(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැස්බෑව - පිටකොටුව බස් රථයක ගමන් ගත් සුරූපි කාන්තාවකට ඇය අසල ගමන් ගත් පුද්ගලයකු ඔහුගේ රහස් පෙදෙස පෙන්වද්දී එය ජංගම දුරකථනයෙන් හොර රහසේ පටිගත කර පොලිසියට අල්ලාදීමට සුරූපී කාන්තාවක් කටයුතු කළ බව කොහුවල පොලිසිය කියයි.
ඇය තම ජංගම දුරකථනයේ සටහන් එම දර්ශන ද පොලීසියට බාර දීමට කටයුතු කළාය.
බොරැල්ල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක සේවය කරන 49 හැවිරිදි එම කාන්තාව කැස්බෑව පිටකොටුව දක්වා ගමන් ගත් බසයකදී මෙම අතවරයට ලක් වී තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
එම කාන්තාව අසල අසුන් ගෙන ඇති අතර සැකකාර පුද්ගලයා අනෙක් මගීන්ට නොපෙනෙන පරිදි රහස් පෙදෙස පෙන්වා ඇති අතර කිසිදු කලබලයක් නොපෙන් වූ එම කාන්තාව සැකකරුට හොර රහසේ සිය ජංගම දුරකථනයෙන් එම පුද්ගලයාගේ හැසිරීම පටිගත කර ඇතැයි පොලිසිය කියයි
බස් රථය බොරලස්ගමුව නගරයේ මාර්ග සංඥා පසු කරනවාත් සමගම සැකකරුගේ පහත් ක්‍රියාව සම්බන්ධයෙන් බස් කොන්දොස්තරවරයා දැනුම්වත් කිරීමට කර සැකකරු පොලිසිට අල්ලා දීමට කටයුතු කළාය.
COMMENTS
බුද්ධිමත් කාන්තාවක්...
මම 120 බස් මගියෙක් නෙමෙයි. නමුත් තියන කතාවලට අනුව මේ 120 මේ වැඩේට චිර ප්‍රසිද්ධයි..! (කැස්බෑවා නෙව පහුගිය කාලේ චොර වැඩවලටම නම ගියා නොවැ) හැබැයි මේ වියමනේ "සුරූපී " කියන විශේෂණ පදය නම් යොදලා තියනවා හොඳටම වැඩියි..!!! මොනවා වුණත් ඇය දිරිය කතක් අපේ උත්තමාචාරය...!!
උදේ පාන්දර පත්තරය කියවන්න පටන් ගත්තා විතරයි. සේරම ඉවරයි...
ඔය පින්තූර ටික මට එවන්න පුළුවන්ද අක්කේ?
එවැනි මානසික ව්‍යාධිවලින් පෙළෙනවුන්ට කළයුතු බුද්ධිමත් ක්‍රියාවක්...
අවුරුදු 05කට විතර අංගොඩ මානසික රෝහලට ඇතුල් කෙරුවා නම්.., මේ කාන්තාවන්ට නිදහසේ නිදහස් ලංකාවේ ජීවත් වෙන්න ලැබෙයි නේද?
සමහර රටවල් වල නම්, අල්ලගෙන ගිහින් දඬුවම් කරනවා. නැවත කාන්තාවක් දිහා හැරිලවත් බලන්නේ නැතිවන විදිහට...