‘‘රංගගේ මරණය සැකයි කීවේ සාක්කි ඇතිවයි‘‘
මරණයට පත්වූ මහා භාණ්ඩාගාරයේ හිටපු නිලධාරී රංග රාජපක්ෂ මහතාගේ මරණ සැක සහිත යැයි ඔහුගේ බිරිඳ පවසා ඇතැයි ප්‍රකාශ කළේ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ ලිපියක් පදනම් කරගෙන බවත් ඒ පිළිබඳව ප්‍රකාශයක් දීමට සක්ෂි සහිතව කුලියාපිටිය පොලිසියට ලබන 9 වැනි දා යන බවත් පිවිතුරු හෙළඋරුමය පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (6) පැවසීය.