ද්විත්ව ඝාතනයකට සැක අයෙක් අල්ලයි මිද්දෙනිය ප්‍රදේශය ද්විත්ව ඝාතනයකට සම්බන්ධ සැකකරුවකු උණ්ඩ පහළොවක් සමඟ අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 17 October 2025
වෙඩි තැබීමකට අනුබල දුන් අයෙක් මාට්ටු බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාශය පවසයි. 17 October 2025
සොයිසා රෝහලට මාතෘ අධි සත්කාර ඒකකයක් මහනුවර සහ අනුරාධපුර රෝහල් වල මාතෘ අධිසත්කාර ඒ්කක ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 17 October 2025
දිවයිනේ ප්‍රදේශ රැසකට සවස වැස්ස දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපර්තමේන්තුව කියයි. 17 October 2025
පැරා ඔලිම්පික් පදක්කම් ලාබී සෙබළා දුම්රියේ ගැටිලා පැරා ඔලිම්පික් රන් පදක්කම් ලාබියකු වූ යුද හමුදා නිලධාරියකු මදුරන්කුලියේදී දුම්රිය ගැටි මියගොස් සිටියදී සොයාගත් බව පොලිසිය කියයි. 16 October 2025
ශ්‍රී ලංකා රේගුව කප් එක ගහයි ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක දිනක් තුල එකතු කල ඉහලම ආදායම වාර්තා කළ බව රේගුව අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 16 October 2025
රේගුවේ ඇති වාහන කොන්දේසිවලට යටත්ව මුදා හරියි මෙරට දී ණයවර ලිපි විවෘත කර වෙනත් රටකින් ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව මගින් රඳවාගෙන සිටින වාහන කොන්දේසිවලට යටත්ව මුදා හැරීමට හැකියාව ඇති බව ශ්‍රී ලංකා රේගුව අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නේය. 16 October 2025
කළු සල්ලි සුදු කළැයි කපුවා කෝටි 33ක් සමග මාට්ටු ප්‍රසිද්ධ ව්‍යාපාරික ක්ලබ් වසන්ත ඝාතනය සිද්ධියේ ප්‍රධාන සැකකරු වන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ’’ලොකු පැටී’’ නමැත්තාගේ මුදල් පාලන කටයුතු බාරව කටයුතු කරමින් සිටි ගන්දර ප්‍රදේශයේ ප්‍රසිද්ධ කපු මහතකු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 16 October 2025
සල්ලි අරන් නඩුවට නොආ ලෝයර්ගේ කබාය ගලවයි නඩුවකට පෙනී සිටීම සඳහා හමුදා මේජර්වරයකුගෙන් රුපියල් 50000/-ක් ලබාගෙන නඩුවට පෙනීනො සිට නීතිඥයකුට නුසුදුසු ආකාරයෙන් හැසිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතිඥ වසන්ත විජයවර්ධන මහතා නීතිඥභාවයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. 16 October 2025
අපේක්ෂා රෝහලේ රෝගී දරුවන් විකිණූ තිදෙනෙක් මාට්ටු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ ඡායාරූප වංචනික ලෙස ලබාගෙන එම ඡායාරූප මුහුණු පොතෙහි පළකර රුපියල් ලක්ෂ ගණනක මුදල් වංචා කිරීමේ යෙදුණු සංවිධානාත්මක කල්ලියකට අයත් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 16 October 2025
උසාවිය මගහැරි සිරකරුවෙක් මාට්ටු හෙරෝයින් ජාවාරම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර සිටියදී අධිකරණය මගහැර සැඟව සිටි පුද්ගලයකු කොටහේන ප්‍රදේශයේදී කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 16 October 2025
හරිනි-ජය ශංකර් හමුවේ ඉන්දීය නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් නවදිල්ලියේදී අද(16) සිසු විය. 16 October 2025
කොළඹ නගරාධිපතිනියට විපක්ෂයෙන් ප්‍රශ්න වැලක් කොළඹ මහ නගර සභාවේ වර්තමාන පරිපාලනය යටතේ එහි සේවකයන් සහ මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳව මන්ත්‍රීවරු සහ ජනතාව අතර දැඩි සැකයක් මතුවී ඇති බවත් ඒ හේතුවෙන් එම නගර සභාවේ සේවකයන් සහ මාර්ග සංවර්ධන පිළිබඳව නගරාධිපතිවරියගෙන් සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරු දෙදෙනකු ලබන 21 වැනිදා පැවැත්වෙන මාසික රැස්වීමේදී ප්‍රශ්න කිරීමට සූදානම්ව සිටිති. 16 October 2025
හෙට රට බාර ගන්න තරුණයා අද හදමු ඊළඟ දශක හතරේ රට බාරගන්න සිටින නවීන තරුණ තරුණියන් ගොඩනගන වගකීම මේ වසර හතර ඇතුලත ජාතික තරුණ සේවා සභාවට හා ජාතික යොවුන් සේනාංකයට පැවරී තිබෙන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ජාතික යොවුන් සේනාංකයේ නිලධාරීන් හමුවේ පැවැසීය. 16 October 2025
දුම්රිය ස්ථානාධිපති සංගමයට නව සභාපති සහ ලේකම්වරයෙක් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති ධූරයට සුමේධ සෝමරත්න මහතා නැවතත් අද (16) පත්විය. 16 October 2025
දකුණු මුහුදෙන් ඇල්ලූ ’අයිස්’ අයිස් දැයි සොයයි දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබීයදී නාවික හමුදා විසින් සිය භාරයට ගත් අයිස්,හෙරොයින් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839.254ක් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා (16) නියෝග කළේය. 16 October 2025
ලේකම්වරුන් තිදෙනෙකුට උසස් නිලතල සභාවේ අනුමැතිය අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමතිය පසුගිය (08) වැනිදා හිමිවිය. 16 October 2025
ඉංජිනේරු සංස්ථාවේ හිටපු ලොක්කාට ඇප එක්සත් ජාතික පක්ෂයේ ’’සිරිකොත’’ පක්ෂ මූලස්ථානය අලුත් වැඩියා කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් යොදවා ගැනීමෙන් රජයට පාඩු කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු විධායක අධ්යක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 16 October 2025
මහමග අනතුරු වලින් වසරකට 2500ක් එලොව යති කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට වසරකට ලක්ෂයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. 16 October 2025
විදේශ රැකියා වංචාවකට නීතිඥවරයෙක් -නගරාධිපතිවරයෙකුගේ පුතෙක් දැලේ විදේශ රැකියා වංචා සම්බන්ධයෙන් නීතිඥවරයෙක් සහ හිටපු නගරාධිපතිවරයකුගේ පුතෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 16 October 2025
වසන්ත - ලෝක වෙළෙඳ සංවිධාන තානාපති හමු වෙයි යුරෝපීය සංගමයේ ලෝක වෙළෙඳ සංවිධාන (WTO) තානාපති ජෝඕ අගුවාර් මචාඩෝ(João Aguiar Machado) මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර හමුවක් ස්විට්සර්ලන්තයේදී පැවැත්විණි. 16 October 2025
අලුත් වරාය ඇමති නැගෙනහිර පර්යන්තය බලන්න යයි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ගැන සොයා බැලීමට වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහත්වරු අද(16) නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. 16 October 2025
’’රෝස මාසය’’ ගැන පාර්ලිමේන්තු විවාදයක් රෝස මාසයට සමගාමීව පියයුරු පිළිකා මර්දනය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය දැනුවත් කිරීම පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි. 16 October 2025
දඹුල්ලේ එළවලු තොග මිල පහළට දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් එළවලු තොග ලැබීමත් සමඟ ඒවා මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන්ගේ අඩුවීම හේතුවෙන් අද (16 )දහවල් වන විට එළවළු තොග මිල මිල සීග්‍රයෙන් පහළ වැටී එළවළු අලෙවි නොවන තත්ත්වයකට පත්වීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව කියති. 16 October 2025
ලංකාවේ රබර් ඉඩම් සිතියම් ගත කරයි රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව එක්ව රබර් ඉඩම් සිතියම් ගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. 16 October 2025
රජයට පාඩු කළැයි ඉංජිනේරු සංස්ථාවේ නිලධාරියකු අත්අඩංගුවට එක්සත් ජාතික පක්ෂයේ ’’සිරිකොත’’ පක්ෂ මූලක්ථානය අලුත් වැඩියා කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ නියමිත ක්‍රම වේදය අනුගමනය නොකර යොදවා ගැනීමෙන් රජයට පාඩු කළේ යැයි කියන එම සංස්ථාවේ නිලධාරියකු අල්ලස් කොමිසම මගින් අද අත්අඩංගුවට ගැනිණි. 16 October 2025
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට නාය අනතුරු නිවේදනයක් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දහයකට අද (16) වනදා දක්වා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. 16 October 2025
වන්නිනායක අපරාධ කොට්ඨාසයට අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව නිතීඥ ගුණරත්න වන්නිනායක මහතා අද බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත පැමිණි බව එම කොට්ඨාසය සඳහන් කරයි 16 October 2025
සජබ එක්ක යාළුකම වැඩි කරගන්න එජාපෙන් ත්‍රිපුද්ගල කමිටුවක් සමගි ජනබලවේගය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. 16 October 2025
අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාස නිකුත් කරයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් මෙම සතියේ තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ වල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කර තිබේ. 16 October 2025
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026