මසට ගෙනා ගල් ඉබ්බන් සමඟ අයෙක් සැකපිට ආණමඩුව මුදලක්කුලිය ප්‍රදේශයේ නිවසක පැවැති සාදයකට මස් පිණිස ගැනීම සඳහා රැගෙන විත් සඟවා සිටි ගල් ඉබ්බන් සිව් දෙනෙකු සොයා ගැනීමට ආණමඩුව පොලිස් නිලධාරීන් අද (16) සමත් විය. 16 May 2018
ඇලහැර ගොවි ජනපද වලට මොරගහකන්දෙන් ජලය ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ කුඹුරුවලට යල කන්නයේ වී වගාව සඳහා මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් කිරීම අද(16) උත්සවාකාරයෙන් සිදු කෙරිණි. 16 May 2018
දැව සංස්ථාවේ හිටපු සභාපති කොටුව උසාවියට රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය. 16 May 2018
යාපනයේ ගෙවල් බිඳුම් කළ කල්ලියක් අත්අඩංගුවට තියුණු ආයුධ රැගෙනවිත් නිවැසියන් බිය ගන්වා උතුරු පළාත තුළ ගෙවල් බිඳුම් හා මංකොල්ලකෑම් රැසක් සිදුකළ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් පස්දෙනකු ඊයේ (15) මන්නාරම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි. 16 May 2018
ආහාර විස වී භික්ෂුන් 29 ක් ඇතුළු තවත් 11 ක් රෝහලේ මරදන්කඩවල පෙරමියන්කුලම ශ්‍රී සදානන්ද විද්‍යාරතන පිරිවෙනේ වැඩ විසු භික්ෂුන් වහන්සේලා 29 දෙනෙකු හා ගිහියන් 11 දෙනෙකු ආහාර විෂ විමක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළු කළ බව අනුරාධපුර පොලිසිය කියයි. 16 May 2018
විදුලි රැහැනේ පැටලුණු පිය පුතු මරුට වවුනියාව පාවක්කුලම, සූඩුවෙන්දපිලව් වැවේ ආසන්නයේ වනසතුන් වෙනුවෙන් අටවා තිබූ විදුලි රැහනක පැටලීමෙන් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (16) උදෑසන හමුවූ බව වවුනියාව පෙරියඋළුක්කුලම පොලිසිය පවසයි. 16 May 2018
බොරු ඇමතුමකින් දොස්තර කොල්ල කෑ තිදෙනෙක් අත්අඩංගුවට තරුණියක් මගින් දුන් ඇමතුමකින් පාළු ස්ථානයකට ගෙන්වා ගත් වෛදවරයකු බිය ගන්වා ඔහු සතු පවුම් පහමාරක් බරැති රන් ආභරණ කොල්ල කෑ කල්ලියක තිදෙනෙකු කොල්ල කෑ රන් ආභරණ සමඟ ඊයේ (15)අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි. 16 May 2018
දැව සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල මහතා ඊයේ (15) රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පවසයි. 16 May 2018
මහනුවර කලබල ගැන මන්ත්‍රී දිලුම්ගෙන් පැය 12ක් ප්‍රශ්න කරයි මහනුවර පැවැති කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාගෙන් පැය 12කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය. 16 May 2018
ධූරයේ ඉන්නේ ටික කාලයයි - මහතීර් මොහොමද් තමන් අවුරුද්දක් හෝ දෙකක් අග්‍රාමාත්‍යධුරයේ රැඳී සිටින බව මැලේසියාවේ නව අග්‍රාමාත්‍ය මහතීර් මොහොමද් අද (15) ප්‍රකාශ කළේය. සිරභාරයේ පසුවන මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහීම් හෙට (16) නිදහස ලබන බව ද නව අගමැති මහතීර් මොහොමද් කීවේය. 15 May 2018
කෝටි 9420 මුදල් නෝට්ටු 2017 දී විනාශ කරලා බලි කුරුටු ඇඳි , විකෘති කෙරුණු මුදල් නෝට්ටු දාහත් කෝටි හැත්තෑ ලක්ෂයක් ගිය වසරේදී විනාශ කරන ලදැයි ශ්‍රි ලංකා මහ බැංකුව නිකුත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වෙයි. 15 May 2018
ඉන්ෆ්ලුවෙන්සා දකුණේ හිස ඔසවයි දකුණු පළාතේ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයක් පැතිරෙමින් පවතින බවත් ඇතැම් විට එය වසංගත තත්ත්වයක් දක්වා වැඩිදියුණු විය හැකි බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි. 15 May 2018
එක්සත් රාජධානිය ගාසා තීරයේ ගැටුම් ගැන සොයයි ගාසා තීරයේ සිදු වූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කළ යුතු යැයි එක්සත් රාජධානිය අද (15) ප්‍රකාශ කළේය. 15 May 2018
අක්‍රීය වූ කාරක සභා පිහිටුවීම ගැන හෙට සාකච්ඡාවක් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමෙන් පසුව අක්‍රීය වුණු කාරක සභා පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් හෙට (17) පැවැත්වෙන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති. 15 May 2018
ස්වර්ණාභරණ තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස ස්වර්ණාභරණ තොගයක් තම යට ඇඳුමේ සඟවා ගෙන මෙරටට පැමිණි දේශීය ගුවන් මගියකු අද (15) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 15 May 2018
විජය කුමාරතුංග රෝහලේ අක්ෂි ශල්‍යාගාරය වැසීමෙන් රෝගීහු අමාරුවේ සීදුව විජය කුමාරතුංග රෝහලේ අක්ෂි ශල්‍යාගාරය මාස කීපයක සිට වසා දැමීමට බලධාරින් කටයුතු කිරීමෙන් රෝගීන් දැඩි අසීරුතාවයකට පත්වී ඇතැයි ශ්‍රි ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සීදුව ශාඛාවේ සභාපති රුවන් බෝගොඩ මහතා අද (15) පැවසීය. 15 May 2018
පුස්කොළ පොත් සංරක්ෂණ මධ්‍යස්ථානය පේරාදෙණිය සරසවියෙන් නවතම ක්‍රමවේදයට අනුව පුස්කොල පොත් සංරක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේදී අද (15) විවෘත කෙරිණි. 15 May 2018
සහනාධාර හිමිවන්නේ භූමිතෙල් වලට පමණයි - මුදල් අමාත්‍යාංශය අඩු ආදායම්ලාභීන්ට සහ ධීවරයින්ට සහනාධාර හිමිවන්නේ භූමිතෙල් සඳහා පමණක් වන අතර පෙට්‍රල් හෝ ඩීසල් සඳහා එවැනි සහනාධාරයක් හිමිනොවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 15 May 2018
බස් ගාස්තුව ගැන බස් සංගම් අතර මතභේද බස් ගාස්තු ඉහළ නැංවිය යුතු ප්‍රතිශතය හා අවම බස් ගාස්තුව සම්බන්ධයෙන් බස් සංගම් අතර දැඩි මතභේදයක් හට ගෙන තිබේ. 15 May 2018
මුල්‍ය අපරාධ කොට්ඨාසයේ වැඩබැලීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ වැඩ බැලීම සඳහා පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී ඩබ්ලිව් ආර් බී සෙනවිරත්න මහතා පත්කර ඇත. 15 May 2018
අර්තාපල් හා ලූනු ගොවීන් රැකගැනීමට කමිටුවක් අර්තාපල් හා ලූනු ගොවීන් ආරක්ෂා කරගැනීම සඳහා වැඩපිළිවෙළක් සැකසීම සඳහා කමිටුවක් පත්කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ. 15 May 2018
සර්වඥ ධාතූන් වහන්සේලා ගංගාරාමයට වැල්ලම්පිටියේ වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේ වැඩ විසු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද (15) වැඩම කරවුහ. 15 May 2018
මෝටර් රථයක් දුම්රියේ ගැටී මවක සහ දියණියක රෝහලේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ මීගොඩ පැල්පොලවත්ත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගිය මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් මෝටර් රථයෙහි ගමන් ගත් මවක සහ දියණියක බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 15 May 2018
රුපියල් කෝටි එකහමාරක් වංචා කළ කත අල්ලන්න මහජන සහය පතයි ගල්කිස්ස ප්‍රදේශයේ වෙළෙඳ ආයතනයක් පවත්වාගෙන යමින් නිමි ඇදුම් ලබාගෙන වෙළෙඳසල් හිමියන්ට අගරු චෙක්පත් ලබා දී රුපියල් කෝටි 1 1/2 ට අධික මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය මහජන සහය පතයි. 15 May 2018
සංවර්ධනය ගැන අමාත්‍යංශ ලේකම්වරුන්ට වැඩමුළුවක් රජයේ ඒකාබද්ධ සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මැති ඇමතිවරුන්ට හා අමාත්‍යංශ ලේකම්වරුන්ට විශේෂ වැඩමුළුවක් පවත්වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ආර්ථික සභාවට අද (15) උපදෙස් දී ඇත. 15 May 2018
ලක්ෂ 70ක හෙරොයින් පූගොඩින් අල්ලයි රුපියල් ලක්ෂ 70 ට ආසන්න හොරොයින් මත්කුඩු තොගයක් සහ පිස්තෝලයක් සමග පූගොඩ ගල්පොතුගොඩ ප්‍රදේශයේ දී සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 15 May 2018
ඊශ්‍රායල-ගාසා දේශසීමා ගැටුමට අට මස් බිලිඳකුත් බිලි ඊශ්‍රායල-ගාසා දේශසීමාවේ ඇති වූ ගැටුම් අතරවාරයේදී මාස අටක බිලිඳකු මියගොස් ඇතැයි ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය අද, අඟහරුවාදා (15) නිවේදනය කළේය. 15 May 2018
බදුලු බණ්ඩාරවෙලට නාය අනතුරු ඇඟවීම් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 15 May 2018
ග්ලයිෆොසෙට් ගැන හොයන ඇමැති කමිටුව එක් වරක්වත් රැස්වෙලා නෑ ග්ලයිෆොසේට් තහනම ඉවත් කරනවා ද නැද්ද යන්න ගැන තීරණය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කැබිනට් ඇමති කමිටුව ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එකම වතාවක් හෝ රැස් නොවූ බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය මඟින් ඒ පිළිබඳව ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ. 15 May 2018
දක්ෂිණ අධිවේග සංවර්ධන ව්‍යාපෘතියේ චීන ජාතිකයෙක් අතුරුදන් මාතර හම්බන්තොට නව දක්ෂිණ අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ වැඩට පැමිණ චීන ජාතික තරුණයෙකු දන්දෙනිය රක්ෂිතයේ තඹගල ප්‍රදේශයේදී අතුරුදන් වී ඇතැයි තිහගොඩ පොලීසිය පවසයි. 15 May 2018
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026