IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ජල බෝතල්වල වැස්මේ පොලිතින් අසුරනය තහනම් කිරීමේ තීරණයක්

(නිමල කොඩිතුවක්කු)
 
පානීය ජල බෝතල්වල වැස්මේ ඇති පොලිතින් අසුරනය තහනම් කරමින් නියෝගයක් පනවන බව මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා මහතා කොළඹදී අද(05) පැවසීය.
 
එම වැස්මේ ඇති පොලිතින් ආවරණය මගින් සිදුවන පරිසර හානිය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
 
එමෙන්ම ලා නිල් පැහැති සහ වර්ණ ගැන්වූ පානීය ජල බෝතල් වෙළඳපොළෙන් ඉවත් කිරීමට  කඩිනම් පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
 
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ අද(05) පැවති මාධ්‍ය හමුවකදී  හෙතෙම මේ බව පැවැසීය.



අදහස් (9)

ජල බෝතල්වල වැස්මේ පොලිතින් අසුරනය තහනම් කිරීමේ තීරණයක්

SL Monday, 05 August 2019 12:02 PM

බෝතලුත් පරිසරයට කරන හානිය ඉතා දරුණුයි. බෝතල් නැවත එකතු කිරීම අනිවාර්ය කළයුතුයි.

:       0       82

රවින් Monday, 05 August 2019 12:46 PM

පහුගිය දවස්වල ප්‍රසිද්ධ මහජනයා ගැවසෙන තැන්වල පයිප්ප වතුර පුරවා පානීය ජලය ලෙස විකුණා අහුඋනා නේද? මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා පාරිභෝගික අදිකාරිය මගින් එම වැටලීම් කළා වගේ තමා මතක. මතක හැටියටනම් ඊට පස්සේ තමයි නිෂ්පාදකයින් ඔය ප්ලාස්ටික් අවරණය යෙදුවේ. හැම පැත්තම බලලා තීන්දු තීරණ ගත්තොත් හොඳ නැද්ද?

:       0       77

Prabha Monday, 05 August 2019 12:49 PM

සියල්ලටම කලින් ජලයේ ප්‍රමිතිය සෙවිය යුතුවේ.

:       0       48

Akila Monday, 05 August 2019 01:23 PM

ඉතාමත් හොඳ දෙයක්..., දැන් වැඩිපුරම පරසර හානියක් කරන්නේ මේ ප්ලාස්ටික් වතුර බෝතල්...

:       0       50

Chandima Fonseka Monday, 05 August 2019 03:53 PM

ඔවු! එතකොට ඕනි ජරා වතුරක් පුරවල දෙන්න පුළුවන්.

:       0       51

Ranjan Monday, 05 August 2019 05:16 PM

ප්ලාස්ටික් බෝතල සහ ටින් බීම වලට නැවත ගෙවන යම් කිසි මුදලක බෝතලයකට රුපියල් 5 හෝ 10 වැනි මුදලක් අය කරන්න ඕනේ. ඒ වගේම මේවා විකුණන ඕනෙම වෙළදසලක් නිපදවූ සමාගම කුමක්ද කියා නොබලා ආපසු ගෙන මුදල් ලබා දීම කරන්න ඕනේ. මෙවැනි ක්‍රම අද ලොව පුර පුරා අනිකුත් රටවල ක්‍රියාත්මක වෙනවා. යම්කිසි කෙනෙක් බෝතලය හෝ ටින් එක විසි කර දමා ගියොත් එය එකතු කර ආපසු ගන්න වෙළද සලට දීමෙන් ඔහුට එම මුදල ලබා ගන්න පුළුවන්. මේ මගින් පාරවල් දිගට යන යන තැන්වල පල්ස්ටික් බෝතල් සහ ටින් එකතු වෙන්නේ නැහැ. වසර ගණනාවක් සිටම මා ජීවත් වන ජර්මනියේ වගේම අනිකුත් රටවල් මෙය ඉතාම හොදට ක්‍රියාත්මක වෙනවා. මෙහෙ වතුර ලීටර් 1.5 බෝතලයක අඩුම මිල සත 19 ක් නමුත් මේ බෝතලය ලබා ගන්න ආපසු ගෙවන සත 25 ගෙවිය යුතු වෙනවා මිලදී ගන්න.

:       1       114

කාන්තිTuesday, 06 August 2019 10:35 AM

රන්ජන් මහතාගේ අදහසට මා එකඟ වෙමි. මෙවැනි අදහස් ගැන සලකා බලන ලෙස අදාළ අංශවලින් ඉල්ලා සිටිමි

:       0       0

de silva berlin Monday, 05 August 2019 09:14 PM

රන්ජන් මහත්මයාගේ අදහස මම අනුමත කරනවා, ජර්මනියේ මෙම ක්‍රමය අවුරුදු 10 විතර ඉඳන් සාර්ථකව ක්‍රියාත්මක වෙන මෙහෙ මහමග එවැනි බෝතල් නැහැ, මිනිස්සු ඒවා දුටුවොත් අහුලාගෙන ගිහින් කඩවල තිබෙන යන්ත්‍රයට දමනවා එතකොට ඔවුන්ට එම කඩවලින් බඩු ගන්න පුළුවන් කූපන් එකක් ලැබෙනවා

:       0       23

saman Tuesday, 06 August 2019 04:47 AM

අතීසාර රෝගීන්ට අමුඩ ඇන්දවීමෙන් රෝගය පාලනය කල හැකි බව සොයාගෙන ඇත

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30734 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12742 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10921 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 813 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 894 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site