බලන්ගොඩ රයිවත්තේ නිවසක අවුරුදු 16 ක දැරියකගේ සිරුරක් බලන්ගොඩ රයිවත්ත ප්‍රදේශයේ වතු නිවාසයක තිබි දැරියකගේ සිරුරක් අද (22) සොයාගත් බව පොලිසිය පවසයි . 22 September 2020
පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම සළකා බැලීම නොවැම්බර් 12 මහජන මුදල් රුපියල් මිලියන 110 ක් පමණ වෙන් කරමින් , පරිසර වාර්තාවක් නොමැතිව ගල්කිස්ස මුහුදු තීරය සංරක්ෂණය කිරීම නමින් ඇරඹූ ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම නොවැම්බර් 12 වැනිදා සලකා බැලීම අභියාචනාධිකරණය ඊයේ (22) දින නියම කළේය. 22 September 2020
බන්ධනාගාර කොමසාරිස්ට නොතිසි කුඩු නඩුවක විත්තිකරුවකු අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අද (22) නියම කළේය. 22 September 2020
ආනවිළුන්දාව ඩෝසර් කළැයි ජගත් සමන්ත පෙරේරා රිමාන්ඩ් ආරච්චිකට්ටුව ආනවිලුන්දාව රැම්සා තෙත් භූමියේ කොටසක් නීතිවිරෝධී ලෙස අනවසරයෙන් ඩෝසර් කර එහි ඉස්සන් ටැංකි සෑදීමට අනුබල දුන්බවට සැකකරන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා අද( 22 ) අධිකරණයට ඉදිරිපත් වීමෙන් 24 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට හලාවත මහේස්ත්‍රාත් අනුර බුද්ධදාස මහතා නියෝග කළේය. 22 September 2020
ගංජා නීති ලිහිල් කිරීමට ආගමික නායකයෝ එරෙහි වෙති ගංජා ප්‍රවර්ධනය කිරීමට, නීතිගත කිරීමට හෝ නීති ලිහිල් කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසට ආගමික නායකයෝ කොළඹදී අද (22) රජයෙන් ඉල්ලීමක් කළහ. 22 September 2020
කෝප් සභාපති චරිත හේරත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස ආචාර්ය චරිත හේරත් මහතා පත් කිරීමට අද(22) එම කමිටුව විසින් තීරණය කරන ලදි. 22 September 2020
පන්නල ගෙවත්තකින් කබල්ලෑවෙකු හමුවේ පන්නල කැකිල්ලපිටිය ප්‍රදේශයේ ගෙවත්තක වගාව ආරක්ෂා කරගැනීම සඳහා එළා තිබුණු දැලක පැටළුණු හොඳින් වැඩුණු දුර්ලභ කබල්ලෑවෙකු අද (22) හමු වූ බව ගෙහිමිකරු පැවසීය. 22 September 2020
අතාවුල්ලා අමුතු ඇඳුමකින් පාර්ලිමේන්තුවට එයි 20 ට එරෙහිව දිගින් දිගටම විපක්ෂ මන්ත්‍රීවරුන් බාධා එල්ල කරමින් සිටින අතර සියලු මන්ත්‍රීවරු නැගිට විරෝධය පාමින් සභා ගැබේ කටයුතුවලට බාධා කරමින් සිටින අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී අතාවුල්ලා මහතා පාර්ලිමේන්තුවට ඇඳගෙන පැමිණ ඇති අමුතු ආකාරයේ ඇඳුමක් සම්බන්ධයෙන් විපක්ෂයේ නලින් බණ්ඩාර මහතා ප්‍රශ්න කළේය. 22 September 2020
බඹරු ඇන ගිරිතලේ පාසලක සිසුන් 4 ක්රෝහලේ හිඟුරක්ගොඩ අධ්‍යාපන කළාපයට අයත් ගිරිතලේ ජනපදය කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් තිදෙනෙක් සහ එක් සිසුවෙක් අද (22) පාසලට එමින් සිටියදී බඹරු ඇනීමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මින්නේරිය පොලීසිය කියයි. 22 September 2020
හැටන් - කොළඹ මාර්ගයේ ගමන පරෙස්සමෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව සහ මීදුම් තත්ත්වය හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන පැදවීම අවදානම් තත්ත්වයක් ගෙන තිබේ. හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිට කිතුල්ගල දක්වා දැඩි මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වන වාහන පැහැදිලි ලෙස දර්ශනය නොවීමෙන් රථ වාහන ගමනාගමනය අවදානම් වී තිබේ. 22 September 2020
පයාගල මුහුදු තීරයෙන් කෝටියක කොකේන් පයාගල දලුඅත්ත මුහුදු තීරයට ගොඩ ගසා තිබූ රුපියල් කෝටියට ආසන්න කොකේන් අඩංගු පාර්සලයක් අද(22) අලුයම සොයා ගත් බව පයාගල පොලිසිය කියයි . 22 September 2020
බඹර කූඩුවක් හිස මත කඩා වැටී කාන්තාවක් රෝහලේ තේ වත්තේ ගසක තිබු බඹර කුඩුවක් තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ හිස මතට කඩා වැටිමෙන් දැඩි අසාධ්‍යය තත්ත්වයේ සිටි කාන්තාව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට අද (22) ඇතුළු කළ බව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය. 22 September 2020
සමගි ජන බලවේගයෙන් විස්සට විරෝධය විසි වැනි සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට විරුද්ධව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අද (22) පාර්ලිමේන්තුව ආරම්භයේ දී විරෝධය පළ කළහ. 22 September 2020
පළාත් සභා ක්‍රමය දිගටම පවත්වාගෙන යා යුතුද? පළාත් සභා අහෝසි කොට පළාත් නවය සඳහා ඇමැතිවරුන් 09 දෙනකු පත්කළ යුතු බවට ගෙන ආ යෝජනාවක් වළල්ලාවිට ප්‍රාදේශීය සභාව මගින් පසුගියදා සම්මත කරගනු ලැබීය. පළාත් සභා ක්‍රමය ජනවාර්ගික ගැටලුවට හෝ වෙනත් ගැටලුවලට හෝ කිසිදු විසඳුමක් ලබාදීමට අපොහොසත් වී ඇතැයිද පළාත් සභා මහජනතාවගේ මුදල් නාස්ති කරන ආයතන බවට පත්වී ඇතැයිද එහිදී ප්‍රකාශ වී තිබිණි. මෙම යෝජනාව ඉදිරිපත් කොට සම්මත කරගත් ප්‍රාදේශීය සභාවේ බලය වත්මන් ආණ්ඩුව හා සම්බන්ධ කණ්ඩායමකි. 22 September 2020
අනතුරින් ත්‍රිරෝද රියදුරු මරුට ත්‍රිකුණාමලය දෙස සිට හබරණ දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කරඳගොල්ල යුද හමුදා මාර්ගයේ හැපී පෙරළීම නිසා සිදුවූ අනතුරක් හේතුවෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් 27 හැවිරිදි තරුණයෙකු මරුමුවට පත්වී ඇතැයි හබරණ පොලීසිය කියයි. 22 September 2020
අර්ධ වාර්ෂිකව මහාපරිමාණ ගොඩනැගිලිවල ගුණාත්මක බව පරීක්ෂා කරන්න යයි මහා පරිමාණ ගොඩනැගිලි ඉදිකිරීම්වල ගුණාත්මකභාවය අර්ධ වාර්ෂිකව විමසා බැලීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත. 22 September 2020
සාක්කි දෙන හැටි බලන්න මෛත්‍රී කොමිසමට එයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති කොමිසන් සභාවේ සාක්කි ලබාදීම බැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) කොමිසමට පැමිණියේ ය. 22 September 2020
හල්දුම්මුල්ල බොක්කුවක් අසළ පුද්ගල මළ සිරුරක් හල්දුම්මුල්ල පුස්වැල්ල ප්‍රදේශයේ බෝක්කුවක් අසලින් අද (22) පුද්ගල මළ සිරුරක් හමු වූ බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. 22 September 2020
පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන වේලාවන් සංශෝධනය කෙරෙයි පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන කාල සීමාව අද(22) සිට සංශෝධනය කර ඇත. පසුගියදා පාර්ලිමේන්තු සභාව විසින් ගනු ලැබූ තීරණයක් අනුව අද සිට රැස්වීම් පෙරවරු 10ට ආරම්භ කර පස්වරු 4.30 දක්වා පැවැත්වෙනු ඇත. 22 September 2020
කොරෝනා ආසාදිතයින් 12 ක් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු අද (21) මේ වනවිට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 21 September 2020
‘19 අහෝසි කරලා 18 ට ආයේ යනවා‘ පාර්ලිමේන්තුවට හෙට (22) ඉදිරිපත් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතින් සිදුවන්නේ 19 වැනි සංශෝධනය අහෝසි කර 18 වැනි සංශෝධනයට නැවත යාම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) රාත්‍රියේ පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 21 September 2020
කෝටි 80 තහනම් භාණ්ඩ තොගයක් රේගු දැලේ ආනයනය තහනම් කර ඇති සහ ආනයනය සීමා කර ඇති කහ , විදේශ මත්පැන් , ආහාර ද්‍රව්‍ය ඇතුලු රුපියල් කෝටි 80 ට අධික වටිනා භාණ්ඩ තොගයක් නීති විරෝධීව මෙරටට ගෙන්වා තිබියදී රේගු බාරයට ගත්බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරි සුනිල් ජයරත්න මහතා පැවසීය. 21 September 2020
තෙල් කාන්දුවෙන් සමුද්‍රිය පරිසරයට සිදුවූ හානිය ගැන නීතිපති වාර්තාවක් ඉල්ලයි ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ ‘ඒම්.ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාවෙන් සිදුවූ තෙල් කාන්දුව හේතුවෙන් සමුද්‍රිය පරිසරයට සිදුවූ විනාශය සම්බන්ධ වාර්තාව කඩිනමින් ලබාදෙන ලෙස නීතීපතිවරයා සමුද්‍රීය පරිසර අධිකාරියට හා ඔවුන් සමඟ සමීපව කටයුතු කරන විශේඥයින්ට අද (21) දැනුම් දුන්නේය. 21 September 2020
කොළොන්නාව නගර සභාවේ මුරකරු විද්‍යුත් ක්‍රමයෙන් කෝටි 4 උපයයි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින තම සහෝදරයාගේ හෙරොයින් ජාවාරමට ආධාර උපකාර කරමින් විද්‍යුත් ක්‍රමයෙන් රුපියල් කෝටි 4 කට ආසන්න මුදලක් උපයාගත් බව කියන කොළොන්නාව නගර සභාවේ මුරකරුවකු ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. 21 September 2020
20 ගැන බලන කමිටුවේ මුල් පුටුව රාජිතට 20 වන සංශෝධනය පිළිබඳ ඉදිරි පියවර ගැනීම සඳහා රාජිත සේනාරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පියවර ගනු ලැබීය. 21 September 2020
අංගොඩ ලොක්කාගේ බිරිඳගේ ගිණුමක කෝටි 2 ක් ඉන්දියාවේදී මරණයට පත්වූ බව කියන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් “අංගොඩ ලොක්කා” ගේ බිරිඳගේ බැංකු ගිණුමක ඇති රුපියල් කෝටි 2 කට ආසන්න මුදලක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ පනත ප්‍රකාරව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (21) කරුණු වාර්තා කර ඇත. 21 September 2020
කෝටි 583 ක් ලාභ ලබද්දී ඇමති භාණ්ඩාගාරයෙන් ණය ඉල්ලයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පාඩු ලබන බැවින් භාණ්ඩාගාරයෙන් ණය මුදලක් ඉල්ලා කම්කරු ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. එහෙත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින්ම නිකුත් කරන ලද නිල අයවැය වාර්තාව අනුව පසුගිය වසර 5 ක කාලය තුළදී, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ලබාගත් ශුද්ධ ලාභය රුපියල් බිලියන 5 ඉක්මවයි. එහි විගණනය කරන ලද ශුද්ධ ලාභය රුපියක් කෝටි 583 ක් හෙවත් රුපියල් බිලියන 5.83 කි. 21 September 2020
සෞදි අරාබියේ ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය සති දෙකකට වහයි සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ සේවය කළ අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම කාර්යාලය සති දෙකක කාලයකට තාවකාලිකව වසා දමා ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශ කියා සිටී. 21 September 2020
ධීවර අමාත්‍යාංශයෙන් කාර්යසාධක බලකායක් ධීවර කර්මාන්තයේ බලගැන්වීම සඳහා කාර්යසාධක බළකායක් ස්ථාපිත කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 21 September 2020
ජනමත විචාරණයක් ඉල්ලා නලීන්ලා උසාවි යන්න යති 20 වැනි සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයට අමතරව ජනමත විචාරණයක් අවශ්‍යයැයි කියන කාරණාව පදනම් කරගනිමින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය. 21 September 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026