(නාලක සංජීව දහනායක)
විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපතිවරණයට තරග කරන ලෙසට කළ ඉල්ලීම අනුව පසුගිය අපේ‍්‍රල් මාසයේදී තම ද්විත්ව පුරවැසි භාවයෙන් ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (30) පැවැසීය.
ඒ අනුව තමා ශ්‍රී ලාංකික පුරවැසියකු බවත් ඒ බව පිළිගනිමින් වත්මන් රජය යටතේ නීත්‍යානුකූලව නව විදෙස් ගමන් බලපත‍්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් මේ වනවිට තමන්ට නිකුත්කර තිබෙන බවත් ඔහු කීය.
එහිදී ඔහු මෙසේද පැවැසීය.
‘‘වත්මන් විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාට තෙවන වරටත් ජනාධිපතිධූරයට තරග කිරීමට ඇති අවස්ථාව අහිමි කිරීමේ අරමුණින් වත්මන් රජය විසින් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවා.
ඒ වගේම ද්විත්ව පුරවැසි බව තියෙන අයටත් ජනාධිපතිධූරයට ඉදිරිපත් කිරීම වළැක්වීමට හා වයස අවුරුදු 35ට අඩු අයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම වැනි කරුණු එම සංශෝධනයට ඇතුළත් වුණා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවෙම අපේ පවුල ඉලක්ක කරගෙනයි. මේ වගේ සංශෝධනයක් ලෝකයේ කිසිම රටක නැහැ.
මෙම තත්ත්වය මත විපක්‍ෂනායකතුමාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැරි නිසා මට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියල ඔහු මට කිව්වා.
ඒ අනුව පසුගිය අප්‍රේල් මාසයේදී මගේ ද්විත්ව පුරවැසි භාවයෙන් ඇමරිකානු පුරවැසි බව ඉවත් කරගන්න මම කටයුතු කළා.
දැන් මම මෙරට පුරවැසියෙක්. ඒ අනුව ඉල්ලූම් කළ ආකාරයටම නව විදෙස් ගමන් බලපත‍්‍රයක් හා නව ජාතික හැඳුනුම්පතක් මට වත්මන් රජය යටතේ නිකුත් කර තිබෙනවා යැයිද ඔහු කීය.
කොළඹ,නවනගර ශාලාවේ අද (30) පැවැති දේශ විමුක්ති ජනතා පක්‍ෂයේ විශේෂ මහ සමුළුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ රට මේ තියෙන ව්‍යවසනයෙන් බේරාදෙන්න මැතිඳුනි...!!! රට දැන් කැඳ හැලියක් වෙලා..
මෙතෙක් ඔහු විසින් තවමත් ඔහුගේ ඇමරිකානු පුරවැසි භාවය ආපසු දුන් ලිපිය කිසිවෙකුට පෙන්වා නැත. තිබෙනවා නම් පෙන්වන්නේ නැත්තේ මොකද?
වැඩක් වෙන්නේ නැහැනේ... ඇමරිකාවට හිතවත්ව වැඩ කරන්න ඔබතුමාට සිද්දවෙනවනේ... එහෙම නැති වුනොත් පව්ලේ කට්ටිය බලන්න ඇමරිකාවට යන්න බැරිවෙනවනේ..
බල්ලෝ බිරුවට කඳු කඩාගෙන වැටෙන්නේ නැහැ. ඒ වගේම තමයි සිංහයෙක් නසන්න හිවල්ලුන්ට බෑ.. නඩු පවරන් උන් යහපාලන ජෝකර්ලා වෙලා බයට දැන්මම සුළුදිය පිටවෙන්න් පටන් අරන්... පෙරේදා ජම්පර් අන්දනවා කියපු කෙනාට අද වරෙන්තු...
ඕක අගේ කර කර ඉන්නේ නැතිව කලින්ම කිව්වා නම් ඔය නඩු වැටෙන්නේ නැහැනේ.
ඕක කලින් කිව්වා නම් ඉවරයිනේ. මම මේ කල්පනා කරන්නේ ඔබතුමාගේ බිරිඳ සහ දරුවන් තවම ශ්‍රී ලාංකිකද නැතිනම් ඇමෙරිකානුද කියලයි. කවුදෝ කියල තිබ්බ " බිරිඳයි දරුවොයි ඇමෙරිකානු හරකබාන නම් මේ රටේම තමයි" කියලා.
ඔබතුමා ඇමෙරිකානු පුරවැසිකම ඉවත්කළ බවට ඇමෙරිකානු රජය විසින් නිකුත් කළ සහතිකය ජනතාවට ඉදිරිපත් කරන්න..! ඔබතුමා එය තවම ඉදිරිපත් නොකර තිබීම අපිටද මහත් ගැටලුවකි ! ගෝඨාභය මහතා ඔබ පවසන ආකාරයට නිසියාකාරව ඇමෙරිකන් පුරවැසිභාවය ඉවත් කර ඇත්නම් ඔහුට ශ්‍රී ලංකාවේ ජනාධිපති වීමට ඇති අයිතියට අපි ගරුකරමු..! නමුත් එය එසේ නොවන්නේ නම් එය ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට මහත් සේ බලපානු ඇත! එමනිසා ගෝඨාභය මහතා ඔහුගේ ඇමෙරිකානු පුරවැසිකම සම්පූර්ණයෙන්ම ඉවත් කළ බවට සහතිකය ශ්‍රී ලංකා ජනතාව ඉදිරියේ පෙන්විය යුතුමයි...! එසේ නොමැතිව ඇමෙරිකානු නීතියට යටත් කෙනකු ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස පත් කළහොත් භයානක ප්‍රතිඵල සියලුම ශ්‍රී ලාංකිකයින්ට විඳීමට සිදුවනු ඇත..!
ලෙඩ වුණාම බෙහෙත් ගන්නේ සිංගප්පූරුවෙන්, පවුලේ අය ඉන්නේ ඇමෙරිකාවේ, එහෙව් මිනිස්සු තමන්ගේ රට ගැන දැන් කැක්කුමක් ඇතිවෙලා කතා කරන එක ගැන පුදුමයි. පුළුවන් නම් ලෙඩ වුනාම කොළඹ ජාතික රෝහලෙන් බෙහෙත් අරන් පෙන්නන්න කියන්න. අපේ රටේ සුව ඇමති බෙහෙත් ගන්නෙත් සිංගප්පූරුවෙන්... අපේ රටේ දේශපාලන වහල්ලු ඉන්න තාක්කල් මේ අය දිනයි. හැබැයි මේක වෙනස් කරන්නත් බැරි නැහැ. මොලේ තියෙන අය එකතු වුනොත්...
ඔය කියන්නේ අයියා තරගයට ඉදිරිපත් වුණා නම් ඇප නැතුව යනවා කියලද?
හැබැයි ඉතින් පැරදුනොත් නම් ගන්දබ්භ ස්වරුපෙන් තමයි ඉන්න වෙන්නේ.
ඔය කියන ඒවා නම් සතපහකට විස්වාස කරන්න එපා. තාම ලියකියවිලි පෙන්නලා නැහැනේ. ලංකාවේ හොර පාස්පෝට් ඕනේ තරම් ගන්න පුළුවන්නේ.
----මේ වගේ සංශෝධනයක් ලෝකයේ කිසිම රටක නැහැ - - - ලෝකය ගැන ඳන්න තරම! ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්නත් බෑ
මංගලගේ සමාජ මාධ්‍ය හා අන්තර්ජාල මඩ රැල ආයෙත් වැඩට බැහැලා තියෙනවා. 2014 අවසාන මාස කිහිපයේදී ඔවුන්ගේ හැසිරීම දැන් නැවතත් කරලියට ඇවිත් ප්‍රතිවාදී අපේක්ෂකයින් ඉලක්ක කරගෙන දුෂ්‍යමාන වැරදි මත පතුරවාවී. බුද්ධිමත් ජනතාවෙනි, සිහියෙන් ඉන්න.
තවත් බොරු කියන්නේ ඇයි? ඕවට තමයි කලකම් පලදෙනවා කියන්නේ. අයියා ඉන්න කාලේ ද්විත්ව පුරවැසිකම් දෙන්න කිව්වම ඒකට වැඩපිළිවෙලක් හදනවා කියලා හොරට හදන් තමුන්ගේ යාලුවන්ටයි ඒපවුල්වල අයටයි සල්ලි අරන් හොරට හදලා දුන්න. අපිට ඉන්න උනා මේ ආණ්ඩුව එනකල් ද්විත්ව පුරවැසිකම ගන්න. මම සතුටුයි මෙයාට මෙහෙම උන එකට. හරිනම් මහින්ද ද්විත්ව පුරවැසිකම තහනම් කරාට පස්සේ 2015 ආණ්ඩුව වෙනස්වුන අතර කාලය තුල දුන්න හැම ද්විත්ව පුරවැසිකමක්ම රජයට මුදල් ගෙවා නියම විදියට සුදුසුකම් ඇතිව අරන් තිබේදැයි පරීක්ෂණයක් කළ යුතුයි.
පසුගියදා විමල් වීරවංශගේ පක්ෂේ මහා සමුළුව තිබ්බා. ඊලඟට සමසමාජ පක්ෂේ මහා සමුළුව තිබ්බා. අද දේශ විමුක්ති ජනතා පක්‍ෂයේ විශේෂ මහ සමුළුව තිබෙනවා. හැම මහා සමුළුවකම ඉදිරිපෙළ වාඩි වෙලා ඉන්නේ එකම කට්ටිය. මොකද්ද මේකේ තේරුම?
මොහු කාටද මේ කොළ කඩා පාන්නේ ?
මේ ගොල්ලෝ ඇත්ත කියලා කියන්නේ බොරුවට......බොරුව කියන්නේ ඇත්තට......
පක්ෂ වලට ගැති කුහක අදහස් තියන මිනිස්සු ලංකාවෙ ඉන්නෙ. ඒ මනුස්සයා ඉපදුනෙ ලංකාවේ පසුකාලිනව ඇමරිකාවෙන් පුරවැසිකම ගත්ත මේ පලවෙනියා නෙමෙයි. ලංකාවෙ සිටිය යුතු උගතුන්ගෙන් බාගයක් වෙන රටවල පුරවැසියො. ආරක්ෂක ලේකම් කියන එක අපේ මිනිස්සුන්ට දැන්නුවෙ මෙයා. දැන් ඉන්න ආරක්ෂක ලෙකම්ගේ නම කවුරුවත් දන්නවද. නැ දන්නැ. මොකද ඒ අය රටට වැඩක් කරන්නැ. පුද්ගලික වැඩ විතරයි. ගොඨාබය මහතා රටට වැඩක් කල කෙලින් තීරණ ගන්න සෘජු අදහස් තියන වැදගත් පුද්ගලයෙක්. එතුමා ජනාධිපති උනාම මොකක්ද තියන වරද. මොකද රට ඇමරිකාවට විකුනනවද ඕල්කට් තුමා මොන රටෙද කව්රුත් බනිනවද. එහෙමනම් රටට සේවයක් වෙනවනම් වැටිල තියන ආගාදයෙන් ගොඩ ගන්න දැක්මක් තියනවනම් කවුරු හරි කමක්නැ. එයාට ගරු කරන්න.
බලන්නකෝ මුළු පවුලම බලය ගන්න පොරකන විදිහ, මල්ලි ජනපති අපේක්ෂක, අනෙක් එක්කෙනා අගමැති අපේක්ෂක, ලොකු එක්කෙනා කතානායක, ලොකු පුත්‍ර රත්නය විදේශ ඇමති, මද්දුම ආරක්ෂක ඇමති
කෝ සහතිකේ ?
කට ඇරපු ගමන් බොරුව. බිරිඳ, ළමයි වෙන රටක ඉද්දී මෙහෙ ඇවිත් බලය ගන්න දඟලන්නේ අපි වෙනුවෙන් කියල හිතන්න තරම් අපි වහල්ලු නෙමෙයි. අනිත් එක ඊයේ පෙරේදා වෙනකම් පිටරැටියෙක් වෙලා ඉඳලා ජනපති වෙන්න ලාංකික වෙන අය හොඳනම් බැරක් ඔබාමාට එන්න කියමු. ඔහු මේ පල් හොරුන්ට වැඩිය ගොඩක් හොඳ වෙයි.