
(නිමන්ති රණසිංහ)
ඉන්දියාවේදී මරණයට පත්වූ බව කියන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් “අංගොඩ ලොක්කා” ගේ බිරිඳගේ බැංකු ගිණුමක ඇති රුපියල් කෝටි 2 කට ආසන්න මුදලක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ පනත ප්‍රකාරව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (21) කරුණු වාර්තා කර ඇත.
මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් ‘අංගොඩ ලොක්කා’ යන අයගේ විවාහක බිරිඳ වන ඇඹිලිපිටිය, ඕමල්පේ පදිංචි අබේසිංහගේ නිසංසලා නැමැත්තිය පවත්වාගෙන ගිය සැකකටයුතු බැංකු ගිණුමක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි ද නුගේගොඩ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd