IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


වගා සංග්‍රාමයට සජබ සහ ජවිපෙ එකතු කරගන්න

(අංජුල මහික වීරරත්න)

රටේ ආහාර සුරක්ෂිතතාවයක් ඇති කිරීම සඳහා ඇරැඹූ වගා සංග්‍රාමයට සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ද එකතු කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අහාර සුරක්ෂිතාව පිළිබඳ කමිටුවට අද පැවසීය.

ජනතාවට අවශ්‍ය ආහාර ලබාදීම රජයේ වගකීම බව කී අග්‍රාමාත්‍යවරයා අසීරු මොහොතේ මුළු රටම එකතු කරගෙන ඉදිරියට යා යුතුව තිබෙන බවද සඳහන් කළේය.

කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මෙම ආහාර සුරක්ෂිතතා කමිටුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි වගා සංග්‍රාමය සැලසුම් එන සතියේ දී සකස් කර අවසන් වුව හොත් කැබිනට් මණ්ඩලයට එම සැලසුම ඉදිරිපත් කර අදාල අනුමැතිය ලබා ගැනීමට ඇමැතිවරුට හැකියාව ලැබෙන බවයි.ඒ සැලසුම සුමාන දෙක තුනකින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන බවද අග්‍රාමාත්‍යවරයා කීය.

මෙම කමිටු රැස්වීමට දිනේෂ් ගුණවර්ධන, මහින්ද අමරවීර,මහත්වරු ද සමගි ජන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පලනි තිගාම්බරන්,වී.රාධා ක්‍රිෂ්ණන් මහත්වරු ද සහභාගී වූහ.

 



අදහස් (10)

වගා සංග්‍රාමයට සජබ සහ ජවිපෙ එකතු කරගන්න

හාමතේ බලවේගය Thursday, 30 June 2022 10:41 PM

අපේ සහාය දෙන්නේ අපේ රජයක් ආවොත් විතරයි. මිනිසුන් හාමතේ ඉන්නකොට තමයි අපට වාසි...!

:       0       0

Prabha Friday, 01 July 2022 01:45 AM

ඇයි නාමල් කුමාරයාගේ නිල් බලකායට කුමක් වෙලාද? 

:       0       0

Jayani Senadheera Friday, 01 July 2022 05:46 AM

සජබ සහ ජවිපෙ ඉස්සරහින් දක්වන ගමන් ඔබතුමාට තමයි වියගහ අල්ලගෙන මඩේ යන්න වෙන්නේ... කොහොම හරි රටට කෑම ලැබෙන්න ත්‍රිවිධ රත්නත්‍රයෙන්, දෙවිපිහිටෙන් අදහස සාර්ථක වේවායි පතමි...!

:       0       0

සනත් අපුර Friday, 01 July 2022 07:34 AM

රනිල් කියන්නත් කලින් ඒ සඳහා ADK වැඩ පටන් ගත්තා නොච්චියා ගමින්..., නමුත් ඔබතුමාගේ පක්ෂය කටින් බතල කොළ හිටුවන එක විතරයි කරන්නේ..!

:       0       0

M M Friday, 01 July 2022 08:31 AM

මොවුන් එක්ක මොන වගා සංග්‍රාමද? මොවුන් පන්නලා ඉන්න ඕනේ පළමුව...

:       0       0

විජේ Friday, 01 July 2022 08:38 AM

ගසාකන්නන්ගේ වවන් කෑම....!

:       0       0

Bamunuarachchi Friday, 01 July 2022 10:36 AM

කළදුටුකල වල ඉහගන්න ඉන්න ජෙප්පන්ට මොන වගා සංග්‍රාමද? ජෙප්පන් බලාගෙන ඉන්නේ වගාකර කන්න නොවෙයි තිබෙන දෙයත් උලාගෙන කන්න. බලාගෙන ඉන්නවා බන්දෙසියක තියලා රට බාරදෙනතුරු මාස හයෙන් රට ගොඩගන්න. ඒ ගොල්ලන් ගණන් හදන්නේ අපායේ මාස වලින්...

:       0       0

kamal Friday, 01 July 2022 10:51 AM

සංග්‍රාමය...? එකියන්නේ යුද්ධයක් නේ. කාව රකින්නද යුද්ධකරන්න කියන්නේ ...?

:       0       0

sharm warn Friday, 01 July 2022 04:42 PM

අමුතුවෙන් එකතු කරගන්න දෙයක් නැහැ. ඔහෙලා මෙතන බොරු කියන්නයි, සෝබන වලටයිකාලෙ කනකොට ජවිපයෙන් සමූහ ගොවිපළවල් පටන් අරගෙන...

:       0       0

BamunuarachchiSunday, 03 July 2022 10:57 AM

ජෙප්පෝ ඒ ගොවිපලවල් කරන්නේ රසායනික පොහොරවලින්ද? කාබනික පොහොර වලින්ද? රටේ සත්ව ආහාර නැහැ කියන ජෙප්පන් සත්ව ගොවිපලවල් කරන්නේ සහෝදර ජනතාවට ගෙනා පුන්නක්කු දීලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31339 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13559 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11007 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 954 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site