IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


17 වැනි වසරටත් ‘වඩාත්ම ගෞරවණීය බැංකුව’ කොමර්ෂල්

සුප්‍රකට LMD සඟරාව විසින් මෙරට වඩාත් ගෞරවණීය ආයතන තෝරා ගැනීම සඳහා වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයට අනුව පිට පිටම 17 වැනි වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස 2021 වසරේ දී කොමර්ෂල් බැංකුව තෝරගෙන තිබේ.

කොමර්ෂල් බැංකුව 2005 වසරේ මෙම වර්ගීකරණය ආරම්භ කළ දා පටන් මේ දක්වා සෑම වසරකම ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය ආයතන පහ අතරට පැමිණීමට සමත්ව ඇත. 2021 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය ව්‍යාපාර ලැයිස්තුවට විවිධාංගීකරණය වූ සමාගම්, ඇඟලුම් මෙන්ම විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් සහ ජාත්‍යන්තරව වඩාත් ප්‍රසිද්ධියට පත් වූ බහු ජාතික සමාගම් ඇතුළත් විය.

LMD සඟරාව විසින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය ආයතන’ තෝරා ගැනීමේ දී කරුණු 10 ක් කෙරෙහි අවධානය යොමුකරන අතර මූල්‍ය කාර්ය සාධනය, අවංකත්වය, ගුණාත්මකභාවය, කළමනාකරණ කළඹ, ධෛර්යවන්තභාවය, ආයතනික සංස්කෘතිය, දැක්ම, නවෝත්පාදනය, ආයතනික සමාජ වගකීම සහ ජාතික හැඟීම එම කරුණු අතරට අයත් වේ. මෙම කරුණු 10 ට අමතරව මෙවර අලුතෙන්ම ‘මානව සම්පත් සහ පිරිස් කළමනාකරණය’ සහ ‘අර්බුද කළමනාකරණය’ යන කරුණු දෙක ද ඇතුළත් කර ඇත.

මෙම කරුණු 12 අතුරින් හතකට අනුව කොමර්ෂල් බැංකුව මෙරට ආයතනික අංශයේ ප්‍රමුඛතම සමාගම් 10 අතරට 2021 වසරේ දී වර්ගීකරණය කර තිබෙන අතර මූල්‍ය කාර්ය සාධනය, ආයතනික සමාජ වගකීම සහ තිරසාරත්වය මෙන්ම අර්බුද කළමනාකරණයට අනුව ශ්‍රී ලංකාවේ ඉහළම වර්ගීකරණය ලබාගත් බැංකුව බවට ද පත්ව තිබේ.

 



අදහස් (0)

17 වැනි වසරටත් ‘වඩාත්ම ගෞරවණීය බැංකුව’ කොමර්ෂල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 359 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 102 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 790 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site