(මහින්ද නිශ්ශංක)
මාර්ග අංක 174 කොට්ටාව , බොරැල්ල හා 235 කොට්ටාව , ගල්කිස්ස පෞද්ගලික බස්රථ වර්ජනය අවසන් කළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.
මගීන්ගේ ඉල්ලීම් අනුව පිලියන්දල සිට පිටකොටුව දක්වා සුඛෝපභෝගී බස් රථයක් ධාවනයට යෙදවීමට විරෝධය දක්වා ඉකුත් 19දා ආරම්භ කළ මෙම බස් වර්ජනය ඊයේ 22 ඔවුන් විසින්ම
අවසන් කර ධාවනයෙ යෙදුණු බව ද අධිකාරියේ උසස් නිලධාරියකු කීහ.
ටෙන්ඩර් ක්‍රමවේදය යටතේ මගීන්ගේ පහසුව සඳහා ධාවනය ට යෙදවූ මෙම සුඛෝපභෝගී බස් රථය කිසිම හේතුවක් මත ඉවත් නොකරන බව ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා ප්‍රකාශ කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය තදින් සිටිය යුතුයි
මාර්ග අංකය 255 කොට්ටාව, ගල්කිස්ස ලෙස වෙනස් විය යුතුය. ඇත්තටම එක සුඛෝපබෝගී බස් රථයක් පමණක් සේවයේ යෙදවීම ප්‍රායෝගික නැහැ. අඩුම ගණනේ බස් රථ තුනක් හෝ හතරක් එම මාර්ගයට දැමීමට හැකි නම් එය එම මාර්ගය භාවිතා කරන මගීන්ට මෙන්ම, එම බස් රථ වල අයිතිකරුවන්ට එම සේවය නිසි ආකාරයෙන් දිගටම පවත්වාගෙන යාමටද එය මහත් රුකුලක් වෙනු ඇත. උදාහරණයක් ලෙස උදෑසන 6.00, 6.30, 7.00 සහ 7.30 ලෙස පිළියන්දලින් පිටකොටුව බලා පිටත්වීමට සහ පස්වරු 1.30 (පාසල් ළමුන් සහ ගුරුවරුන්ට යාමට ), සවස 4.00, 4.30, 5.00, 5.30 ලෙස පිටකොටුවෙන් නැවත පිළියන්දල බලා පිටත් වීමට බස් රථ යෙදවිය හැකි නම්, එය ඉතාමත් අගනා කටයුත්තකි.
කොට කොටා යන 174 බස්....