
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඔබතුමාට පාර්ලිමේන්තුවට එන්න පක්ෂය දුන්න එක් කෙනාට රතු පාස්පෝට් එකක් දෙන එක ප්‍රශ්නයක් නෙමෙයි නේදැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අමතමින් පැවසීය.
විදෙස් පුරවැසි මන්ත්‍රීවරියකට රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ආගමන විගමන පාලක ඉවත් කොට අලුත් ආගමන විගමන පාලකවරයෙක් පත් කර ඇතැයි මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:-
ආගමන විගමන පාලකයෙක් ගැන එතුමා කිව්වා .මොකක්ද ඔබතුමාට තිබෙන ප්‍රශ්නය.
ඔබතුමාට පාර්ලිමේන්තුවට එන්න පක්ෂය දුන්න එක්කෙනාට රතු පාස්පෝට් එකක් දෙන එක ප්‍රශ්නයක් නෙමෙයිනේ.
COMMENTS
මිස්ටර් බීන් දෙවැනි කොටස... රනිල් නිකන් පාර්ලිමේන්තුවේ විහිළු සපයන්නේ නැතිව තොලොංචිවෙලා ගියොත් හොඳයි.
ඕනෑම වැරැද්දක් තමන්ගේ වාසියට හරි කියන්න පුළුවන්. කිසිම ලැජ්ජාවක් නැහැ.
කරුණාකර වරදට අනුබල දෙන්නට එපා. විදෙස් රටක පුරවැසියෙකුට මේ රටේ පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඉන්න බැහැ. වහාම ඇයව එළියට ඇදලා දාන්න. නැතිනම්, ඒ ටික ඉදිරියේදී අධිකරණය හරහා සිදුවේවි...!
ගුණධර්ම, ප්‍රතිපත්ති ගැන අහන්න ඕනේ බෞද්ධයින්ගෙන් මිස අහවලුන්ගෙන් නොවෙයි. ඔවුන්ට වැදු අම්මා තාත්තාවත් ලොකු නැත. සිංහල අපිට ඔවුන් වාතෙකට වටින්නේ නැත...
කිසිම හිරිකිතයක් නැතිව තමන්ගේ වාසියට වරද වහන්න හදන හැටි...
නායකයෝ ආදර්ශවත් නොවේ නම් රටක් හැදෙයිද? අධිකරණයෙන් නියම තීන්දුව ලැබෙයි...
සජබයට කණ්ඩායම පාර්ලිමේන්තු එව්වේ ජනතාව ඡන්දෙ දීලා ඩයනා නෙවෙයි...
වැරැද්දක් නම් නෑ... මේක මේ අයගේ පවුලේ බූදලයක් වුණා නම්... එහෙම නොවී තියෙද්දී මේක වැරැද්දක්... ජනාධිපති කියන්නේ රටේ බාරකාරයා මිස අයිතිකාරයා නොවේ. මෙයාට රට බාර දුන්නේ ජනතාවත් නොවෙයි. ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ඇවිත් අද ප්‍රබල ජනතා විරෝධයකට මුහුණ දීලා ඉන්න පොහොට්ටුවේ 135 දෙනෙක්ගේ කැමැත්තෙන් පමණයි මොහු ජනාධිපති වුණේ.. නීත්‍යානුකූලව එය හරි ඇති. ඒත් පාර්ලිමේන්තු ඡන්දයෙනුත් ප්‍රතික්ෂේප වුණු පුද්ගලයෙක් කොහොමද ජනාධිපති වුණේ..? එය සදාචාරාත්මක නෑ. ජනතා කැමැත්තකුත් නෑ. ඒ නිසානේ අද කරන සියලුම දේවල් පොදු ජනතාවගේ අප්‍රසාදයට ලක්වෙන්නේ...
තක්කඩි වැඩකරලා යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන එක දැන් පුරුද්දක් කරගෙන, මේ වගේ කෙනෙක්ව තවත් මහපුටුවේ තියාගෙන ඉන්න පුළුවන්ද?
සිංගප්පූරු පුරවැසියෙක් දාලා මහ බැංකුව බිඳපු එකත් අවුලක් නෑනේ සර්...!
කෙතරම් වගකීමක් නැති කතාවක්ද. මෙවන් මිනිහෙක් ජනාධිපති වෙලා ඉන්න රට ක් කොය්බටද?
මූව උල තියන්න ඕනේ
අනිත් සේරම දේවල් පැත්තකින් තිබ්බත්, මහලුකුවට ප්‍රජාතන්ත්‍රවාදී රකින්න ආවයි කියපු අටවන පින.