පුෂ්පකුමාර මල්ලවආරච්චි
පලමුරේ කනිටු විදුහලේ දරුවන්ගේ මත් ද්‍රව්‍ය විරෝධි වැඩ සටහනකට සහභාගිවීමට ගිය වරකාපොළ පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයකු පිහි ඇණුමකට ලක්ව තුවාල ලබා වරකාපොල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇතැයි වරකාපොළ පොලිසිය කියයි.
මෙසේ පිහි ඇනුමට ලක්ව ඇත්තේ මත් ද්‍රව්‍ය ආදිය සම්බන්ධයෙන් ජනතාව හා දරුවන් දැනුම්වත් කිරීමේ දේශකයකු වශයෙන් කටයුතු කරන උපාලි සමරසේකර නැමති උප පොලිස් පරීක්ෂකවරයෙකි.
ජනාධිපතිවරයාගේ මත්ද්‍රව්‍ය වැලැක්වීමේ වැඩ සටහන යටතේ පලමුරේ විදුහලේ දරුවන්ගේ පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශන වැඩ සටහනක් අද පැවැත්වීමට සංවිධානය කර තිබී ඇත. ඒ අනුව මෙම පාසල් දරු පිරිස මේ සදහා වරකාපොළ අගුරුවැල්ල මාර්ගයේ නියදුරුපොල රබර් කර්මාන්ත ශාලාව අසලට පැමිණ ඇති අවස්ථාවේ මෙම උප පොලිස් පරීක්ෂකවරයාද ඒ සදහා දායකවීම පිනිස ඒ ස්ථානයට ගොස් ඇති බව පොලිසිය කියයි.
පාසල් දරුවන්ගේ මත් ද්‍රව්‍ය වලට විරෝධතාවය දැක්වූ මෙම ස්ථානයට ඒ ආසන්නයේ කසිප්පු වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයකු යැයි සැක කරන්නකු කඩා වැදී උප පොලිස් පරීක්ෂකවරයාට පිහියෙන් ඇන පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි
COMMENTS
මේ රටේ දුෂ්ටකම හා මැරකම කොච්චර ඉහවහ ගිහිල්ලද කියල මේ ක්‍රියාවෙන් ඉතාම පැහැදිලියි.
අවංක පොලිස් නිලදරුවනි! රට භාරදිය හැක්කේ ඔබලා වැනි අවංක එඩිතර නිලදරුවන්ටයි, ඔබට ලැබුන නියම නායකත්වයෙන් මේ ජාවාරම්කාරයන්ගෙන් රට බේරගන්න ඔබට ඔබගේ මවට පියාට ඒ පින ඇති නිවන් දකින්න. ඔබට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමි.
රාජකාරියේ යෙදෙන සියලු ආරක්ෂක නිලදරීන්ට තමන්ගේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් ආයුධ සන්නදව රාජකාරිය බාධ කරවීමට එන හා තමනට ජීවිත හානියක් කරීමට එන අයෙක් උවහොත් ඒ වෙනුවෙන් අවම නීතියානු කුල ගිනි අවි භාවිතා කිරීමට පුර්ණ බලය රජය ලබා දිය යුතුයි නිලදාරියෙක් උවද ඔවුන් සාමාන්‍ය සිවිල් පුරවැසියන් නිසාවෙන් ඔවුන්ගේ ජීවිත් ආරක්ෂාව ලබා දීම ඔවුන් සේවය යොදවන ලද රජය ප්‍රමුඛ ජනපති වරයාගේ පරම උතුකමකි. මන්ද ඔවුන් කරන්නේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමකි. ඔවුන්ට යමක් උවහොත් අසරණ වන්නේ රටේ අහිංසක දරු පවුලකි. එවිට ඒ අඩුව පිරවීමට කිසිවෙකුට නොහැකිවන්නේය