(මනෝජ් හර්ෂික)
මේ මොහොතේ දී කෝලාහල ඇති කර රට ගිනි තැබීමට කවුරුන් හෝ උත්සාහ කරයි නම් ඔවුන් ත්‍රස්ත්‍රවාදීන්ගේ ඒජන්තවරුන් බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (06) පැවැසීය.
අමාත්‍යවරයා මේ ඉව පැවැසුවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා සහභාගී වෙමිණි.
ත්‍රස්ත්‍රවාදය පරාජය කර රට තුළ සාමය ඇති කිරීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය එක්ව කටයුතු කරන විට සාමකාමීව හැසිරී ආරක්ෂක අංශවලට සහයෝගය ලබා දීම පොදු ජනතාවගේ වගකීම බවද එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.
කළකෝලහාල, වීදි සටන් සිදු කරමින් විවිධ කණ්ඩායම් කලහකාරීව හැසිරෙන විට සිදුවන්නේ සමූහ ඝාතන සිදු කළ ත්‍රස්ත්‍රවාදීන්ගේ න්‍යාය පත්‍රය ඉෂ්ඨවීම බවත් ත්‍රස්ත්‍රවාදීන්ගේ වුවමනාවන් ඉටුවන අයුරින් කටයුතු නොකරන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.




2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
595
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘රට ගිනි තියන්නේ ත්‍රස්තවාදීන්ගේ ඒජන්තවරු’