ගුවන් නියමුවරියගේ පැමිණිල්ලට උසාවි නොආ චාමිකට වරෙන්තු අධිකරණයේ හමුවේ පෙනී නොසිටි ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා අද නියෝග කළේය. 28 September 2026
යතුරු පැදියක් විදුලි කණුවක ගැටී දරු දෙදෙනෙක් මරුට:මව රෝහලට යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටිමෙන් දරුවන් දෙදෙනකු මියගොස් ඔවුන්ගේ මව බරපතල තුවාල ලබා ඇති බව මාදම්පේ පොලිසිය කියයි. 28 September 2026
තිලිපන් පිළිරුව ඉවත් කළාට විරෝධයක් යාපනය නල්ලුර් කෝවිල අසල වු ත්යාගන් තිලිපන් ප්‍රතිමාව ඉවත් කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසකගේ හා තිලිපන් අනුස්මරණ කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් විරොධතාවක් පැවැත්විණි. 28 September 2026
බගවන්තලාව පවුල් 225කට ජලය නැති කළ නරුම තරුණයන් බගවන්තලාව කැම්පියන් නගරයේ සහ කැම්පියන් වතුයායේ පහළ කොටසට පානීය ජලය රැගෙන යන ප්‍රධාන ජල නළ පද්ධතියට ස්ථාන කිහිපයකින් විනාශ කළ තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය කියයි. 28 September 2026
UN ආරක්ෂක මණ්ඩලයේ දි රුසියාවෙන් ඉන්දියාවට ලොක් සහායක් ඉන්දියාවට, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය ලබා ගැනීමට රුසියාවේ සහාය හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් මහා මණ්ඩල සැසිවාරය අමතමින් ප්‍රකාශ කර ඇත. 28 September 2026
බැංකොක් ජලයෙන් යටවේ දින කිහිපයක් පුරා ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් තායිලන්තයේ බැංකොක් නගරයේ නිවාස සහ මාර්ග ජලයෙන් යටවීමත් සමඟ දහස් ගණනක් ජනතාව ඊයේ(27) ආරක්ෂිත ස්ථාන වෙත ගෙන ගොස් ඇතැයි වාර්තා වේ. 28 September 2026
ඇවන්ගාඩ් ගැන කෝප් කමිටුවෙන් අල්ලසට සීඅයිඩියට පැමිණිලි ශ්‍රී ලංකා නාවික හමුදාව සහ රක්නා ආරක්ෂක ලංකා සමාගම එක්ව කළ මුහුදු ආරක්ෂණ සේවයට ඇවන්ගාඩ් සමාගම එක්කර ගැනීමෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. 28 September 2026
ලක්විය බලාගාරයේ ඉන්ධන මහ වංචාවක් නොරෝච්චෝල ලක්විය බලාගාරයට ගෙනා රුපියල් කෝටි ගණනක ඩිසල් තොගයක් බලාගාරය ලැබි නොමැති බව ඉලෙක්ට්රිර්සිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිඩට් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි 28 September 2026
ලබන වසරේ සිට රාජ්‍ය ආයතන ගණනාවක් ගෙදර සිට වැඩ හඳුනාගත් රාජ්‍ය ආයතන ගණනාවක් ලබන වසර වන විට නිවසේ සිට වැඩ කළ හැකි ලෙස ඩිජිටල්කරණයට ලක් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ ජන රැළියේදී අද (27) පැවසීය. 27 September 2026
ඉන්ධන සහනෙට කෝටි 4100ක්: අද කැබිනට්ටුවට ඉදිරි මාස තුන සඳහා රුපියල් කෝටි 4100 ක ඉන්ධන සහනාධාරයක් ලබාදීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට අද(28) ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 27 September 2026
සංචාරක ආදායම ගමට ගෙන යනවා සංචාරක ආදායම ගමේ කුඩා ව්‍යවසායකයා දක්වා ගලා යන පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයක් ගොඩනැගීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. 27 September 2026
උත්සවේට ආවේ නැත්නම් මහපොළ නෑ කියලා අරලියගහ මන්දිරයේ උත්සවයට ආවේ නැතිනම් මහපොළ දෙන්නේ නැතැයි රජය පවසා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 27 September 2026
නල්ලූර් හි ඉදිකළ තිලීපන්ගේ පිළිරුව පොලිසිය ගලවා ගෙන යයි කොටි සංවිධානයේ නායකයකු වූ තිලීපන් නැමත්තාගේ, යාපනය නල්ලූර් ප්‍රදේශයේ ඉදිකොට තිබූ පිළිමයක් ඉවත් කිරීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන තිබුණි. 27 September 2026
රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණය ඩිජිටල් කරයි රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණය යාවත්කාලීන කිරීම සඳහා වන ’’Gov HR’’ පද්ධතිය නිල වශයෙන් එළිදැක්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන (SLIDA) ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. 27 September 2026
සාමය වෙනුවෙන් ඉරාන යෝජනා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි මැද පෙරදිග යුද්ධය වහාම අවසන් කිරීමටත්, සතියක් තුළ වෙළෙඳ නෞකා සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමටත් ඉරානය කටාර් රාජ්‍ය මාර්ගයෙන් ඇමෙරිකාවට ඉදිරිපත් කළ යෝජනාව තමන් ප්‍රතික්ෂේප කරන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. 27 September 2026
‘‘උතුරෙන් අල්ලා ගත් මත්වල වටිනාකම බිලියන 1.5ක්‘‘ නාවික හමුදාව උතුරේ මාදගල් කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී අද අලුයම අල්ලා ගත් මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම රුපියල් බිලියන 1.5ක් පමණ වනු ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. 27 September 2026
බද්දේගම වෙඩි වැදුණු දෙදෙනා මරුට:තවත් කතකට තුවාල බද්දේගම වවුලගල හන්දියේදී ත්‍රී රෝද රථයකට එල්ල කළ වෙඩි ප්රහාරින් තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියැදුරු සහ ඒහි සිටි කාන්තාවක මිය ගොස් තවත් කාන්තාවක තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව බද්දේගම පොලිසිය පවසයි. 27 September 2026
උ.පෙ හපනුන් ඇගැයීම උතුරින් ඇරැඹෙයි අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් දිස්ත්‍රික් මට්ටමින් ඇගයීමට ලක් කිරීම සඳහා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනේ 2025 උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීමේ පළමු වැඩසටහන කිලිනොච්චියේදී පැවැත්විණි. 27 September 2026
සංචාරක දියුණුවෙන් ලංකාව ලෝකයේ දස වන තැනට ලෝක ආර්ථික සංසදය (World Economic Forum) නිකුත් කළ 2026 සංචාරක හා සංචාරක සංවර්ධන දර්ශකය (Travel & Tourism Development Index – TTDI) අනුව, 2024 සිට 2026 දක්වා සංචාරක සංවර්ධන දර්ශකයේ වැඩිම දියුණුවක් පෙන්නුම් කළ ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්ව තිබේ. 27 September 2026
බද්දේගම දී ත්‍රිරෝද රථයකට වෙඩි:දෙදෙනෙක්ට තුවාල මෝටර් රථයකින් ආ නාඳුනන වෙඩික්කරුවන් පිරිසක් බද්දේගම, හල්පතොට දී ත්‍රීවීල් රථයක් ඉලක්ක කර සිදු කළ වෙඩිතැබීමක් කාන්තාවක සහ ත්‍රිරෝද රථයේ රියැදුරා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 27 September 2026
පොලිස් නිලධරුවන්ට වාහන සහකාර පොලිස් අධිකාරි තනතුරෙන් ඉහළ නිලධාරීන් 400 දෙනෙකුට විද්‍යුත් මෝටර් රථ හාරසීයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 27 September 2026
දින 10ක දරුවා ගලක් හිරවී මැරිලා උගුරේ ගලක් හිරවී ලේගලමින් සිටි දින 10 ක බිළිදු දරියක් බදුල්ල මහරෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඌවපරණගම පොලිසිය පවසයි. 27 September 2026
සාපෙළ නැවත පරීක්ෂණ නිකුත් වේ 2025 වසරට අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 27 September 2026
හොරණ නිවෙසක් ගිනි ගෙන දැවේ හොරණ පොකුණුවිට සිරිමෙවන්ගම ප්‍රදේශයේ නිවසක් හදිසි ගින්නකින් මුළුමනින්ම පාහේ ගිනිගෙන විනාශ වී ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 27 September 2026
‘‘වහලයේ සවි කරන සූර්ය බලශක්ති පද්ධතිය ගැන බය වෙන්න එපා‘‘ වහල මත සවි කරන සූර්ය බලශක්ති පද්ධති සීමා කිරීමට රජය කිසිදු පියවරක් ගෙන නැතැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය. 26 September 2026
වනාන්තර 20ක් රක්ෂිත බවට පත් කර ගැසට්ටුව අද නිකුත්වේ ’’වනස්පති’’ ජාතික වැඩසටහනට යටතේ තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට්ටුවක් මගින් ප්‍රකාශයට පත් කිරීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරණි. 26 September 2026
බිමල්ගේ අයිඑම්එෆ් කතාවට සජිත්ගෙන් පිළිතුරක් ජනතා හිතවාදී ප්රගතිශීලී වැඩපිළිවෙළක් වෙනුවෙන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලබන මාර්තු මාසයේදී නව ගිවිසුමකට යෑම අත්‍යවශ්‍ය කාරණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 26 September 2026
වකුගඩු රෝහලේ පිපිරීමෙන් තුවාල ලැබූ අයෙක් මරු දකියි පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගේ සිදුවූ පිපිරීමෙන්තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් එක් සේවකයකු මිය ගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. 26 September 2026
තවත් ජලාශ දහයකට පාවෙන සූර්ය බලාගාර මෙරට තවත් ජලාශ දහයක පාවෙන සූර්ය බලාගාර (Flooting Solar Power Plants) පිහිටුවීමට කටයුතු කරන බව වරාය සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසීය. 26 September 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026