(සුමිත් පොතුපිටිය)
අවුරුදු 13ක් වයසැති පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අපයෝජයක් සිදුකිරීම සම්බන්දයෙන් සිවුරු දරාගත් දෙදෙනෙකු අද (27) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව මතුගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නවුත්තුඩුව යටදොල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය කීය.
ලද පැමිණිල්ලක් මත, ළමා හා කාන්තා කාර්යාංශය ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමමාලී මහත්මිය විසින් සැකකාර දෙනම අත්අඩංගුවට ගෙන තිබේ.
අපයෝජනයට ලක්වූ පිරිමි ළමයා රෝහල් ගතකල බවත් , සැකකාර දෙනම මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කීය .
ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ සහ සහකාර පොලිස් අධිකාරී චන්ද්‍ර පත්මලාල් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමමාලි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාශ්‍යපලා වගේ අය අද නොමැති එක ලොකු පාඩුවක්
ඒ දෙනමගේ දාතුකරඬු දෙක ඛන්ඩනය කොට මුහුදට වැඩමවන්න.
රටේ නීතියක් හරියට ක්‍රියාත්මක නොවී දඬුවමක් නොදෙන තත්වයක් යටතේ ඔහොම දේවල් වළක්වන්න කොහොමත් බැහැ. සැකපිට අත් අඩංගුවට ගන්නවා... ගත්තා කියලා ප්‍රචාරයක් කරනවා කිසිම දඬුවමක් නැහැ.. වින්දිතයින්ට සමාජයේදී පාඩුවක් වෙනවා. ඉතින් ඔය වැරැදි නවතින්නේ නැහැ. තව තවත් උඩ පැනපැන කරනවා යම් දවසක වැරැද්ද සඳහා උපරිමයෙන් දඬුවම් දෙන කාලයක ඕවා නවතීවි...!
ඔය සිවුරු දමාගෙන ඉන්න සියලු දෙනාටම වගේ ඔහොම තමයි.