(එෆ්.අස්ලම්)
ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව රජය විසින් ගෙන යනු ලබන සෑම නිවැරදි ක්‍රියාමාර්ගයකටම දෙමළ ජාතික සන්ධානය වශයෙන් සහාය දක්වන බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.
ජාතික ගැටළුවට බලතල බෙදීමකින් යුත් අර්ථවත් විසදුමක් ගෙන ඒම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පෙරාතුවම ඉන්දියාවට දුන් පොරොන්දුව නව රජය මගින් ක්‍රියාත්මක කරන්නේ නම් ඊට සිය සහාය ලබාදෙන බවද හෙතෙම කීය.
කාලීන දේශපාලන තත්වය සම්බන්ධයෙන් අද (26)යාපනයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සුමන්තිරන් මහතා මේ බව අවධාරණය කළහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා මෙසේද කීය.
ජනාධිපති මැතිවරණයෙන් පසු යාපනයේ සිදුකරන පළමු මාධ්‍ය සාකච්ඡාව මේකයි.ජනාධිපතිවරණයේදී අපේ ජනතාව එක ස්ථාවරයක ඉදලා ඡන්දය දීල තියෙනවා.ජනතාවගේ තීන්දුව නිවැරදි තීන්දුවක්.ඒක තමයි ගතයුතු තීරණය කියලා දෙමළ ජාතික සන්ධානයත් අනුමත කරල තියෙනවා. අනෙත් අය ඡන්දය වර්ජනය කරන්න කීවා. කැමති කෙනෙකුට ඡන්දය දෙන්න කීවා.
තවත් සමහරුන් සිංහල අපේක්ෂකයකුට සහාය දක්වන්න බැහැ කියල අනෙත් පැත්තෙන් එක දෙමළ අපේක්ෂකයකුව පෙන්නුවා. නමුත් දෙමළ ජනතාව මේ මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය පිළිගත් අනුමත කළ ඒ තීරණය පිළිගනිමින් ඡන්දය දීල තිබුණා.
මේ ඡන්ද ක්‍රමය ජාතිකත්වයක් පදනම් වූ ක්‍රමයක් කියලා දකුණේ අය ප්‍රකාශ කරනවා. එය අපිට පිළිගන්න බැහැ. දෙමළ ජනතාව දැනට ජනාධිපතිවරණ තුනකදී පිට පිට හංසයා ලකුණටයි ඡන්දය දුන්නේ. එය රාජපක්ෂවරුන්ට එරෙහිව දුන්න ඡන්දයි.දෙමළ ජනතාව පිට පිට තුන්වතාවක්ම ඡන්දය දුන්නේ එක් සිංහල බෞද්ධ අපේක්ෂකයෙකුටයි. මේ නිසා එය ජාතිකත්වයක් පදනම් කරගත් ඡන්දයක් නෙවෙයි.
අපේ බලාපොරොත්තු පිළිගත් අපේක්ෂකයකුට ඒ ජනතාව ඡන්දය දීල තියෙනවා.ඒ විතරක් නෙවෙයි බහුතර සිංහල ජනතාවක් ද සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දීල තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණයි බලයට පත්වුණේ.මෙය ඔහුට ලැබුණු විශාල අවමානයක්. ඔහුට සුළු ජනකොටස්වල විශ්වාසය දිනාගැනීමට නොහැකි වෙලා තියෙන බව පෙනීයනවා. මේ රටේ ජාතික ප්‍රශ්නයක් තියෙනවා.ඒ ප්‍රශ්නය විසදිය යුතුයි කියල නැවතත් මේ මැතිවරණය තුළින්ම අවධාරණය කරල තියෙනවා.
දෙමළ ජනතාව වශයෙන් මේ ආණ්ඩු පෙරළිය අපට කැමති විය නොහැකි පෙරළියක්.මෙය තවත් වැරදි විදිහට යාමට ඉඩදිය නොහැකියි. එවන් වැරදි සිදුවීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය දිනා ගැනීමට ඉඩනොදිය යුතුයි. මේ නිසා ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය වැඩිබලයක් සහිතව පාර්ලිමේන්තුවට තේරී පත්විය යුතුයි. දෙමළ ප්‍රජාවගේ බලය කුමන හේතුවක් මත හෝ අඩුකරගත නොහැකියි. ඒ වෙනුවෙන් දෙමළ ජනතාව උතුරු නැගෙනහිරත් උතුරු නැගෙනහිරට පිටතත් එක්විය විය යුතුයි. අපි කිසිවෙකුටත් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වෙන්න කියල කියල නැහැ. ඒ වගේම කාටත් එක්වෙන්න එපා කියල කියලත් නැහැ. දෙමළ ජනතාව වෙනුවෙන් අප හා එක්වන්න කියල අපි ඒ අයට කියනවා.
සංවර්ධනය තුළින්ම සංහිදියාව ඇතිවෙයි කියල ජනාධිපතිවරයා කියනවා.අපි පිළිගත්තත් නොපිළිගත්තත් සංවර්ධනයට බාධාවක් වෙන්නේ නැහැ.නමුත් සංවර්ධනය තුළින් පමණක් දෙමළ ජනතාවගේ ජාතික ගැටළුවට විසදුම් හිමිනොවන බව ජනාධිපතිවරයාට අපි අවධාරණය කරනවා.
නව රජය හගනු ලබන සෑම නිවැරදි ක්‍රියාමාර්ගයකටම දෙමළ ජාතික සන්ධානය සහාය දක්වනවා.අපි ඒ කිසිදු උත්සහායකට විරුද්ධ වෙන්නෙ නැහැ. උදාහරණයක් වශයෙන් අතරමග නවතා ඇති යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමේ උත්සහාය නව නැවතත් ආරම්භ කරන්නේ නම් ඊට දෙමළ ජාතික සන්ධානය විදිහට අපි සහාය දක්වනවා.
ඒ වගේම බලතල බෙදීම අර්ථවත් කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ රජය ඉන්දියාවට පෙරාතුවම ලබාදුන් පොරොන්දුව ක්‍රියාත්මක කරන්නේ නම් ඊට සහාය දක්වනවා. එමෙන්ම නව රජයේ සෑම උත්සහායක්ම ක්‍රියාමාර්ගයක්ම අධ්‍යයනය කරල ඊට සහාය දක්වන්නේද නැතිද කියල තීරණය කරනවා.
අපේ ප්‍රශ්න ගැන අපි පෙරාතුවම ඉදිරිපත් කරල තියෙනවා.ඒ ගැන බලයට පත් නව රජයද දන්නවා.අපේ මූලික කාරණය ජාතික ප්‍රශ්නයට දේශපාලන විසදුම් ගෙන ඒමයි. තවත් බොහෝ කාරණාවන්ට විසදුම් ලබාදිය යුතුයි. බන්ධනාගාර ගතකර සිටින සියලුම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි. අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට යුක්තිය ඉටුකර දියයුතුයි. එසේ අතුරුදන් වූවන්ට සැබවින්ම සිදුවූයේ කුමක්ද වග සොයාදිය යුතුයි. ආරක්ෂක හමුදාව යටතේ තවමත් ඇති සාමාන්‍ය සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීමට පියවර ගතයුතුයි.
උතුරු නැගෙනහිර දෙමළ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදිය යුතුයි. යුද්ධයෙන් විපතට පත් උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කළ යුතුයි.මේ ආකාරයේ ඇති ප්‍රශ්නවලට නව රජයෙන් විසදුම් බලාපොරොත්තු වෙනවා.ඒ වෙනුවෙන් රජයට අවශ්‍ය සහාය නොමදව ලබාදීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් යැයිද කීය.
COMMENTS
දැන් ප්‍රශ්න තියෙන්නෙ දෙමළ අයට විතරද? සිංහල අයට උතුරෙ පදිංචි වෙන්න බෑ. පන්සල් ඉවත් කරන්න ඕනිලු මේවද ඔයාලට තියෙන ප්‍රශ්න. කරුණාකරලා දැන්වත් ඔය දෙමල නිජබිම කියන සිහිනෙන් මිදෙන්න. රටක් විදියට එකතු වෙන්න. ඔයාලා හංසයට හැම වතාවෙම ඡන්දෙ දුන්නෙ ඔයාලගෙ පොරොන්දු ඒ අය ලවා ඉටුකර ගන්න පුලුවන් බව දන්න නිසා මිසක් හංසයා ලකුනින් ආපු අපේක්ෂකයා සිංහල බෞද්ධ වුනු නිසා නෙවේ. අනික මේ පාර ගෝඨාභය මහත්තයා දිනුවෙ සිංහල බෞද්ධ ඡන්ද වලින් විතරක් නෙවේ. සිංහල කතෝලික ඡන්දත් තිබුණා. එතුමා කරගෙන යන වැඩ පිළිවෙලට ඔබලාගේ සහය දෙන්න. රටට අවශ්‍ය එක නීතියක්. එක ධජයක්. සහ එක ජාතික ගීයක්. ඒ වගේම අපිට ඕනි නොබෙදුනු ශ්‍රී ලංකාවක හැමෝම එකට ඉන්න. කරන්න ඕනි ලංකාවෙ අනිත් ප්‍රදේශ වල වගේ සිංහල මිනිස්සු උතුරු නැගෙනහිර පළාත්වලත් පදිංචි කරවන එක. අනිත් පැතිවල දෙමළ මිනිස්සුන්ට සිංහල මිනිස්සු එක්ක ඉන්න පුලුවන් නම් ඇයි උතුරෙ මිනිස්සුන්ට එහෙම ඉන්න බැරි? ඒක හදලා තියෙන්නෙ ඔයාලගෙ පැවැත්මට. ජාතිවාදය වපුරන්නෙ ඔයාල මිසක් සිංහල අපි නෙවේ
තමුන්නාන්සේලා මේ නව රජයට සහයෝගය දුන්නත් නැතත් තමුන්නාන්සේලාගේ ඉල්ලී වලට නම් යටත් වෙන එකක් නෑ. ඒක ඉර හඳ වගේ විශ්වාසයි. ලංකාවේ උතුරු නැගෙනහිර කියන්නේ තමිල්නාඩුව නෙමෙයි මහත්තයෝ. දැන් ඉතින් දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්න තමයි තියෙන්නේ.
දෙමල ජනතාවගේ තීරණය නොව සමස්ත ජනතාවගේ තීරණය පිලිගන්න. එක් ජන කොටසක් ගැන පමණක් සිතීම සැබෑ ජාතිවාදයයි. මෙවැනි පිළිල නිසා රට නැවතත් යුද්ධයකට තල්ලුවී යාහැකියි.
මේ වගේ අය තමයි රට විනාශ කරන්නේ. මිනිස්සු හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්න. ලංකාවේ කිසිම ආණ්ඩුවකින් ජාතිය ගැන හිතලා වැඩ කරලා නැහැ. ඔක්කොම හදාගත්ත දේවල්.
ඔන්න ඒ ගොල්ලන්ගේ අදහස් සැඟවීමකින් තොරව එලි දක්වලා තියනවා.
"මහින්ද රාජපක්ෂ මහතා පෙරාතුවම ඉන්දියාවට දුන් පොරොන්දුව නව රජය මගින් ක්‍රියාත්මක කරන්නේ නම් ඊට සිය සහාය ලබාදෙන බවද හෙතෙම කීය" ඔන්න බළලා මල්ලෙන් එලියට!!!!!! .
හැබැට?
උතුර නැගෙනහිර කියන්නේ අනාගත සංවර්ධන කලාපය. හැමදාම මයින හමට තලනවා වගේ මේ උතුරේ හිඟන්නාගේ තුවාලේ වගේ කසනවා.. යුද්ධ අතුරුදන් වෙලා වෙනත් නමකින් වෙනත් රටවල සැප සේ වසමින් කල් ගෙවීම. බොරුවෙන් දේශපාලන වාසි ගැනීම දැන් ඇති. සියලු දෙනා එකතුවී රට සංවර්ධනය කරමු.
මෙයාලගේ කටේ තියෙන්නෙම බලය බෙදීම විතරයි. උතුරේ ජනතාවගේ ආර්ථිකය ගොඩ ගන්න කිසිම උවමනාවක් නැහැ. උතුර සංවර්ධනය කරන්න උවමනාවකුත් නැහැ, යෝජනාත් නැහැ. උතුරේ ජනතාව ඇපයට තියාගෙන බලය රැක ගැනීම විතරයි අවශ්‍ය. පහුගිය කාලෙත් උතුරට වෙන් කරපු මුදල්වලින් ප්‍රයෝජන ගත්තේ නැහැ.
පෙරේරා මහත්තයෝ ඔය කෙප්ප වලට ආණ්ඩු පෙරළන්න බැහැ.
සුමන්තිරන් මහතාණෙනි කෙලින් කතා කරන්න ඉගෙනගන්නකෝ... දැන් කියන්නකෝ බලන්න සජිත් එක්ක ගහපු ගිවිසුම රටටම අවංකවම බොරු නැතිව...
ඒ කතාව කියන්නේ සුමන්තිරන් නේද? බළලා දිහා බලන්න කලින් මල්ල ලිහපු කෙනාව විශ්වාස කරන්න පුලුවන්ද හිතන්න. හොඳට හොයලා බලලා ඔය කතා පිළිගන්න.
මේ වගේ අවස්ථාවාදී දේශපාලක්ඥයෝ අඩුගානේ දෙමල මිනිස්සුන්ට වත් කරපු දෙයක් තියනවද.?
කරුණාකර ඔහු ශ්‍රී ලංකා පුරවැසියෙක්ද කියා පරීක්ෂා කරන්න.
මේ සුමාන දෙකට සිංහල ඉගෙනගෙන වගෙයි. දැනුයි මතක් උනේ සිංහලෙන් සිංහලයාට කතාකොරන්න. ඔහෙලගෙ සහයෝගය අපිට අවශ්‍යම නැහැ.
බළලා මල්ලෙන් පැනලා බොහොම කල් 13 දෙනවයි කියලනේ කීවේ. ඒ මහින්ද ඒ කාලේ. මේ ගෝඨාභය මේ කාලේ. සජිත්ට ඡන්දෙ දුන්නේ ඉල්ලීම් 13 දෙනවා කී නිසානේ. ඉතින් සජිත්ගෙන් ඉල්ලගන්න. මේ සිංහල ජනතාවගේ ආණ්ඩුව. පිටිපස්සේ බැංකුව තමයි හම්බවෙන්නේ. වෙන කිසිවක් ලැබෙන්නේ නැහැ.
හලෝ කොහෙවත් ඉන්න බළල්ලු පස්සේ යන්න එපා. අවුරුදු 5 කින් නැගිටින්න බලාගෙන බුදිය ගන්න.
ඔය ජාතිවාදී, බෙදුම්වාදී විසබීජ බෙදන ඔයාලත් දැන් අවලංගු කාසි වගේ නිසා ජනතාව වෙනුවෙන් නව රජය වැඩ කරාවී, ජනතාව රැවටෙන්නේ නැතුව පාඩුවේ ඉන්න.