
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ පියදාස සමරවීර)
බොරැල්ල ඩි එස් සේනානායක මාවතේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක 14 වන මහලින් පහළට වැටීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ පදවිය බෝගස්වැව අරුණගම අංක 63 ලිපිනයේ පදිංචිව සිටි හේරත් මුදියන්සේලාගේ නලින් සම්පත් ප්‍රේමරත්න නමැති 24 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා තට්ටු 18 කින් යුත් ඉඳිකරමින් පවතින නිවසේ 14 වෙනි මහලේ පෙදෙරේරුවකු සඳහා අත් උදව් දෙමින් සිටියදී පය ලිස්සා පහළට වැටී මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සෝචනීය මරණයක් .සේවක ආරක්ෂක විදිවිදාන අදාළ ඉදිකිරීම් ආයතනයෙන් හරියට පවත්වාගෙන ගියා දැයි සොයා බැලිය යුතුයි .පව් ඔහුගෙන් යැපෙන අහිංසක පවුලක් අමාරුවේ .ඔහුට නිවන් සුව පතමි