(නිමන්ති රණසිංහ)
සීනි ආනයනයේදී පනවා තිබූ බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා අඩුකර ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 1600කට ආසන්න බදු මුදලක් අහිමි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එන්. ඉලංගසිංහ මහතා ඉදිරියේ අද (08) කරුණු වාර්තා කර ඇත.
වර්ෂ 2020 ඔක්තෝම්බර් මස 13 දින මධ්‍යම රාත්‍රියේ සිට සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 50ක විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද ශත 25ක් දක්වා අවප්‍රමාණය කිරීමෙන් ශ්‍රී ලංකා රජයට ලැබිය යුතු බදු ආදායම මෙසේ අහිමි වී ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
COMMENTS
මෙිකෙ තීරණය දැනට ලියලා ඇති. අර නිමල් සිරිපාල ඇමැති තායිසී කොම්පැණියෙන් ඩොලර් ඉල්ලුවේ නැහැ කියලා වගේ
රටේ අරගල සිදුවිය යුත්තේ දේශපාලනයට මුවාවී සිදුකරන මෙවැනි වංචා නැවැත්වීමටයි...!
කෝටි ගණන් හොරකම් කරනවා... ඒවා හොයන්නත් ඒ වගේම රජයෙන් වියදම් කරනවා. දරුවන් දීමක් හෝ එම මුදල් අයකර ගැනීමක් පේන්න නෑ. ඔය මහබැංකු හොරකම සොයන්න කොයිතරම් වියදම් කළාට කාටද වරදක් වැටුණේ? අන්තිමට හොරු නිදහස්...
ජපන්නු හොරුවුනා සිරිපාල ගොඩ ගියා මේකත් එහෙම වේවි
අපි දන්නේ නැති, ඒ අය පමණක් දන්න පරීක්ෂණ හා තීන්දු...
මෙතැන තියන ලස්සනම වැඩේ කියන්නේ රුපියල් 110ට පමණ තිබුණ සීනි කිලෝව බඩු කලාට පස්සේ කිලෝවක මිල ක්‍රමයෙන් වැඩිවී දැන් සීනි කිලෝවක් රුපියල් 339ක් පමණ වෙනවා.
එහෙනම් ගෝටාභය ආවොත් අත්අඩංගුවට ගනීවි නේද?
බොරු වැඩ කරනවා