය කිය ඉන්න නම් ඔතැනට යන්න ඕනෑ නෑනේ... විප්ලව වාදී විපක්ෂයක් නැති එකේ කරුමේ තමයි මේ ජනතාව ගෙවන්නේ...