IMG-LOGO

2023 ජුනි මස 07 වන බදාදා


19-ප්ලස් හඳුන්වාදීමට යයි

(නිමල කොඩිතුවක්කු)

දහනම වන ව්‍යවස්ථා සංශෝධනය ඇති සාධනීය ලක්ෂණ තවදුරටත් ඉදිරියට ගෙන යමින් 19 ප්ලස් හඳුන්වාදීමට ඉදිරියේදි කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර  මහතා කොළඹදී අද(08) පැවසීය.
 
රටේ ජාතික ආරක්ෂාව මුල්කරගනිමින් ස්වාධීන කොමිෂන් සභා තවදුරටත් බලාත්මක කර එහි තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී  සංකල්පය ඉදිරියට ගෙන යමින් රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය  ශක්තිමත් කිරීමට සමගි ජනබලවේගය  පක්ෂයක් ලෙස ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
 
ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර  මහතා මෙසේද කීවේය.
 
“ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැත්තක දාලා 20 වන ව්‍යවස්ථාව හඳුන්වාදීම රට ම්ලේච්ජත්වයක් ඒකාධිපතිත්වයක් කරා ගෙන ගෙනයන ගමනක් විදියට අපි හඳුන්වා දෙනවා. දහ නමයෙන් ස්වාධීන කොමිෂන් සභාවලට බලය දීලා, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ශක්තිමත් කරලා තියෙද්දි නැවතත් විසිවන සංශෝධනය මගින් රට ආපස්සට ගෙන යාමට මේ අය උත්සාහ කරනවා. සමගි ජනබලවේගය විදිහට අපි මේ විසිවන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ඒ වගේම රටට අහිතකර ඒ ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමටත් අපි පියවර ගන්නවා.
 
ඒ වගේම පක්ෂයක් විදිහට අපි 19 පලස් කියලා දහනම වන ව්‍යවස්ථා සංශෝධනය තියෙන සාධනීය ලක්ෂණ තව දුරටත් ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා.  රටේ ජාතික ආරක්ෂාව මුල්කරගෙන, ස්වාධීන කොමිෂන් සභා තවදුරටත් බලාත්මක කරලා මේ තියෙන සංකල්පය තව තව දුරටත් ඉදිරියට ගෙන යාමට පක්ෂයක් විදිහට අපි ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තියෙනවා.
 
සියලු නඩු කටයුතු වලින් නිදහස් කරමින් ජනාධිපතිවරයාට  ජනාධිපති මුක්තිය ලබාදී තිබෙනවා. නඩු දාන්නෙ හෝ නඩු වැටෙන්නෙ වැරදි කරන පුද්ගලයන්ට. එතකොට වර්තමාන ජනාධිපතිවරයාට හා ඉදිරියේදී පත්වන ඕනෑම ජනාධිපතිවරයෙකුට වැරදි වැඩ කරන්න මිනී මරන්න ඕන දෙයක් කරන්න අවශ්‍ය නිදහස තමයි මේ ලබාදීලා තියෙන්නේ.  එය  විසිවන සංශෝධනයේ  ප්‍රධාන වැරැද්දක් විදිහට අපි දකිනවා.
 
රටේ ජනතාව මේ ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් ලබා දුන්නේ ජනාධිපතිවරයාට ඕනෑම වැරැද්දක් කරල නිදහසේ ඉන්න ද කියලා අපි අහනවා.ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ විගණන කොමිෂන් සභාව අහෝසි කරලා තියෙනවා. රජයේ නිලධාරීන්ටත් ඇමතිවරුන්ටත් හිතුමතයට හොරකම් කරන්න පාර විවර කිරීමක් විදියට අපි මේක දකිනවා.
 
මේ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරලා පොලීසිය අධිකරණය රාජ්‍ය නිලධාරීන් තමන්ට ඕන ඕන විදියට විදියට එහෙට මෙහෙට නටවලා මේ කරන හදන නාඩගමට මට රටේ සියලු ජනතාව විරෝධය පළ කළ යුතුයි. මේ  ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් දීපු ජනතාවගෙන් අපි අහනවා ඔබ පැතූ වෙනස මේකද කියලා.
 
කොමිෂන් සභා මගින් යම්කිසි පාලිත තත්ත්වයක් යටතේ තිබියදීත් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනවා. මරණ දඬුවමට නියම වෙලා තියෙනවා නම් ඔහු ඡන්දය දැමීමටවත් සුදුසු කෙනෙක් නෙමෙයි කියලා ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා.
 
මරණ දණ්ඩනයක් නෙමේ මාස හයකට වැඩි දඬුවමකට ලක් වෙලා තියෙන කිසි කෙනෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න බැහැ. ඕනෑම මිනී මැරුමක්, ස්ත්‍රී දූෂණයක් ඇතුලු ඕනෑම  අපරාධයක් සිදු කරපු අයකුට පාර්ලිමේන්තු එන්න අවස්ථාව තියෙනවා කියන නරක පූර්වාදර්ශ තමයි කතානායකවරයා මේ ලබා දෙන්නේ.
 
නඩුවක් තියෙනවානම්  රාජ්‍ය  සේවයටත් එන්න බැහැ. රටේ නීති හදන උත්තරීතර තැනට මෙහෙම එන්න කතානායකවරයා ඉඩ දෙනවාද කියන එක පිළිබඳ අපට ගැටලුවක් තියෙනවා. මේ පිළිබඳවත් රටේ ජනතාවගේ අවධානය යොමුවිය යුතුයි” යැයද මනූෂ නානායක්කාර  මහතා පැවසීය.



අදහස් (2)

19-ප්ලස් හඳුන්වාදීමට යයි

Bamunuarachchi Tuesday, 08 September 2020 12:49 PM

ඡන්දෙවත් දිනාගන්න බැරිවුණු මේ අය කොහේද ප්ලස් අනුමත කරගන්නේ? ආසන 54ක් තියාගෙන මොන කෙංගෙඩියක් කරන්නද හලෝ?

:       0       0

විජේ Wednesday, 09 September 2020 10:12 AM

නිවේදන කටයුත්තක් කරගෙන පීචං නොවී ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සූරියවැව ප්‍රා.සභාවේ ලේකම් අල්ලසට යටවේ
2023 ජුනි මස 07 65 0

සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා රුපියල් 50,000ක අල්ලසක් ගනිද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


‘‘පොන්නම්බලන් අත්අඩංගුවට ගන්නා බව දැනුම් දුන්නා‘‘
2023 ජුනි මස 07 51 0

කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසියේ ප්‍රධානීන් තමාට කල් තියා දැනුම් දුන්නේ යැයිද පොලීසියේ රාජකාරි කටයුතුවලට බ


ඩුබායි සිට ආ මවට-දුවට වදුරු උණ
2023 ජුනි මස 07 153 0

වදුරු උණ හෙවත් මංකි පොක්ස් වයිරසය වැළදුණ රෝගීන් දෙදෙනකු අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයෙක් පැවැසීය.


මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට
2023 ජුනි මස 07 1059 9

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්


පළාත් රැසකට තද වැසි
2023 ජුනි මස 07 237 0

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ක


ගම්පහ රෝහලට එන රෝගීන්ට සුව පහසුවට තැනක්
2023 ජුනි මස 07 77 0

ගම්පහ රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන්ට සුව පහසුවට රැඳී සිටීමට හැකි වන අනන්දමට ‘රයිනෝ රූෆිං ප්‍රඩක්ට්’ සමාගම විසින් ඉදිකළ පරීශ්‍රය පසුගියදා විවෘත කෙරි


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 259 1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 1441 2
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 776 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site