
(අංජුල මහික වීරරත්න)
සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් සැකසීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පක්ෂ කිහිපයක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවල දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු කණ්ඩායම, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් තමිල් මක්කල් තේසීය කුට්ටනි පක්ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ මන්ත්‍රීවරු මෙම සාකච්ඡා සඳහා එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැක්කම කියන්න තියෙන්න අද රටේ ඇතිවෙලා තියෙන මෙම භයානක තත්වයට ප්‍රධානම හේතුව මේ සට්ටැඹියන්ගෙ ක්‍රියාකලාපය , ඉතින් මේ කම්බ හොරු ටිකත් එක්ක මේ රට වැටිල තියෙන අගාධයෙන් ගොඩගන්න කථාකරන එක අමුම අමු විහිලුවක් නේද.
සියල්ලෝ එකතුවෙලා බෙදාගන්න සහ බෙදාදෙන තනතුරු ගැනත් කතාකරන්න ඇති... සමාජවාදය, ධනවාදය, පැසිස්ට් වාදය, කොමියුනිස්ට්වාදය, බෙදුම්වාදය එකතු කරලා මෙදාපාර ලංකාව ලෝක සිතියමෙනුත් අයින් කරයි වගේ පේන්නේ.
ඉල්ලීම් නොමැතිව දෙවන සහයෝගය බාර ගන්න. බොරදියේ මාළු බාන්න සුදානම් වෙනවානම් පන්නා දමන්න.
ඉවරයි. දැන් ඉතින් අපේ බයියන්ගේ ප්‍රතිචාරය මොකක්ද කියලා බලමු.
ඔය මොනවා කෙරුවත් වැඩක් නැහැ.. හේතුව යා යුත්තා රනිල් වික්‍රමසිංහ...!
ඔය හැම දෙයකටම “ ජනවරමක් “ අනිවාර්යයි ! නැත්තම් නැවතත් ගහලා එලවලා කඩල බිඳලා ගිනි තියලා දාන්න සිද්ද වෙයි !!!