
(අංජුල මහික වීරරත්න)
ත්‍රිකුණාමලය බෝධිරාජාරාමයේ බුදු පිළිමයක් තැන්පත් කිරිම සම්බන්ධයෙන් මතු වූ ගැටලුවෙන් අනතුරුව භික්ෂුන් වහන්සේලා ඇතුළු දස දෙනකු සිරගත කිරීම සම්බන්ධයෙන් බලවත් කනස්සල්ලත් කණගාටුවත් ප්‍රකාශ කරන බව ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් පවසති.
ශ්‍රී ලංකාව අතීත රජ දරුවන් විසින් නව වාරයක දී බුදු සසුනට පූජා කළ භූමියක් බවද මහා නා හිමියෝ කියති.
ත්‍රිකුණාමලයේ අදාල බුදු පිළිමය තැන්පත් කිරීම සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරාවේ මන්ත්‍රීවරයකු, රජයේ මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් විසින් ගොඩනගන ලද විරෝධයක් මිස වෙනත් කිසිදු ජාතිකයකු හෝ ආගමිකයකු විරෝධයක් ප්‍රකාශ කර නැතැයි ද මහා නාහිමියන් ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.
එම බෝධිරාජාරාම විහාරස්ථානයට ශාසනික වශයෙන් නීත්‍යනුකූල අයිතියක් බුදු පිළිමය තැන්පත් කළ භික්ෂූන් වහන්සේලාට ඇති අතර මේ වන විටත් එම ස්ථානයේ බෝධීන් වහන්සේ නමක් රෝපණය කර වැඳුම් පිදුම් කරනු ලබන බව ලිපියේ සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉත්තෑපානේ, ඔය වයසට ගිහින් තියෙන්නේ සිවුරෙම ද? නැත්නම් ලංකාවේ සාමාන්‍ය නීතිය ගැනවත් දන්නවා?
පෘතුගීසි බලකොටුවක් අසල විහාරයක් තිබුණා කියන එක පට්ටපල් බොරුවක්. වසර 40 පරණ ආහසිංගත සෙරු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ තියෙනවා. ඒවා බලන්න.
ජාතිවාදීනුත් නීතියට යටයි හාන්දුන්නේ. ඉස්සර වගේ නෙවෙයි දැන්.
හොඳ නමකකුත් දාමු එතනට. ජූස්බාරස්ථානය ගැලපෙනවා නේද ...
ඉතින් රටේ නීතියට උඩින් යන්ඩ බුදු රජාණන් වහන්සේ අනුදැන වදාලද? භික්ෂුන් වහන්සේ නමක් බොරු වරදකට උල තියපු වෙලේ බුදු රජාණන් වහන්සේ වැඩම කරලා උන්වහන්සේට මගපල පුර්ණය කරගන්ඩ උපදෙස් දීපු කතාවක් මිසක්, රාජ සභාවට බලපෑම් කරන්ඩ පිරිස් රැස් කරපු කතාවක් අපි අහල නැහැ. බුදු හාමුදුරුවොත් සාසනය වෙනුවෙන් කරපු නැති වැඩ කරන්ඩ, ජනතාව උසි ගන්නන මහා නායක පරපුර.
දැන් ඔහේ කියන්නේ අධිකරණයෙන් දීපු තීන්දුව වැරදියි කියලා? හාමුදුරුවන්ගේ වැරදි පෙන්නලා උන්ව හදන්නේ නැතුව, රටේ නිතිය වෙනස් කරන්ඩ යනවා.
බෝ ගස් සිටුවීමෙන් හෝ බුදුපිළිම හැම තැනම තැබීමෙන් මිනිසුන් යහපත් ගුණ ගරුක පුරවැසියන් කල නොහැක .
කරුණාකර ආගම් නීතියයි රටේ නීතියයි පටලගන්න එපා. ඔය විදියට ඕන කෙනෙක් ඕනම තැනක බුදු පිලිමයක් තිබ්බොත් එතන ගැටලුවක් වෙන්නෙ නැද්ද. ඔබවහන්සේ වන් ස්වාමීන් වහන්සේ කෙනෙක් නීතිය ගැන කිසිම තැකීමක් නැතුව ඔහොම කියන එක වැරදි.
මේ අය නිසා තමයි රට මේ අගාධයට අද වැටුණේ. කාලකන්නි.
ආගම පතූරුවන්න ඕන ගොඩනැගිලි හදලාවත් පිළිම කියලාවත් නෙවෙයි අන් අයට පැහැදෙන්න ආදර්ෂමත්ව ඉදලා,, දැන් ඉන්නේ පූජකවරුන් නෙවෙයි චන්ඩි
බුදුරජානන්වහන්සේ වත් දඹදිව සොළොස් මහා ජනපද වල රාජ්‍ය නීතියට බලපෑම් කලේ නෑ.
මේ මුලු ලෝකෙම අපේ දෙවියන්ට දහස්වරක් පූජාකරලා තියෙන්නේ කියලා වෙනත් ආගමික කණ්ඩායමයක් කිව්වොත් මොකද වෙන්නේ?