
(ඉන්දිකා රාමනායක)
කඩවත කුප්පියාවත්ත ප්‍රදේශයේ දී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස්ප කණ්ඩායමකට පිරිසක් බාධා කිරීමත් සමඟම අහසට වෙඩි තබා සිද්ධිය පාලනය කළ උප පොලිස් පරීක්ෂක වරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසීය.
මෙම සිද්ධිය උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිස අහසට වෙඩි තබා පාලනය කළ ද , වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් නොකිරීම නිසා මෙම පියවර ගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
කුප්පියාවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහරදී තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඉකුත් (21) රාත්‍රියේ මෙම උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් සැකකරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ සැකකරු ගේ ඥාතීන් පොලිසියට පොලීසියට බාධා කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
එහිදී උප පොලිස් පරීක්ෂකවරයා අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කර සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන විත් තිබිණි.
මෙම සිද්ධියේදී උප පොලිස් පරීක්ෂකවරයා නියමිත ලෙස සිය රාජකාරිය ඉටු කළ ද ,අහසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම විනය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය .
COMMENTS
අහසට වෙඩි තැබීම කියන්නේ එකක්.. ආයුධ පෙන්වන්න එක්ක ගිහින් පොළවට වෙඩි තියනවා කියන්නේ තවත් එකක්.. පොළවට වෙඩි තිබ්බාට කමක් නෑ.. අහසට තියනවා එහෙම නෙවෙයි...
එම නිළධාරියා කරලා තියෙන්නේ නිවැරදිම දේ නෙ. ඉතින් ඒකටත් විනය පරීක්ෂණ කරන්න ගියහම කොහොමද පොලිසිය රාජකාරි කරන්නෙ.
මෙවන් අවස්ථාවක තත්ත්වය පාලනය කිරීම පිනිස පොලිස් නිලධාරියෙකුට අහසට වෙඩි තැබීම කළ නොහැකි ද ? පොලිස් මූලස්ථානය අමතා අනුමැතිය ලැබෙනතුරු සිටිය හොත් යම් හානියක් පවා විය හැකි බැවින් නිලධාරියෙකුට මෙවන් තීරණය ගැනීමට අවස්ථාව විය යුතු නොවේද. ?
අහසට හරි තියලා තත්වය පාලනය කරපු එකට ඒ නිලධාරියාට උසස් වීමක් දෙන්නයි තියෙන්නේ.
ඉතින් එහෙම තමයි කරන්න ඕනෑ. රාජ්‍ය නිලධාරීන් චන්ඩින්ගෙ අනට යටත් වීම රාජ්‍යයට අගෞරවයක්
කිසිවෙකුට හානි නොවන ලෙස ක්‍රියාකල නිලදාරියාට විනය ක්‍රියාමාර්ග. අවි පෙන්වන්න එක්ක ගිහින් මිනිමරන අයට උසස්වීම්. මෙයින් අපට දෙන පනිවිඩ්ය කුමක්ද? මේ නිලදාරිය කාගෙවත් පදයට නටන කෙනෙක් නොවන බව නොවේද? ඒක එහෙම නොවෙන්නත් පුලුවන්.
අපූරු නීති නොවැ. සැකකරු අත් අඩංගුවට ගන්න ගියාම අවම බබලය පාවිච්චි කරන්න පුලුවන්ලු වරද ආයුධ පෙන්නන්න ගෙන නොගිය එකද.
හදිසි අවස්ථාවකදී පොලිසියට අහසටවත් වෙඩිතියන්න බැරිද. එස් අයි මහත්මය හරිනෙ. මිනි මරන්නෙ නැතිව අත්අඩංගුවට ගත්තනෙ.
ලොකු පුටුවල ඉඳගෙන සුළු නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න කියන නිලධාරීන් මේවන් සිද්ධි වලට මුහුණ දීලා නැතුව ඇති.
ඇත්ත සිද්දිය යටගහලා. අහසේ හිටපු කාකෙක්ට වෙඩිපහර වැදිලා කාක්කා මැරිලා බිම වැටුනු නිසා ඝාතනයක් කරපු චෝදනාවට ඔහුව අත්අඩංගුවට අරන්.
පොලිස් පරීක්ෂකතුමා මීට පසු පොලිසියට පැමිණ මම දැන් අහසට වෙඩි තියනවා කියලා පොතේ සටහන් කරගන්න. අහසට වෙඩි තියා දාමරිකයින් මට්ටු කරන්න. හිතෙන්නැද්ද පොලිසිය දාලා යන්න. මම නම් මගේ බල්ලෙක් වත් පොලිස් බල්ලෙක් කරන්නේ නැත.