
(නිමල කොඩිතුවක්කු)
20 වැනි සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයට අමතරව ජනමත විචාරණයක් අවශ්‍යයැයි කියන කාරණාව පදනම් කරගනිමින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
ජනතා පරමාධිපත්‍ය හීන කරවන ව්‍යවස්ථා සංශෝධනයකට ජනමත විචාරණයක් අවශ්‍ය බව සමගි ජනබලවේගයේ ස්ථාවරය වී ඇති බවද බණ්ඩාර මහතා සඳහන් කළේය.
කොළඹෙ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ අද(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
ජනතා පරමාධිපත්‍ය හීන කරවන විසිවන සංශෝධනය ජනතාව බිලිගැනීමට සැරසෙන යක්ෂයෙකු, මාරයෙකු විදියට සලකා එයට එරෙහිව ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
19 ගෙනෙන කොට සිරිසේන අන්දලා උසාවි ගියේ නැහැනේ. නඩු දමා බලයේ සිටිය කාලේ ගිය 69ලක්ෂයක් අනුමැතිය දුන්නේ 19ඉවර කරන්න. අධිකරණය එය දන්නවා. 1978 සිටම පාලනය ගෙනගියේ 19න්ද?
මේ අය කී වතාවක් උසාවි ගියාද? පුරවැසි බව කියලා එක වතාවක්... ඡන්දය කල්දාන්න තව වතාවක්.. මේ සැරේ තව අඩව්වක්..
මේ අය කී වතාවක් උසාවි ගියාද? පුරවැසි බව කියලා එක වතාවක්. ඡන්දය කල්දාන්න තව වතාවක්.
උසාවියට යන්න වුවමනා නැහැ.., මොකද අගමැතිතුමත් 20ට විරුද්ධව ඡන්දය දේවි..!!
20 න් නැවත ජේ ආර් කෙනෙක් බිහිකර ගනිමු.
කවුරු කොහොම මොකක් කිව්වත් සර්ට ඕනෑ දේ සර් කරනවා. නැතිනම් එයාට තිබුණු නඩුවල හැටියට හරි නම් දැන් එයා ඉන්න ඕනේ රජගෙදර නොවේ.. හිරගෙදර..
කවුරු කොහොම මොනවා කිව්වත් සර්ට ඕන දේ සර් කරනවා.
ඔබේ කැමැත්තට රට කැමැතිනම් මෙලහකටත් ඔබ ඇමැති කෙනෙක්... ඔබේ කැමැත්තට රටේ බහුතරය අකැමැති නිසා ඔබ බහුතර මතයට ගරු කරන්න.