පුෂ්පකුමාර මල්ලවආරච්චි
දිනුමක් නැතැයි කියා විසිකර දමා ගිය ලොතරුයි පතට රුපියල් ලක්ෂයක දිනුමක් හිමිව ඇති බව දුටු ලොතරැයි අලෙවිකරුවකු සිය අලෙවි නියෝජිතයා දැනුවත් කර අයිතිකරු සොයා තෑගි මුදල ලබාදුන් පුවතක් වාර්තා වෙයි.
මෙසේ අයිතිකරු සොයා අවුරුදු ත්‍යාගයක් ලෙස ත්‍යාග මුදල ලබා දිමට පියවර ගත්තේ මීරිගම පොලිසිය ඉදිරිපිට අලෙවිසැලේ අලෙවිකරු පුෂ්පකුමාර පෙරේරා හා ලොතරැයි අලෙවි නියෝජිත එච්.ඒ.කේ බන්දුල යන මහත්වරුන් විසිනි.
පල්ලෙවෙල පූගොඩ පදිංචිකරුවකු වන රුවන් අසංක මහතා මීරිගම නගරයට පැමිණි අවස්ථාවේදී මෙම අලෙවි සැලෙන් කෝටිපති ශනිදා ටිකට් පතක් ලබා ගෙන ඇත.
පසුදිනක එම ස්ථානයට පැමිණි රුවන් මහතා තමන් අතවූ ටිකට්පත බලා දිනුමක් නැති බව දැකීමෙන් පසු එය කසල බදුනට දැමීමට අලෙවිකරුට දී වෙනත් ටිකට් පතක් මිලදී ගෙන පිටවී ගොස් ඇත.
මෙම ටිකට් පතේ විශේෂිත අංකයට රුපියල් ලක්ෂයක දිනුමක් හිමිව ඇති බව පසුව ලොතරැයි අලෙවිකරු වන පෙරේරා මහතා දැකීමෙන් පසු ඒ බව අලෙවි නියෝජිත බන්දුල මහතාට දන්වා ටිකට් පතෙහි අයිතිකරු සෙවීමට පියවර ගෙන ඇත.
ඒ අනුව දිනුමේ හිමිකරු සොයා ගැනීමෙන් පසු බන්දුල මහතා දිනුමට අදාල මුදල සිය ලොතරැයි අලෙවිසැලේ දී හිමිකරු වන රුවන් අසංක මහතා වෙත බාරදෙනු ලැබීය.
ටිකට් පතට දිනුමක් නැති බව සිතා තමා විසිකර දැමිමට දුන් ටිකට් පතට දිනුමක් ඇති බව දැනගැනීමෙන් පසුව එය තමන්ට ලබාදීමට කාරුණිකවූ මෙම දෙපලට ස්තුතිය පුද කරන බව රුවන් අසංක මහතා පැවසුවේය.
එමෙන්ම රුපියල් ලක්ෂයක් සොයා ගෙනවිත් බාරදීමට තරම් නිහතමානි මිනිසුන් තවමත් අප අතර ජීවත් වනු දැකීම මහත් සතුටක් බවද ඔහු කීය.
මීට වසර කිහිපයකට පෙරද මේ ආකාරයෙන්ම දමා ගිය ටිකට්පතකට හිමිව තීබූ රුපියල් ලක්ෂයක මුදලක් එහි අයිතිකාරිය සොයා බාරදීමටද බන්දුල මහතා කටයුතු කරනු ලැබීය.

COMMENTS
ඉතාමත් කලාතුරකින් අහන්න ලැබෙන සතුටුදායක ආරංචියක්. නොමිනිසුන් අතර මිනිසත් බව රැකි බන්දුල මහතාගේ සියලු ප්‍රාර්ථනා සපල වේවායි හිත සිතින් ප්‍රර්ථනා කරමි. ඔබට ජය. තෙරුවන් සරණයි.
ජයවේවා
ඔබ දෙපලට තෙරුවන් සරණයි....!!!
බන්දුල මහතාගේ අලෙවිසැලේ පෙනුමේ හැටියට වත් පොහොසත්කම අතින් උස් තැනක නොහිටියත් පාර්ලිමේන්තුවේ සිටින මුදල් හදල් අතින් පොහොසත්වූ අය හට වඩා ජීවිතය සතුටින් පොහොසත්ව ගෙවිය හැක.
ධනය රජ කල කාලයක අව්‍යාජ මනුසත්කම පිළිඹිඹු කිරීමක් ලෙස මෙය අගය කල යුතු අගය කල හැකි සිදුවීමකි.
අවංක පුද්ගලයන්ට දෙවියන්වහන්සේගේ ආශීර්වාදය හැමදාම තියෙනවා
මීරිගම ප්‍රදේශයේ මිනිසුන් අතර දෙවියන් ද සිටින බව පෙනේ.ඔවුන් දෙදෙනාගේ සියලු ධාර්මික බලාපොරොත්තු ඉටුවේවා!
මෙම කතාව ඇත්ත වුනාට තිරය පිටුපස වෙන ව්‍යාපාරික කතාවක් තියෙන්නත් පුළුවන්
ආඩම්බරයි සහෝදරයා.
ඔබ දෙපලට තෙරුවන් සරණයි....!!!
ඔබ තුමන්ලාට කවදාවත් වරදින්නේ නැහැ ඉතා හොද හොදම අනාගතය උදාවෙනවා නොවැරදීම පොඩි දේටත් මරාගන්න අප රටේ ඔබතුමාලා ඉතා උතුම්. ජය වේවා ජයෙන් ජයම වේවා.
පුෂ්පකුමාර පෙරේරා මහතා හා එච්.ඒ.කේ බන්දුල මහතාගේ ඡායාරුප පළකිරීම සම්බන්දයෙන් ලංකාදීපයට තුති. වංචා හැමතැනම වෙන රටේ මේ වගේ මිනිස්සු තාම අපි අතරේ ඉන්නවා දකින්න ලැබීමත් සතුටක්.
උතුම් මිනිසුන් අප අතර තාමත් සිටින බව දැන ගැනීමට ලැබීමට තරම් අපි වාසනාවන්තයෝ වන්නෙමු.
හැබවින්ම මෙම සිද්ධිය රටෙ හැම කෙනෙකුටම වටිනා ආදර්ශයක් වන එක නොඅනුමානයි.විශේෂයෙන් රටේ මුදල් ගසා කන දේශපාලුවන්ටත් මහා පරිමාන කුඩු ජාවාරම් කරුවන්ටත්. ලොතරැයි අලෙවි කරන මේ මහතා විශාල මුදලක් උපයන්නෙ නැති නමුත් එතුමාගේ අවංක කම අගය කල යතුයි
මල් වගේ සුවඳ හමන ඉර හඳ මෙන් බැබලෙන මිනිස්සු. ඔවුණට මගේ ශීර්ෂ ප්‍රණාමය වේවා !!!
ඉතා යහපත් වැඩක්. එහෙත් මා පෙන්විය යුතු කරුණක් තියනවා. වාර්තාවේ කියනවා මෙය නිහතමානී කටයුත්තක් කියා. අවංක කමත් නිහතමානී කමත් දෙකක්.
හොඳ වැඩක්....
නියම අවුරුදු පුවතක්...
ඔබ දෙපොළගේ ව්‍යාපාර දියුණුවී වාසනාවන්ත දිවියක් ඇතිවේවා කියා ප්‍රර්ථනා කරමි.
මහජන දේපල අව භාවිතා කරන දේශපාලකයන් ඉන්න රටක මේ වගේ අහිංසක උතුම් මිනිස්සු ඉන්නවා
මං ඇතිතරම් සල්ලි තියෙන මිනිහෙක් වුනත් මේ දෙවිවරු දෙන්නා කරපු දේ මං කරයිද කියල විශ්වාස නැහැ.
ෆොටෝ එකක් පත්තරේ දාගන්න කරපු වැඩක් වගේ, ස්වීප් එකක් බලල විසි කරලා ගිය මිනිහව මතක තියන් ඉන්න ඔතන දවසට ස්වීප් 10ක් විතරද විකුනන්නේ
අයියෝ මේ වගේ වැඩකටවත් සතුටුවේන්න බැරි අය අපේ ලංකාවේ ඉන්නවානේ. පත්තරේ පොටෝ දනන්න නෙවෙයි, මොකකට වුනත් හොද වැඩක් කරොත් අගය කරන්න පුරුදු වෙන්න.