IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 20 ක දැව ගෙන ගිය ලී මෝල් හිමියකු ඇතුළු තිදෙනෙකු අල්ලයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

රුපියල් ලක්‍ෂ 20 ක් පමණ වටිනා දැව තොගයක් ත‍්‍රිකුණාමලයට රැගෙන යමින් සිටි ලී මෝල් හිමියකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් සමත්වූහ.

රජයේ කැලෑවලින් දැව කපා ‘අත්‍යවශ්‍ය සේවා’ පුවරුව සවිකළ ලොරි රථ යොදාගෙන දැව ජාවාරමක් කරන බවට කුරුණෑගල අඩවි වන නිලධාරී ජයන්ත විමලසිරි මහතාට ලැබුණු තොරතුරකට අනුව කුරුණෑගල දඹුල්ල මාර්ගයේ කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

කුරුණෑගල දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතාගේ උපදෙස් මත සැකකරුවන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී රජයේ කැලෑවලින් බලපත‍්‍ර නොමැතිව කැපු දැව විවිධ ප‍්‍රදේශවලට ප‍්‍රවාහනය කිරීම දීර්ඝ කාලයක් තිස්සේ කර ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.

‘අත්‍යවශ්‍ය සේවා’ පුවරුව සවිකළ ලොරි රථ පොලිසිය හෝ වෙනත් රජයේ නිලධාරීන් පරීක්‍ෂාවට ලක් නොකීරීමෙන් නීතීවිරෝධී දැව ප‍්‍රවාහනය කිරීමට දැව ජාවාරම්කරුවන් මෙලෙස කටයුතු යොදා ඇත.

 



අදහස් (1)

ලක්ෂ 20 ක දැව ගෙන ගිය ලී මෝල් හිමියකු ඇතුළු තිදෙනෙකු අල්ලයි

sharm warn Monday, 17 February 2020 04:07 AM

ගස් ටික කපන්න කලින් අල්ල ගන්න බැරි වුනාද ? වන සංරක්ෂණ නිලධාරීන් ගොඩක් වෙලාවට කලේ අස්සයෝ ටික පැනල ගියාට පස්සේ ඉස්තාල වහන එක. මේ රටේ ගහකොළ ගැන කතා කරන්න සටන් කරන්න ඉන්නේ ගෑහැනියෙක් විතරද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site