
(ඉන්දිකා රාමනායක)
ආනයනය තහනම් කර ඇති සහ ආනයනය සීමා කර ඇති කහ , විදේශ මත්පැන් , ආහාර ද්‍රව්‍ය ඇතුලු රුපියල් කෝටි 80 ට අධික වටිනා භාණ්ඩ තොගයක් නීති විරෝධීව මෙරටට ගෙන්වා තිබියදී රේගු බාරයට ගත්බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරි සුනිල් ජයරත්න මහතා පැවසීය.
මෙම භාණ්ඩ අතර කහ , විදෙස් මත්පැන් , චීස් , පැස්ටා , එළවළු, ඔලිව් තෙල් , තිබූ බවත් මේවා වරින්වර මෙරටට එවා තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙරටට එවා තිබූ කහ කන්ටේනර් 16 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි කහ කිලෝ දස ලක්ෂ පහලොස් දහසක ප්‍රමාණයක් තිබී ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් කෝටි 76 ට අධික බව සුනිල් ජයරත්න මහතා පැවසීය.
ඉතාලියේ වෙසෙන පිරිස මෙරට වෙසෙන ඥාතීන් වෙත එවා තිබූ භාණ්ඩ අතර සඟවා මෙම මත්පැන් ඇතුලු තහනම් භාණ්ඩ මෙරටට ගෙන්වා ඇති බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මේවායේ වටිනාකම රුපියල් කෝටි 3 කට අධික බවද හෙතෙම කියා සිටියේය.
ගත වු මාස 3 ක පමණ කාලයක තුළ මෙම නීති විරෝධී භාණ්ඩ මෙරටට ගෙන්වා ඇති බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම නීති විරෝධී භණ්ඩ මාධ්‍යයට ප්‍රදර්ශනය කිරීම අද (21) රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතාගේ ප්‍රධානාත්වයෙන් ඔරුගොඩවත්ත ආර්.ටී.සී බහාලුම් අංශනයේ දී සිදුකෙරිණි.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල් පින්තූරවල තියන විදිහට නම් ඒ තහනම් කරලා තියන බඩු තොගය පිටරටවල වෙසෙන ලංකාවේ හිඟන විරුවන්නේ ගෙවල් වලට එවාපු බඩු වගෙයි පේන්නේ. විදේශිකයින්ට බැල මෙහෙවරකම් කරමින් ලංකාවේ දේශපාලකයින්ට ආවඩන පුහු දේශප්‍රේමීන්ගේ ඔය බඩු රජසන්තක කරන්නම ඕනෑ. කතාව නම් දේශීයත්වය ලංකාවට ඇවිත් අනුන්ට පෙනෙන්න කන්නේ චීස්, බොන්නේ විස්කි. මට දුක අර දේශීය ව්‍යාපාරිකයින් කන්ටේනර් පිටින් බිස්නස් එකට ගෙනාපු බඩු තොග ගැනයි.
මුල් පින්තුර වල තියෙන විදිහට නම් ඒ තහනම් කරලා තියන බඩු තොගය පිටරටවල වෙසෙන ලංකාවේ හිඟන විරුවන්නේ ගෙවල් වලට එවපු බඩු වගෙයි පේන්නේ. විදේශිකයින්ට බැල මෙහෙවරකම් කරමින් ලංකාවේ දේශපාලකයින්ට ආවඩන පුහු දේශප්‍රේමීන්ගේ ඔය බඩු රජසන්තක කරන්නම ඕනෑ. කතාව නම් දේශීයත්වය ලංකාවට ඇවිත් අනුන්ට පෙනෙන්න කන්නේ චීස්, බොන්නේ විස්කි... මට දුක අර දේශීය ව්‍යාපාරිකයින් කන්ටේනර් පිටින් බිස්නස් එකට ගෙනාපු බඩු තොග ගැනයි.
මුල් පින්තූරවල තියන විදිහට නම් ඒ තහනම් කරලා තියන බඩු තොගය පිටරටවල වෙසෙන ලංකාවේ හිඟන විරුවන්ගේ ගෙවල් වලට එවාපු බඩු වගෙයි පේන්නේ. විදේශිකයින්ට බැල මෙහෙවරකම් කරමින් ලංකාවේ දේශපාලකයින්ට ආවඩන පුහුදේශප්‍රේමීන්ගේ ඔය බඩු රජසන්තක කරන්නම ඕනෑ. කතාව නම් දේශීයත්වය ලංකාවට ඇවිත් අනුන්ට පෙනෙන්න කන්නේ චීස්, බොන්නේ විස්කි. මට දුක අර දේශීය ව්‍යාපාරිකයින් කන්ටේනර් පිටින් බිස්නස් එකට ගෙනාපු බඩු තොග ගැනයි.
කවුරු කොහොම එව්වත් මේ දේවල්වල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කර මේවා රටේ ප්‍රයෝජනයට ගන්නා වැඩ පිළිවෙලක් හදන්න. මේවා විනාශ කරන එක මහ හපන්කමක් නොවෙයි. එය විශාල විනාශයක් මෙන්ම අපරාධයක්...
කවුරු කොහොම එව්වත් මේ දේවල්වල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කර මේවා රටේ ප්‍රයෝජනයට ගන්නා වැඩ පිළිවෙලක් හදන්න. මේවා විනාශ කරන එක මහ හපන් කමක් නොවෙයි. එය විශාල විනාශයක් මෙන්ම අපරාධයක්...
මුල් පින්තුර වල තියන විදිහට නම් ඒ තහනම් කරලා තියන බඩු තොගය පිටරටවල වෙසෙන ලංකාවේ විරුවන්නේ ගෙවල් වලට එවාපු බඩු වගෙයි පේන්නේ.
මුල් පින්තූරවල තියන විදිහට නම් ඒ තහනම් කරලා තියන බඩු තොගය පිටරටවල වෙසෙන ලංකාවේ හිඟන විරුවන්නේ ගෙවල්වලට එවාපු බඩු වාගෙයි පේන්නේ. විදේශිකයින්ට බැල මෙහෙවරකම් කරමින් ලංකාවේ දේශපාලකයින්ට ආවඩන පුහු දේශප්‍රේමීන්ගේ ඔය බඩු රජසන්තක කරන්නම ඕනෑ. කතාව නම් දේශීයත්වය ලංකාවට ඇවිත් අනුන්ට පෙනෙන්න කන්නේ චීස්, බොන්නේ විස්කි. මට දුක අර දේශීය ව්‍යාපාරිකයින් කන්ටේනර් පිටින් බිස්නස් එකට ගෙනාපු බඩු තොග ගැනයි...
කවුරු කොහොම එව්වත් මේ දේවල්වල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කර මේවා රටේ ප්‍රයෝජනයට ගන්නා වැඩ පිළිවෙලක් හදන්න. මේවා විනාශ කරන එක මහ හපන්කමක් නොවෙයි. එය විශාල විනාශයක් මෙන්ම අපරාධයක්...
කවුරු කොහොම එව්වත් මේ දේවල්වල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කර මේවා රටේ ප්‍රයෝජනයට ගන්නා වැඩ පිලිවෙලක් හදන්න. මේවා විනාශ කරන එක මහ හපන්කමක් නොවෙයි. එය විශාල විනාශයක් මෙන්ම අපරාධයක්..
කවුරු කොහොම එව්වත් මේ දේවල් වල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කර මේවා රටේ ප්‍රයෝජනයට ගන්නා වැඩ පිළිවෙලක් හදන්න. මේවා විනාශ කරන එක මහ හපන්කමක් නොවෙයි. එය විශාල විනාශයක් මෙන්ම අපරාධයක්..
කහ කන්ටේනර් ටික මාට්ටු වුණාට පස්සේ නිරුවත වහගෙන දැන් මීඩියා එක්කම බැහැලා වැඩ කළාට දන්නවා රේගු හොරුන්ගේ හැටි.