IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


2022 ලක්ෂ තුනකට වඩා රට හැර ගිහින්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිපුරම පුරවැසියන් පිටරටවල ජීවත්වන රටවල් තුනෙන් එකක් බව සමගි ජන බලවේගයේ  මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී අද (6)පැවසීය.

ප්‍රතිශතයක් ලෙස ගත් කල ශ්‍රී ලංකාවට එම අගය ලැබෙන බව කී වික්‍රමරත්න මහතා විදේශ රැකියා ආයතන වලින් ලැබුණු දත්ත අනුව 2022 දී ලක්ෂ තුනකට වඩා රට අතහැර ගොස්  තිබෙන බව කීය.

ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට  හැරයාමේ ප්‍රවණතාවය පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එරාන් වික්‍රමරත්න මහතා මේ බව පැවසීය.

රටේ ආර්ථික අර්බුදය, බදු බර වෘත්තිකයන් මත පැටවීම නිසා වෘත්තිකයන් රට හැර යමින් සිටින අතර මේ හේතුව නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය දිනපතා ගැටළු වලට මුහුණ පාන බවත් පාලකයන් මේ ගැන උදාසීන බවක් පළ කිරීම නිසා  ගැටළු තවත් තීව්‍ර කෙරෙන බවත් සඳහන් කළේය.



අදහස් (5)

2022 ලක්ෂ තුනකට වඩා රට හැර ගිහින්

කිරිපුතා Friday, 06 October 2023 02:56 PM

උපන්දා ඉඳන්ම සුද්දගේ රටට කෙල ගිලගිල හිටපු මිනිසුන් කොහොමත් මව්බිම දාලා යනවා. ඔවුන් මෙරට හිටියත් රටට ආදරයක් නෑ. රැකියාවට ගිහින් රටට සල්ලි එවන රටට ආදරය කරන මිනිසුන් මේ ගොඩට දමන්න බෑ...

:       13       3

pakeer Friday, 06 October 2023 03:55 PM

කිරිපුතේ, ඔයාට නියම නම දාලා තියෙන්නේ... අනේ බන්... මේකෙ කවුද රටට ආදරේ? ඔයාද? නිකන් යන්න...! ඔබට වීසා ගන්න බැරිව ඇති... නැතිනම් ඔයත් ගිහින්...

:       0       10

Kiri puthage Thaththa Friday, 06 October 2023 04:04 PM

අනේ කිරිපුතේ, ඔයාගේ නමත් ග්‍රීන් කාඩ් ඇප්ලයි කරපු ලිසිට් එකේ තිබුණා..! 

:       0       4

Bamunuarachchi Friday, 06 October 2023 07:05 PM

ඉතින් මොකක්ද කරන්න කියන්නේ...? නොමිලේ උසස් අධ්‍යාපනය දෙන්න එපා. ඒ දුන්නු නිසා නේද හිතට අමාරු...? නීතිඥයින් බිහි කිරීමට ජනතාවගේ බදූ මුදල් වැය කිරීමෙන් ජනතාවට සෙතක් තිබෙනවද?

:       0       3

chandima Saturday, 07 October 2023 02:23 AM

එතුමාට වුණා වගේ ඇති... ඉස්සර ඔහොම ගියේ මැති ඇමැතිවරුන්ගේ පවුල්වල ළමයිනුයි, ලොකු ලොක්කන්ගේ ළමයිනුයි විතරයිනේ. දැන් මේ ගමේ කොල්ලො කෙල්ලෝ යන එක ඇහේ කටු අනිනවා වගේ නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site