(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ජයන්ත ජයවර්ධන)
මාතර නගරයේ උපකාරක පන්තියකට සහභාගී වීම සදහා එන අතරතුර දී මාතර සාන්ත තෝමස් කුමර විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙකුට පිහියකින් ඇණ ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ පාසල් සිසුන් තිදෙනා ලබන 10 වැනිදා තෙක් තව දුරටත් රිමාන්ඩ් බාරයේ ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණී කේ.විතාරණ මහත්මිය අද (03) නියෝග කළාය.
ඔවුන්ගෙන් ප්‍රධාන සැකකරු හැර අනෙක් සිසුන් දෙදෙනා හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කළ අතර සාක්ෂිකරුවන් තිදෙනාම එම සැකකරුවන් දෙදෙනා හදුනා ගැනීමට සමත් විය.
ඝාතනයට ලක් වු සිසුවාගේ මිතුරන් දෙදෙනෙකු හා තවත් සිද්ධිය ඇසින් දුටුවෙකු එසේ සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වී තිබුණි.
මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මියගේ උපදෙස් මත වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ ෂර්ලි ජයවීර මහතා ඉදිරියේ දී එම හදුනා ගැනීමේ පෙරෙට්ටුව පවත්වන ලදි.
ඉන් අනතුරුව නඩුව කැඳවු අවස්ථාවේ දී ඔවුන් තව දුරටත් රිමාන්ඩ් භාරයට පත් කල අතර සැකකරුවන් නිසා බන්ධනාගාරයේ වෙනමම ආරක්ෂිත ස්ථානයක රඳවා තබන ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මාතර ඇලවේල්ල පාරේ පිහිටි ජීව විද්‍යාව උපකාරක පන්තියකට සහභාගී වීමට යන අතරතුරදී තිහගොඩ නායිම්බල පදිංචිව සිටි රසිදු ගිම්හාන (19) සිසුවාට පිහියකින් ඇණ ඝාතනය කර තිබුණේ ඉකුත් 24 වැනිදාය.
ඉන් අනතුරුව 16 හැවිරිදි ප්‍රධාන සැකකරු නීතිඥයෙකු මගින් අධිකරණයට භාර වු අතර අනෙක් සැකකරුවන් දෙදෙනා පොලීසිය සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කර තිබුණි.
2025 නොවැම්බර් මස 21
174
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
241
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1115
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මාතර සිසු ඝාතනයේ සැකකාර සිසුහු 10 තෙක් යළි රිමාන්ඩ්
dias Monday, 03 December 2018 10:32 AM
මේ කාලකන්නි පොඩි කාලේ ඉඳලම පිහි හරඹ කරන හැටි රටේ පාර්ලිමේන්තුවෙන් ඉගෙන ගෙන...
dias Monday, 03 December 2018 10:32 AM
මේ කාලකන්නි පොඩි කාලේ ඉඳලම පිහිහරඹ කරන හැටි රටේ පාර්ලිමේන්තුවෙන් ඉගෙන ගෙන...
චමින්ද Tuesday, 04 December 2018 12:59 AM
මට නම් හිතෙන්නෙම මෙවැනි මිනීමරුවන් වෙනුවෙන් කථා කිරීමටත් කවුරු හෝ ඉදිරිපත් වෙන තත්වය මෙවැනි කටයුතු වර්ධනයට බලපානවා කියල
Bandula. Tuesday, 04 December 2018 03:54 AM
පොඩි කාලේම මෙතරම් දරුණු නම් ලොකු වෙද්දී කොහොම වේවිද.