
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිවස ඉදිරිපිට නතර කර තිබූ මෝටර් රථයක් තුල පැය තුනකට අධික කාලයක් සිරවී සිටී 17 හැවිරිදි සිසුවකු මෝටර් රථයෙන් එළියට ගෙන රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පිලියන්දල පොලිසිය කියයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පිළියන්දල මාම්පේ ජයමාවත පදිංචිව සිටි ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ දොළොස්වන වසරේ ඉගෙනුම ලැබූ මදම්පෙරුම ආරච්චිගේ සඳුන් නින්සර සිසුවෙකි.
මියගිය සිසුවාගේ මව අනෙක් නිවුන් දරුවා සමග ජයවර්ධනපුර රෝහලට ගොස් ඇති අතර වැඩිමල් සහෝදරිය හා පියාද රැකියාවට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය වූ දින නිවසේ සිට ඇත්තේ මියගිය දරුවා පමණක් බවත් පොලිසිය කියයි. දහවල් යාබද නිවසක පදිංචි පාසලේ මිතුරකු නිවසට පැමිණ ඇති අත පසුව එස මෙම සිසුවා කෙටි සටහන් ටික ඇති බව පවසා මම දවල්ට එන්නම් පාඩම් කරන්න ගොස් ඇත.
පසුව එම යාළුවා දවල් 2.45ක් පමණ නිවසට පැමිණීමේ දී නිවසේ ඉදිරිපස ගේට්ටුව වසා තිබී ඇති අතර නිවසේ දොර විවෘත කර තිබූ හෙයින් නිවස තුලට ගොස් කාමරය තුල සොයා බැලීමේදී රූපවාහිනිය ක්‍රියාත්මක හා විදුලි පංකාව ද ක්‍රියාත්මකව තිබී ඇතැයි සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලීසිය සඳහන් කරයි
නිවෙසේ සෑමතැනමක ඔහු සොයා බැලුවද නොසිටීම හේතුවෙන් අවට පදිංචිකරුවන්ට ද පවසා සිසුවා සොයා ඇති අතර පසුව පියාට ද දුරකථන ඇමතුමක් ලබාදී පැවසීමෙන් අනතුරුව පියාද නිවසට පැමිණ දරුවා සොයමින් සිටියදී මෝටර් රථයේ ඉදිරිපස වම් පස අසුනේ දොරට හේත්තු වී ඒ තුළ සිහි විසඥව වැටී සිටින අයුරු දැක තිබූ බව පොලිසිය කියයි
සිසුවා ගේ පාද දෙක රියැදුරු අසුන මත තිබී ඇතැයි පොලිසිය කියයි
ඒ වන විට මෝටර් රථයේ සියලුම දොරවල් ස්වයංක්‍රීයව වැසි තිබී ඇතැයි පොලිසිය කියයි
වහා ක්‍රියාත්මක වූ පියා යකඩ ඉන්නක් ගෙන වීදුරු කැඩීම උත්සාහ කළ ද එය ව්‍යවර්ථ වීම හේතුවෙන් මෝටර් රථයේ යතුර මතක් වී දොර විවෘත කර ඇතැයි පොලිසිය කියයි
එම අවස්ථාවේදී සිසුවා ගේ මුවින් සෙම වැගිරී ඇති අතර අදික ලෙස දහඩිය ශරීරය පුරා තිබී ඇති අතර සිරුර අධික රස්නයෙන් යුතු ව තිබී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි
පසුව සිසුවා වහාම පිලියන්දල දිසා රෝහල වෙත රැගෙන ගොස් මූලික ප්‍රතිකාර ලබාදී කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ 1 සවස මියගොස් තිබූ බව පොලිසිය කියයි


COMMENTS
මොන විදියට ස්වයංක්‍රීයව දොරවල් ලොක් වුණත් ඇතුලෙන් ඇරියාම දොර ඇරෙනවා... හැබැයි පිටිපස්සේ දොරවල් ඇතුලෙන් අරින්න බැරි විදියට ලොක්කරලා තිබුණොත් බෑ. ඒ වුණත් ඩ්‍රයිවර් සීට් එක පැත්තෙන් අරින්න පුළුවන්.... මේ ළමයා 11වැනි පන්තියේ නම් මේවා දැන නොගෙන ඉන්නේ කොහොමද? අසනීපයක් හරි වෙන සීන් එකක් වෙන්න ඕනේ...
මෙම කතාව පිළිගන්න අමාරුයි... වාහනයේ දොර ඇරගෙන ඇතුළට ගියානම් එළියට එන්න බැරිවුනේ ඇයි? අපි වාහනය ගනෙනවිට අපේ පුතාටත් 17යි. නමුත් වාහනය ගෙනා දිනට පසුදා මම නිවසේ නොමැති වෙලාවේ වාහනය පදවා තිබුනේ කිසිම පුහුණුවක් නැතුව... එහෙම කරලා තිබුණේ පාසල් යද්දී පාසල් වෑන් එක පදවන ආකාරය දැක පුරුදු හින්දා... එහෙනම් ගෙදර වාහනයක් තිබුණා. මේ දරුවාට මොකද වුනේ..?
අනිවාර්යයෙන්ම 17 ළමයෙකුට ඕකෙන් එළියට එන්න බැරි වුණා කියන එක පිළිගන්න අමාරුයි. ඇතුළට ගියානම් ලොක් කරගන්න ඇත්තේ... මේ ළමයමනේ.
මමත් ඉහත දක්වා ඇති අදහස අනුමත කරනවා. සමහරවිට ළමයාට මීමැස්මොර වැනි රෝගී තත්වයක් හෝ සිහි නැතිවීමක් වුණා වෙන්න පුළුවන්...
මේක වෙනත් සිදුවීමක්. වයස 17 ක පිරිමි ළමයෙක් මේ විදිහට මැරෙන්න බෑ. එයාට වෙන ලෙඩක් තිබුණාද දන්නේ නෑ...?
වාහනයේ යතුර එළියේ තිබුණා නම් එයා ඇතුළට ගියේ කොහොමද? මට නම් හිතෙන්නේ ඔය ළමයා වීදුරුව කඩන් එනවා අනිවාර්යයෙන්ම.. එහෙම නැතිනම් වාහනේ AC දාගෙන ඉන්න ඇති.. සයිලන්සර් දුම ඇතුළට ඇවිත් කාබන් මොනොක්සයිඩ් වැදුණොත් මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. වාහන ඇතුළේ AC දාගෙන ඉන්න එකේදී ඔක්සිජන් සම්බන්ධවත් සයිලන්සර් දුම කාන්දු වීමක් සම්බන්ධවත් සැලකිලිමත් විය යුතුයි.