පිළිකා රෝගීන්ට දෙනු ලබන එන්නතක් තාවකාලිකව නවතා දමයි පිළිකා රෝගීන් සඳහා දෙනු ලබන එන්නතක් හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පිළිකා රෝගීයකුට ලබා දීමෙන් පසුව එම රෝගියා මිය යාමත් සමඟ එම එන්නත රෝගීන්ට ලබා දීම තාවකාලිකව නවතා දැමූ බව හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුරංග උබේසිරි මහතා පැවසීය. 02 September 2020
ඌව ආණ්ඩුකාරයා අවිධිමත් පත්වීම අවලංගු කරයි ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමණාකරු ලෙසට ඌව ආණ්ඩුකාර කාර්යාලයේ සේවය කළ පුද්ගලික කාර්යමණ්ඩලයේ පුද්ගලයෙකුට අවිධිමත් පත්වීමක් ලබාදී ඇතැයි පවසමින් ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සේවකයන් දැක්වූ විරෝධතාවක් නිසා ඌව ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රය අද (02) උණුසුම්විය. 02 September 2020
යතුරුපැදි අලෙවි නියෝජිතයෝ පාරට බසිති සමස්ථ ලංකා යතුරුපැදි අලෙවි නියෝයෝජිතවරුන්ගේ සංගමයේ පිරිසක් අද (02) කොළඹදී උද්ඝෝෂණයක නිරත වූහ. 02 September 2020
අකුණු සැර වැදී ගවයෝ 27 ක් නසිති වැසි සහිත අකුණු සැර වැදීමෙන් මඩකලපුව - වාකරේ මාවඩිඔඩයිහි ප්‍රදේශයෙහි ගව ගාලක සිටි ගවයන් 27 ක් මියගොස් තිබේ. 02 September 2020
පල්ලිවාසල්තුරේ කලපු තීරයේ කඩොලන වනසමින් ඉස්සන් ටැංකි හදලා කල්පිටිය පල්ලිවාසල්තුරේ කලපු තීරය ආසන්නයේ ඉස්සන් ටැංකි සැකසීමේදි කඩොලාන පරිසර පද්ධතියට හානි සිදුවීම පිළිබඳව සොයාබැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම දිසා වන නිලධාරී ජී.ඩී.ජී. සරත් කුමාර මහතා කියයි. 02 September 2020
කඩොලන විනාශ කරමින් ඉස්සන් ටැංකි හැදීම ගැන විශේෂ පරීක්ෂණයක් කල්පිටිය පල්ලිවාසල්තුරේ කලපු තීරය ආසන්නයේ ඉස්සන් ටැංකි සැකසීමේදි කඩොලාන පරිසර පද්ධතියට හානි සිදුවීම පිළිබඳව සොයාබැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම දිසා වන නිලධාරී ජී.ඩී.ජී. සරත් කුමාර මහතා කියයි. 02 September 2020
කටුනායක ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සැප්තැම්බර් අගදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මේ මාසය අග දී ආරම්භ කෙරෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (02) පැවසීය. 02 September 2020
‘13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ඉඩ දෙන්නේ නෑ‘ පළාත් සභා පිහිටුවීමට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අහෝසි කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා කොළඹදී අද(2) පැවසීය. 02 September 2020
ආඬිගම වැව් රක්ෂිතයේ බලෙන් පොල් සිටුවති ආඬිගම නගරයට ආසන්නව පිහිටි ආඬිගම වැව් රක්ෂිතයේ පෝෂක කලාපයට අයත් භූමියට නීතිවිරෝධීව ඇතුළු වූ කණ්ඩායමක් එහි බලහත්කාරයෙන් පොල් පැළ සිටුවමින් එම භූමිය සතු කරගැනීමට කටයුතු කරමින් සිටින බව ජනතාව පෙන්වා දෙති. 02 September 2020
කෝටි 23 ක හෙරොයින් වඩු මඩුවකින් සොයාගනී සපුගස්කන්ද හෙයියන්තුඩුව වඩු මඩුවක සඟවා තිබූ රුපියල් කෝටි විසි තුනකට අධික වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමඟ වයස අවුරුදු 37 ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව මීගහවත්ත පොලිසිය කියයි . 02 September 2020
තුනෙන් දෙකෙන් රාජපක්ෂවරුන්ගේත් ආණ්ඩුවේත් අවශ්‍යතා ඉටු කරනවා ආණ්ඩුවට ලැබුණු තුනෙන් දෙකෙන් ජනතා අභිලාෂයන් ඉටු කරනවා වෙනුවට රාජපක්ෂවරුන්ගේ සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ අවශ්‍යතා ඉටු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා කොළඹදී අද(2) පැවසීය. 02 September 2020
පෞද්ගලික උත්සවවලට ජනපති නෑ ජාතික වගකීම් සපුරාලීම සඳහා දෛනික නිල කාර්යයන්වලදී ප්‍රමුඛතාව දී කටයුතු කරන බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෞද්ගලික උත්සව සඳහා ඇරියුම් නොකරන්නැයි ජනාධිපති මාධ්‍ය අංශය ඉල්ලීමක් කරයි. 02 September 2020
නිවාස සංවර්ධන අධිකාරියේ ජනතා සේවය නිවාස සංවර්ධන අධිකාරියේ හිඟුරක්ගොඩ කාර්යාලයේ එක් නිලධාරියකු පමණක් සිටිය දී අනෙකුත් නිලධාරීන් සියලු දෙනා විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගිවීමට කාර්යාලයෙන් පිටව යාම නිසා එම සේවා ලබා ගැනීමට පැමිණි ජනතාවට ආපසු හැරී හිස් අතින් යාමට සිදු වූ පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 02 September 2020
පාතාලයන්ගේ කෝටි 400 ක ඉඩම් - සැප කාර් තහනම් විවිධ අපරාධකරුවන් බස්නාහිර පළාතේ මෙහෙයවා ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නොයෙකුත් අපරාධ මගින් උපයා ගෙන ඇති රුපියල් කෝටි 400කට වැඩි වටිනාකමින් යුත් ඉඩම් ඇතුළු දේපළ 12ක්ද, සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු වාහන 26ක්ද සොයාගෙන ඇති අතර ඒවා තහනම් කිරීමට කටයුතු කරගෙන යන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවැසීය. 02 September 2020
මහනුවර යළිත් සෙලවෙයි මහනුවර, දිගන ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක් අද (2) උදෑසන ද සිදුවී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. 02 September 2020
වැස්සෙන් ගාල්ලේ 7031ක් පීඩාවට වැහිසහිත කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6කට අයත් පවුල් 1642ක පුද්ගලයින් 7031ක් විපතට පත්ව ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. 02 September 2020
ජල බිල් නොගෙවීමෙන් මණ්ඩලයට කෝටි 300 ක පාඩුවක් ජල පාරිභෝගිකයින් ජල බිල්පත් නොගෙවීම හේතුවෙන් රුපියල් කෝටි 300 ක පමණ හිඟ මුදලක් අයවීමට ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 02 September 2020
මඩකලපුව - කල්මුනේ මාර්ගයේ අනතුරකින් තරුණයන් දෙදෙනකු මරුට මඩකලපුව - කල්මුනේ ප්‍රධාන මාර්ගයේ තාලන්කුඩාහි සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනකු මිය ගිය බව කාත්තන්කුඩි පොලිසිය පවසයි. 02 September 2020
වැස්සෙන් උතුරේ පවුල් 200 ක් පීඩාවට පවතින වැසි සහිත කාලගුණයෙන් බලපෑ වර්ෂාව හා සුළං තත්වයන් හේතුවෙන් උතුරු පළාතේ පවුල් 200 කට අයත් පුද්ගලයින් 629 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ ඒකකය පෙන්වා දෙයි. 02 September 2020
දිස්ත්‍රික්ක 4කට නායයෑමේ අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක නායයෑමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම 02 September 2020
යතුරුපැදි අනතුරකින් සිසුවා මරුට ගාලු පාරේ බලපිටිය වැල්ලවත්ත ප්‍රදේශයේදි අද (2 ) යතුරු පැදියක් පාරෙන් ඉවතට පැන තාප්පයක ගැටී සිදු වූ අනතුරින් 16 හැවිරිදි පාසල් ශිෂ්‍යකු මියගොස් ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි. 02 September 2020
කළුගඟේ ජල මට්ටම ඉහළට රත්නපුර දිස්ත්‍රික්කයේ සමනල කඳුවැටිය ආශ්රිත ප්‍රදේශවලට ඇදහැලෙන තද වැසි සමඟ කළුගඟේ ජලමට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 02 September 2020
මට්ටක්කුලියේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට මට්ටක්කුලිය මැද පාර ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රීරෝද රථ දෙකක් කඩා වැදීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව මට්ටක්කුලිය පොලිසිය පවසයි. 02 September 2020
මෝටර් රථය ප්‍රපාතයකට පෙරළී කථිකාචාර්යවරු 5 ක් රෝහලේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් 5 දෙනෙකු ගමන් ගත් මෝටර් රථයක් අද (2) බදුල්ල මහියංගණය මාර්ගයේ දුන්හිද හන්දියට නුදුරු සොරණාතොට ප්‍රාදේශීය සභාව ආසන්නයේදී ප්‍රපාතයකට පෙරළී තිබේ. 02 September 2020
වසර 31ක් පැරණි තැපැල් දුම්රිය මැදිරියක් ධාවනයට මැදිරි 200ක් පිළිසකර කිරීමේ ව්‍යාපෘති යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ තන්ත්‍රි පුද්ගලික සමාගම එක්ව තැපැල් දෙපාර්මේතන්තුවේ අවශ්‍යතාවට ගැළපෙන ලෙස වැඩ නිමවූ වසර 31ක් ඉපැරණි තැපැල් දුම්රිය මැදිරියක්, බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියට එක් කර තිබේ. 02 September 2020
වැස්සෙන් ගාල්ල යටවෙයි ගත වූ පැය 24 තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 295ක අගයක් නාගොඩ බෙම්බඩින් වාර්තා වූ බව ගාල්ල ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ ලුතිනන් කර්නල්ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසීය. 02 September 2020
ඇල්පිටිය - නියාගම ප්‍රදේශවලට නාය යෑමේ අවදානමක් ගාල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති තද වැසි තත්ත්වය හේතුවෙන් නාය යෑමේ අවදානමක් මතුව ඇතැයි ගාල්ල ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ ලුතිනල් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසීය. 02 September 2020
තද සුළඟින් හම්බන්තොට නිවාස 19 කට හානි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හමාගිය දැඩි සුළඟකින් නිවාස රැසකට හා ව්‍යාපාර ස්ථාන රැසකට හානි වී ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 01 September 2020
කොරෝනා ආසාදිතයින් 43 ක් කොරෝනා ආසාදිතයින් 43 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (01) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3092 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 01 September 2020
කළුතර බන්ධනාගාරයේ තාප්පයට උඩින් මත්කුඩු විසි කරන්න පැමිණි 2 ක් අත්අඩංගුවට කළුතර බන්ධනාගාරයේ තාප්පය උඩින් හොරොයින් මත්කුඩු සහ ජංගම දුරකථනයක් බෝලයක් ලෙස සකසා විසි කිරීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඊට උපදෙස් ලබා දුන් කාන්තාවක් අද (01) අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය කියයි. 01 September 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026