IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා

 

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ දී පැවසීය.

සියලු ජන කොටස්වලට අයත් ජනතාවගේ ප්‍රශ්න විසඳමින් සියලුදෙනා එකට ජීවත් වන ‍රටක් ගොඩනැඟීම වෙනුවෙන් සමාජ සාධාරණත්ව කොමසම ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (15) පස්වරුවේ යාපනය දුර්ගා ශාලාවේ පැවති ජාතික තෛපොංගල් උත්සවය අමතමිනි.

නල්ලුර් ශිවම් කෝවිලේ පැවති තෛපොංගල් චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු ජනාධිපතිවරයා ජාතික තෛ‍පොංගල් උත්සවයට එක් විය.

දෙමළ සංස්කෘතික පෙරහැරකින් උත්සව භූමිය වෙත කැඳවාගෙන එනු ලැබූ ජනාධිපතිවරයා හින්දු චාරිත්‍රාණුකූලව පිළිගැනිණි. විචිත්‍ර දමිළ සංස්කෘතිකාංග කිහිපයකින් ද උත්සවය වර්ණවත් විය.

 



අදහස් (9)

13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා

මැක්ස් Sunday, 15 January 2023 10:02 PM

රටේ ඒකීය භාවය තීරණාත්මක ඉසව්වකට රැගෙන යන 13 සංශෝධනය වැනි කටයුත්තක් ක්‍රියාත්මක කිරීමට ඔබට ජනවරමක් තිබේ ද? සුමන්තිරන්, විග්නේශ්වරන් පන්නයේ දෙමළ ජාතිවාදී සටකපට දේශපාලකයන් සැනසීම වෙනුවෙන් කටයුතු නොකර ඔබ භාර ගත කාර්යය - රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට - කටයුතු කරන්න.

:       1       0

Lal Sunday, 15 January 2023 10:28 PM

ඔබට පමණයි මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් ජනාධිපතිතුමනි.....

:       0       1

vinivida Sunday, 15 January 2023 10:44 PM

පළත් 9ය වෙනුවෙන් කැබිනෙට් ඇමතිවරු 9ක් පත්කර පලත්සබා වගකීම ඔහු යට තට පත්කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට දේශපාලකයන් නොමැති සිවිල් පරිපාලනයකින් කල නොහැකිද ?

:       0       1

ලංකාපුත්‍ර Monday, 16 January 2023 04:55 AM

ක්‍රියාත්මක කරන්න කලින් 13වැනි ව්‍යවස්ථා සංශෝධනට ජනතාවගේ කැමැත්ත අකමැත්ත ගැන ජනමතය විමසීම කරන්න ඕන එම ව්‍යවස්ථා සංශෝධනය කලේ ලංකාවෙ සංවර්ධනය නොරිස්සූ රජිව් ගාන්ධිගේ අවශ්‍යතාව අනුව මිස වෙනත් හේතුවකට නොවෙයි ඒ වෙලාවෙ කිව්වෙ නම් එය ජනමතයකින් සම්මත වියයුතුය කියලා ලංකාවට අනවශ්‍ය පළාත් සභා සම්පූර්ණයෙන්ම අහෝසි නොකරන්නේ නම් අනිවාර්යයෙන් පළාත් සභා ගැන ජනතා මතය විමසීම කලයුතුය

:       1       0

ranjith Monday, 16 January 2023 05:52 AM

ඔය වගේ තීරණ ගන්න ජනතාවරමක් ලැබිලා තියෙනවද.?

:       1       0

sampath Monday, 16 January 2023 06:01 AM

13 සම්පුර්ණ ක්‍රියාත්මක කරන්න කවදාවත් ජනවරමක් කාටවත් ලැබිලා නැහැ .

:       1       0

S.H.Liyanage Monday, 16 January 2023 08:28 AM

මුළු රටම ලිබියාව, සිරියාව, ඇෆ්ගන්ස්ථානය, ලෙබනනය මෙන් අරාජික කරන්න හොඳ උත්සහයක්.

:       1       1

Dharmatileke Monday, 16 January 2023 11:16 AM

බොරුව සහ අත්හදා බැලීම් රනිල්ගේ තුරුම්පු කොල, රැවටෙන්න එපා.

:       1       1

Bamunuarachchi Monday, 16 January 2023 11:28 AM

ඔන්න සිංහලයාට කෙළවෙන තැන ප්‍රබාකරන්ට රටෙන් 2/5 ක් ISGA ගිවිසුම ගහල දෙන්න ගිය මිනිහට 13 දෙන එක සුලුවැඩක්. වෙහෙර ගිල්ල එකාට අග්ගලාවක් දෙයක්ද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site