මේ ආණ්ඩුව බූරුගහන්න පුරුදු වුණ බේබදු තාත්තෙක් වගේ ‘- ලාල්කාන්ත
ඉන්ධන මිල ඉහළ යාම හා බඩු මිල ඉහළ දැමීමට එරෙහිව තම පක්ෂය දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් රට පුරා පවත්වන බවත් එහි ආරම්භක උද්ඝෝෂණය හා පාගමන මැයි 22 වැනිදා පස්වරු 3.00ට කොළඹ කොටුවෙන් ආරම්භ කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩ්. ලාල්කාන්ත මහතා අද (15) පැවසීය.