නව රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙති නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජේ.සී. අලවතුවල මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 10 July 2018
අතුරුදන් වු පුත්තලමේ දරුදෙදෙනා කොළඹින් සොයාගනී පුත්තලම කිවුල තරුණ ව්‍යාපාරය ගම්මානයේ අතුරුදහන්ව සිටි ඥාති දරුවන් දෙදෙනකු කොළඹ දි සොයා ගෙන ඇති බව පුත්තලම පොලිසිය පවසයි. 10 July 2018
හොරෙන් සිංගප්පුරු යන්න ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනකුට සිරදඬුවම් සිංගප්පූරු ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමින් ව්‍යාජ ලෙස සැකසූ බි්රතාන්ය ගුවන් ගමන් බලපත් යොදා බි්රතාන්ය බලා ගුවන්ගත වීමට උත්සාහ දැරූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට එරෙහිව සිංගප්පූරු 10 July 2018
‘ජපානයේ ආපදාවලින් ලාංකිකයන්ට හානියක් නෑ’ නිරිතදිග ජපානයේ ඇති වී තිබෙන ජල ගැලීම් හා නායයාම් ඇතුළු ආපදා වලින් ශ්‍රී ලාංකිකයන්ට හානියක් සිදුවූ බවට තොරතුරු කිසිවක් වාර්තා වී නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. 10 July 2018
ධාවනය වෙමින් තිබූ බසයේ රෝදයක් ගැලවී විසිවෙයි පාසල් දරුවන් ඇතුළු 80කට ආසන්න මගී පිරිසක් නංවාගෙන බදුල්ල මහියංගන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බදුල්ල ඩිපෝවට අයත් බස් රථයක ඉදිරිපස රෝදයක් අද (10) මීගහකිවුල 15 කණූව ප්‍රදේශයේ දී 10 July 2018
තායි දරුවන් 12 දෙනාට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් ආරාධනාවක් උතුරු තායිලන්තයේ චින්ග් රායි පළාතේ ගල් ගුහා සංකීර්ණයක් තුළ සිරවූ ‘වයිල්ඩ් බෝ’ පාපන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනාට සහ ඔවුන්ගේ පුහුණුකරුට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජානි ඉන්ෆන්තීනෝගෙන් ආරාධනාවක් ලැබී තිබේ. 10 July 2018
වාද්දුවේ බස් අනතුරින් සිව් දෙනෙක් රෝහලේ වාද්දූව ආයුර්වේද හන්දියේ අද (10) පෞද්ගලික බස් රථයක් ගසක අත්තක සහ වාහන දෙකක ගැටී නිවසක් තුළට කඩා වැදීමෙන් නිවසේ හිමියා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි වාද්දුව පොලිසිය කියයි. 10 July 2018
හිටපු ජනපති කාර්යමණ්ඩල ප්‍රධානි-දැව සංස්ථා සභාපති යළි රිමාන්ඩ් රුපියල් මිලියන 20 ක අල්ලසක් ගත් සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජනපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ මහානාම සහ දැව සංස්ථාවේ සභාපති පී.දිසානායක මේ මස 13 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. 10 July 2018
ගුවනින් ගෙනා හොරොයින් පාර්සලයක් සමඟ දෙන්නෙක් අත්අඩංගුවට රුපියල් මිලියන තුනක පමණ වටිනාකමකින් යුත් හොරායින් පාර්සලයක් අද (10) කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 10 July 2018
පාතාලයේ තවත් කෙරුමෙක් අත්අඩංගුවට පාතාල නායකයකු වන කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු හෙරොයින් සමඟ ගුණසිංහපුර පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ. 09 July 2018
ගෝල්ඩන් මෑන් බුකර් සම්මානය මයිකල් ඔන්ඩච්චිට ඉන්දීය සාගරයේ කුඩා දිවයිනක් වන ශ්‍රී ලංකාවේ උපත ලද විශ්වධර සාහිත්‍යධරයකු වන මයිකල් ඔන්ඩච්චි විසින් රචිත ‘ද ඉංග්ලිෂ් පේෂන්ට්’ නවකතාව ඉකුත් පනස් වසරක කාලයේදී බිහි වූ හොඳම නවකතාව ලෙසින් සම්මාන ලැබීය. 09 July 2018
ලක්ෂ 27ක රට සල්ලි කටුනායකදී අත්අඩංගුවට විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (09) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 09 July 2018
සන්නද්ධ අරගලයක් යළි එපා යයි හිටපු කොටි කියති නැවතත් ආයුධ සන්නද්ධ ත්‍රස්ත අරගලයකට යාම මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් ප්රජාතන්ත්රවාදී දේශපාලන අරගලයක් කිරීම සිය දේශපාලන ස්ථාවරය බවත් පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින්ගේ පක්ෂයේ නායක කන්දසාමි ඉන්බරාසා මහතා සදහන් කරයි. 09 July 2018
කිවුලේ දරුවන් දෙදෙනකු අතුරුදන් පුත්තලම කිවුල තරුණ ව්‍යාපාරය ගම්මානයේ ඥාති දරුවන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව දරුවන්ගේ දෙමාපියන් පුත්තලම පොලිසියට පැමිණිලි කර තිබේ . 09 July 2018
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් කාන්තාවක් මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී ජිප් රථයක් පෙරලීයාමෙන් කාන්තාවක් මියගොස් තවත් කාන්තාවක් හා පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථ වාහන පොලිසිය කියයි. 09 July 2018
ස්මාට් සමාජ කව ඒකාබද්ධ කරමින් ෆේස් බුක් පිටුවක් ග්‍රාමීය ජනතාවගේ ගැටලු බලධාරීන්ට සන්නිවේදනය කිරීමේ හා ව්‍යවසායකයින් දිරිගැන්වීමේ අරමුණෙන් තමන් හඳුන්වාදුන් ස්මාට් සමාජ කව ( smart social circles ) ඒකාබද්ධ කෙරෙමින් ජාතික ෆේස් බුක් පිටුවක් නිර්මාණය කරන්නේ යැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය පවසයි. 09 July 2018
මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නැයි යෝජනාවක් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් පුද්ගලයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය යොමුවී ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 09 July 2018
මැති ඇමතින්ට බදු සහනයක් ඇමැතිවරුන්ගේ හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ වාහන ඇතුළු අනෙකුත් දීමනා වලින් අය කළ බද්ද එක් වාහනයකට පමණක් සීමා කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 09 July 2018
සුළඟින් පන්නල නිවාස කිහිපයකට හානි පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මත්තේගම හා බලවල ග්‍රාම නිලධාරි කොට්ඨාසය හරහා අද (09) වර්ෂාවත් සමඟ හමාගිය සුළඟකින් නිවාස කිහිපයකට අලාභ හානි සිදුව ඇති බව පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්ඩාර මහතා පවසයි. 09 July 2018
මහින්දානන්දට එරෙහි නඩුව 17 කැඳවන්න නියෝග අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහාමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරන ලද නඩුව ලබන 17 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා අද (09) නියම කළේය. 09 July 2018
උතුරු ධීවර ඇමැති ඉවත් කිරීමට එරෙහි අතුරු තහනම දිගටම උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී. ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කර ඇති අතුරු නියෝගය ලබන 24 වැනිදා තෙක් තවදුරටත් දීරඝ කිරීමට අභියාචනාධිකරණය අද (09) තීන්දු කළේය. 09 July 2018
විජයකලාට - විග්නේෂ්වරන්ට එරෙහිව තවත් පැමිණිල්ලක් හිටපු රාජ්‍ය ඇමතනී විජයකලා මහේෂ්වරන් මහත්මිය පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා ඊට පක්ෂව සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට ‘සත්‍ය ගවේෂකයෝ‘ නම් සංවිධානයක් අද (09) පොලිස් මූලස්ථානයට පැමිණියේය. 09 July 2018
රථවාහන වැරදි 33 කට අය කරන දඩ වැඩිකරයි රථවාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල ලබන 15 වැනි දා සිට වැඩිකර ඇතැයි රථවාහන පොලිසිය පවසයි. 09 July 2018
බන්ධනාගාර නිලධාරීන්ගෙන් තුනෙන් එකක් මානසික විඩාවෙන් බන්ධනාගාර නිලධාරීන්ගෙන් තුනෙන් එකක් මානසික විඩාවෙන් පෙළෙන බව සමීක්ෂණයකදී හෙළි වී තිබේ. 09 July 2018
ආපදා කළමනාකරණයට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ආපදා කළමනාකරණය සඳහා වූ ආසියානු බළකායක් පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකාව විසින් ආසියානු කලාපීය ආපදා කළමනාකරණ සමුළුවේදී ඉදිරිපත් කළ යෝජනාවට එහිදී ඒකමතිකව අනුමැතිය හිමිවී තිබේ. 09 July 2018
සිසුවාට පහර දුන් විදුහල්පතිට සිරදඬුවම් අතින් පයින් පහරදීමෙන් ශිෂ්‍යයකු කෘරත්වයට පත්කිරිමේ චෝදනාවකට වරදකරුවකු වු පොල්පිතිගම ජාතික පාසලේ හිටපු විදුහල්පතිවරයාට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (9) වසර තුනක බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කළාය. 09 July 2018
මත්පැන් මිලදී ගැනීමට කාන්තාවන්ටත් අයිතිය ඉල්ලූ පෙත්සම ලබන වසරේදී විභාගයට කාන්තාවන්ට මත්පැන් අලෙවිසල්වල සේවය කීරීම හා මිලදී ගැනීමට තිබු තහංචි ඉවත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත් කළ ගැසට් නිවේදන අවලංගු කිරීමට ගත් තීරණයෙන් සිය මූලික 09 July 2018
දුෂණ මඬින්න නොදුන් ලක්ෂ 160 එක්සත් ජාතීන්ගෙන් ගන්න යයි දූෂණවිරෝධී යාන්ත්‍රණයක් සකස් කිරීමේ වැඩපිළිවෙළට කැබිනට් මණ්ඩලය අනුමත කළ රුපියල් ලක්ෂ 160 ක මුදල ලබාදීමට මහා භාණ්ඩාගාරය කටයුතු නොකිරීම නිසා ඊට එක්සත් ජාතින්ගේ මූල්‍යාධාර ලබාගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සිදුව ඇත. 09 July 2018
ගොකරැල්ලේ බස් අනතුරකින් 60 කට තුවාල දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ ගොකරැල්ල ප්‍රදේශයේ බස් රථ දෙකක් ගැටී අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. 09 July 2018
ඇවන්ගාඩ් නඩුව ඔක්තෝබර් 30 ට කල්යයි ඇවන්ගාඩ් සිද්ධියට අදාළව අභියාචනාධිකරණය මගින් ලබාදී තිබු තාවකාලික තහනම් නියෝගය හේතුවෙන් එම නඩුව ලබන ඔක්තෝබර් 30 වැනි දා දක්වා කල්තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 09 July 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026