(අජන්ත කුමාර අගලකඩ)
නගර සභා හතක් මහ නගර සභා ලෙස ද,ප්‍රාදේශීය සභා තුනක් නගර සභා ලෙසද උසස් කිරීමටත රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය රජයට කර ඇත.
කළුතර, වවුනියාව, පුත්තලම ත්‍රිකුණාමලය, මන්නාරම, අම්පාර සහ කෑගල්ල යන නගර සභා මහ නගර සභාව ලෙස උසස් කිරීමට නිර්දේශ කර ඇති අතර, කිලිනොච්චිය, මුලතිව් සහ මොනරාගල යන ප්‍රාදේශීය සභා නගර සභා ලෙස උසස් කිරීමට නිර්දේශ කර ඇත.
මෙම නගර සභා 7 සහ ප්‍රාදේශීය සභා තුන උසස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක්ද ඉදිරිපත් කර ඇත.
පළාත් පාලන ආයතන 341ක් රට පුරා ක්‍රියාත්මක කර අතර,ඉන් මහ නගර සභා ඇත්තේ 24කි. නගර සභා 41ක් ඇති අතර, ප්‍රාදේශීය සභා 276 ක් පවතී
COMMENTS
ඕවායේ ඉන්න අයගේත් පැටිකිරිය උසස් වුණොත් හොඳයි නේද?
පානදුර වැලිගම මහ නගර සභාවක් කරන්න ඕන එලෙසම කැළණිය ප්‍රාදේශීය සභාවත් මහ නගර සභාවක් කල යුතුයි කිරිබත්ගොඩ වැනි විශාල ජනාකිර්ණ ප්‍රදේශ ඇතුලත් වන නිසා මහර ප්‍රාදේශීය සභාවත් බියගම ප්‍රාදේශීය සභා නගර සභා ලෙස උසස් කල යුතුයි. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව දෙකඩ කර මහ නගර සභා දෙකක් දෙහිවල හා රත්මලාන ලෙස ස්ථාපිත කරන්න ඕන. ජනගහනය අධික නිසා කැස්බැවෙන් කඩා බොරලැස්ගමුව නගර සභාව පිහිටවු අයුරින් කලයුතු දේවල් තියෙනකොට වැඩකට නැති ඒවා මන්නාරම හා වවුනියාව මහ නගර සභා කල යුතු නැහැ කිලිනොච්චිය මුලතිව් නගර සභා කල යුතු නැහැ උසස් කරන නිර්ණායක වැරදි නම් සංශෝධනය කල යුතුයි. සමහර දේශපාලන හේතුන් මත ප්‍රාදේශීය සභා එකවර මහ නගර සභා කලා දඹුල්ල හා කඩුවෙල නමුත් මහරගම එසේ මහ නගර සභාවක් කලේ නැහැ දැන්වත් එසේ කරයි කියලා බලාපොරොත්තු වෙනවා දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ලෙස සිටින නිසා.
මම මෙ කියන්නෙ ජාතිවාදී දෙයක් නෙමේ නමුත් මෙ සියලු ප්‍රදේස මුස්ලිම් අය බහුල ප්‍රදේශ විතරයි මටනම් මෙ ගැන ලොකු සැකයක් තියනවමොකද අයියලගෙ ප්ලෑනස අපෙ ගොන් හරක් වගෙ නෙමේ