
මේ දිනවල නිතර කණට ඇහෙන කාගේත් තොල් අඟ මිමිණෙන ‘අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවේ‘ ‘පිට කවරේ’ අමු ගීතයෙන් තාරුණ්‍ය වසඟයට ගෙන සිටින සංජීව් ලොන්ලියන්ස්ගේ ‘අමු’ ගී ප්‍රසංගයක් පසුගියදා මහරගම තරුණ සේවාසභා ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.
සිලෝන් ලාගෝස් එන්ටටේයින්මන්ට් (Ceylon Lagos Entertainment) ආයතනය සහ මහරගම තරුණ සේවා සභාවේ සහයෝගිතා අනුග්‍රහයෙන් මෙය පැවැත්විණි.
සංගීත භාණ්ඩ පිරිවරාගත් ප්‍රසංග කලාවෙන් ඔබ්බට ගොස් තබ්ලාව හා ගිටාරය පමණක් භාවිතා කරමින් අලංකාර භාවාත්මක නර්ථන විලාශයක් (Dancing Choreography ) භාවිතා කිරීම මෙම ප්‍රසංගය පුරා දක්නට ලැබුණු සුවිශේෂි අංගයක් විය.
එමෙන්ම ගීයට පෙම් බඳින තාරුණයේ සිත් නවමු මානයකට ගෙන යාමට මෙම ‘අමු’ ප්‍රසංග කලාවට හැකිව ඇතැයි ප්‍රසංගය පුරාවට තිබූ ප්‍රේක්ෂක ප්‍රතිචාරයෙන් මනාව පසක් විය.
මෙහිදී ප්‍රේක්ෂක රසික පිරිස මිළ දී ගත් ප්‍රවේශ පත්‍ර වල ආදායමෙන් මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීම ද නිල වශයෙන් එදින ප්‍රසංගය අතරතුර සිදු කිරීම සුවිශේෂි කරුණක් විය.
විශාල ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත් වූ මෙම ප්‍රසංගයට කලා ලෝකයේ තරු රැසක් ද එක්ව සිටියහ.
ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ පසිඳු ගුණරත්න, හිටපු අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රවීන්ද්‍ර සමරවික්‍රම , අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර , ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ පාලන මනුල චමල් පෙරේරා , ලේක් හවුස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දැන්වීම් චින්තක ප්‍රසන්න යාපා මහතා සහ සිලෝන් ලාගෝස් එන්ටටේයින්මන්ට් ආයතනයේ සභාපති රන්ජන් නාරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

අපේක්ෂා රෝහලට අවශ්‍ය ඖෂධ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතාට පරිත්‍යාග කරමින්







2025 නොවැම්බර් මස 21
68
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
169
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1023
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
'අමු' ප්‍රසංගයෙන් යොවුන් රඟහල විචිත්‍රවත් වෙයි