නියෝජ්‍ය ඇමතිවරයකුට විශ්වාසභංග ගේන්න බෑ නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ නොහැකි බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. 17 August 2025
විදුලි ඉංජිනේරුවෝ 226 ක් රට හැර ගිහින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් 226 දෙනෙකු පසුගිය වසර තුනක කාලයේදී රට හැරගොස් ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පැවසීය. 17 August 2025
දෙහැවිරිදි දරුවාගේ මාරයා පොල් ගෙඩියෙන් එයි වෙන්නප්පුව බංඩිරිප්පුව ප්‍රදේශයේ යාබද අසල්වාසී නිවසකට ගමන් කරමින් සිටි දරුවෙකුගේ හිස මතට පොල් ගෙඩියක් වැටීමෙන් එම දරුවා අද( 17) මරණයට පත්ව ඇතැයි උදාසිරිගම පොලීසිය පවසයි. 17 August 2025
බස්නාහිරට සබරගමුවට පොඩි වැස්සක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේනතුව දැනුම් දෙයි. 17 August 2025
රටේ බලය අල්ලමින් සිටින කල්ලි දෙකක් ගැන සජිත් කියයි මිනීමරුවන් සහ අපරාධකරුවන් සමාජයේ එක් පසෙක බලය අත්පත්කර ගන්නා විට ප්රජාතන්ත්රවාදී ආයතන වල බලය ජවිපෙ කල්ලි බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 16 August 2025
තැපෑලේ සියලු නිලධරයන්ගේ නිවාඩු අවලංගු කරයි තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු හෙට(17) සිට අවලංගු කරමින් තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කර ඇත. 16 August 2025
දක්ෂිණ අධිවේගීයේ බස් රථයක ගින්නක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ වැලිපැන්න අන්තර්හුවමාරු අතර ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථයක ගින්නක් හටගෙන ඇත. 16 August 2025
අමාත්‍යාංශ දහයක ’’ලොක්කන්ට’’ කෘත්‍රිම බුද්ධිය ගැන උගන්වයි කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමට රජය තීරණය කර තිබේ. 16 August 2025
බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් කරයි බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 16 August 2025
සෞදි මිතුරු සංගමයේ ලොකු පුටුව කුමාර ජයකොඩිට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා දසවැනි පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා - සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය. 16 August 2025
කොළඹ පරණ තට්ටු ගෙවල් අලුත් කරන්න යයි කොළඹ දිස්ත්‍රික්කයේ වසර 40කට වඩා පැරණි රජයේ මහල් නිවාස සංකීර්ණ ලබන වසරේදී ප්‍රතිසංවර්ධනය කිරීමට සැළසුම් කර ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීහු යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්හ. 16 August 2025
වරප්‍රසාද ඉල්ලන සටනට රනිලුත් නෑ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට එරෙහිව අධිකරණයට නොයන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ ක්‍රියාකාරීන්ට පසුගියදා දැනුම් දී ඇතැයි වාර්තාවේ 16 August 2025
විශ්වාසභංගය ගැන 19 වැනිදා කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයා ලබන 19 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. 16 August 2025
චිත්රසිරි වාර්තාව නොදුන්නාට ජනපති කාර්යාලයට නඩු විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කෙරුණු චිත්රසිරි කමිටුවේ වාර්තාව ලබා නොදීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට එරෙහිව නඩු පැවරීමට විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය තීරණය කර ඇත. 16 August 2025
හිටපු ඇමැති ලිපිගොනු සොයා අල්ලස් කොමිසම මැතිසබය පීරයි පසුගිය පාර්ලිමේන්තුවේ සිටි (9 වැනි පාර්ලිමේන්තුවේ) දූෂණ චෝදනා එල්ලවී ඇති මැති ඇමතිවරුන් 20 කට වැඩි පිරිසක් එම කාල සීමාවේදී පාර්ලිමේන්තුවේන් ලබාගෙන ඇති දීමනා හා වරප්‍රසාද සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන කණ්ඩායම් කිහිපයක් පාර්ලිමේන්තුවට ගොස් මේ දිනවල විශේෂ විමර්ශනයක් පවත්වමින් සිටිති. 16 August 2025
තැපෑලේ වැඩවරුම ගැන තැපැල්පතිගෙන් නිවේදනයක් රජයේ ප්‍රතිපත්තිමය කරුණු පාදක කර ගනිමින් එයට විරෝධය පළ කර වැඩ වර්ජනයකට යාම ඉතා අසාධාරණ ක්‍රියාමාර්ගයක් තැපැල්පති බව එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 16 August 2025
ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට ගෙනා විශ්වාසභංගය විසිවෙයි? ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් කතානායකවරයාට බාර දෙනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව නීතිමය ගැටලුවක් හේතුවෙන් විවාදයට ගැනීමට නොහැකි වන පසුබිමක් නිර්මාණයවී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 16 August 2025
බස් - දෙකක් ගැටී අයෙක් මරුට:21ක් රෝහලට මොනරාගල - සියඹලාණ්ඩුව මාර්ගයේ වැලියාය ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයකු මියගොස් තවත් 21 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි 16 August 2025
සිසුවා වැවට බිලි මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රාදේශයෙ පාසල් සිසුවකු වේලාසිය ගැමුණු වැවේ දිය නෑමට ගොස් දියෙ ගිලි මරණයට පත්ව ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි. 16 August 2025
පළාත් කිපයකට වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර,නුවරඑළිය, ගාලල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව කියයි. 16 August 2025
මෙරට පවුල්වලින් සියයට 16ක් කුසගින්නේ ශ්‍රී ලංකාවේ පවුල්වලින් සියයට 16 කට ප්‍රමාණවත්, පෝෂ්‍යදායි ආහාර වේලක් නොලැබෙන බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දී තිබෙන බවත් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. 16 August 2025
සාකච්ඡා කළා: පැහැදිලි එකඟතාවක් නෑ රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ පැවැති සාකච්ඡා ඵලදායී වූ නමුත්, පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි විය. 16 August 2025
ට්‍රම්ප්-පුටින් හමුවෙති ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකිනෙකා හමුවූහ. ඒ, ඇලස්කාවේ, ඇන්කර්ජ් නුවර පිහිටි එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන් ඇමෙරිකන් හමුදා කඳවුරේදීය. 16 August 2025
සමීප සගයා ගැන මහින්ද දුක් වෙයි ’’වෘත්තීමය සගයෙකුගේ අහිමි වීමකට වඩා මිතුරෙකුගේ වියෝව අප වේදනාවට පත් කරයි’’යනුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ වියෝව පිළිබඳව සමාජ මාධ්‍යයට සටහනක් එක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 15 August 2025
අගුණුකොළපෑලැස්ස කෘෂිකර්ම ආයතනයේ භූමි කොටසක ගින්නක් අගුණුකොළපෑලැස්ස එරමිණීයාය කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ වගා භූමියේ කොටසක් අද සවස ගින්නකට හසුව ඇතැයි අගුණ කොළ පෑලැස්ස පොලිසිය පවසයි. 15 August 2025
බැංකුවේ මුදල් මල්ල පැය කීපයකින් සොයා ගනියි බම්බලපිටියේ මුදල් ප්‍රවාහනය කරන ආයතනයක වෑන් රථයකින් රුපියල් කෝටියකට අධික මුදල් මල්ලක් සොරා ගත් එම ආයතනයේම රියදුරා පැමිණිල්ල ලැබී පැය 24 ක් තුළදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි 15 August 2025
නුවරඑළියේ පාරේ වැඩට ඇමැති බිමල් ඉලක්කයක් දෙයි නුවරඑළියේ මාර්ග සංවර්ධනයට වෙන් කරන ලද මුදල් වැයකර දෙසැම්බර් 31 වන විට සියලු වැඩ අවසන් කළ යුතු බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදි පැවසීය. 15 August 2025
ලෝක මැණික් - ස්වර්ණාභරණ වෙළෙඳපොල අල්ලන්න ප්‍රතිපත්තියක් මැණික් හා ස්වර්ණාභරණ සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා සිටිය ද අපේක්ෂිත මට්ටමට අපනයන වර්ධනයක් සිදුව නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. 15 August 2025
නව පොලිස්පති ජනපති හමුවෙයි නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ හමු විය. 15 August 2025
ගොවි අරමුදලේ කෝටි 134ක් ’’ෆික්ස් ඩිපොසිට්’’ දාලා ගොවීන්ගේ බාරකාර අරමුදල ගොවීන්ට සුභසාධනය වෙනුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක නොකර රුපියල් කෝටි 134 කට වැඩි මුදලක් පොලී ආදායම් අපේක්ෂාවෙන් බැංකු ඇතුළු විවිධ ස්ථානවල ආයෝජනය කර අරමුදලේ පරමාර්ථවලින් පිට පැන කටයුතු කර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 15 August 2025
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026