
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නිලධාරි කණඩායමක් විසින් බහුදින යාත්‍රාවකින් නිතී විරෝධි ලෙස මෙරටට ගෙන එමින් තිබු බිඩි කොල තොගයක් සමග සැකකරුවන් පස් දෙනෙක් අද (07) අත් අඩංගුවට ගෙන ඇතැයි වරාය පොලිසිය පවසයි.
බිඩි කොල කිලෝ 30 බැගින්වු බෑග් 180ක් පමණ මෙම බහුදින යාත්‍රාවේ තිබි සොයාගෙන ඇත.
මෙම බහුදින යාත්‍රාව කුඩාවැල්ල ධිවර වරායෙන් ධිවරයින් පස් දෙනෙකු සමග මුහුදු ගොස් ඇති අතර ඉන්දිය මුහුදු සිමාවේදි මෙම බිඩි කොල තොගය ලබාගෙන ආපසු යාත්‍රා කරමින් සිටියදි දෙවිනුවර ආසන්න මුහුදේදි නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ගාල්ල ධිවර වරාය වෙත ගෙනැවිත් ඇත.
සැකකරුවන් සහ බිඩි කොල තොගය රේගුවට බාර දිමට නියමිතව තිබින.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd